ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA), සහ Lanka Pay එකතු වී සිදුකරන සහයෝගිතා ව්‍යාපෘතියක් වන GovPay, ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වන ජාතික ගෙවීම් වේදිකාවකි.
ආරක්‍ෂිතව, කාර්යක්ෂමව සහ බාධාවකින් තොරව ගෙවීම් සිදුකිරීම සලසමින් රාජ්‍ය ආයතනයන් හි විධිමත් කිරීමේ අරමුණින් මෙම යෙදවුම සැලසුම් කර ඇත. ආරම්භයේ දී මෙම ව්‍යාපෘතිය ප්‍රධාන රාජ්‍ය ආයතන 16ක් සමඟ ඒකාබද්ධ කර තිබෙන අතර, ඒ තුළින් ගනුදෙනු වඩාත් පහසු වෙයි.
මෙම උපායමාර්ගික සහයෝගීතාවය ඔස්සේ පුද්ගලික සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව, වඩාත් පහසුවෙන් මූල්‍ය සේවා වෙත ප්‍රවේශවීමේ හැකියාව වැඩිදියුණු කර සිය ඩිජිටල් බැංකුකරණ පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීම මහජන බැංකුවේ අරමුණයි. GovPay සහ People’s Pay Digital Wallet යෙදවුම් ඒකාබද්ධ කිරීම ඔස්සේ ගනුදෙනුකරුවන්ට විවිධ රාජ්‍ය සේවාවන් සඳහා වේගවත්ව, ආරක්ෂිතව සහ බාධාවකින් තොරව ගෙවීම් සිදුකිරීමේ අවස්ථාව උදා වී ඇත.
මෙම මුලපිරීමත් සමඟ දැන් ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට තම ගනුදෙනු සිදුකළ හැකි අතර, ඒ තුළින් බැංකු ශාඛා වෙත නොගොස් එසැණින් ගනුදෙනු සිදුකිරීමේ අවස්ථාව හිමිවේ.
ශ්‍රී ලංකාව තුළ මුදල් රහිත ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලේ එක් අංගයක් ලෙස People’s Pay Digital Wallet යෙදවුම හඳූන්වා දී ඇති අතර, ඒ තුළින් ඩිජිටල් ගනුදෙනුකරුවන්ට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බැංකුකරණ පහසුකම් පිරිනැමේ. පහසු, නව්‍ය විශේෂාංග රැසක් සමඟින් නිර්මාණය කර ඇති මෙම යෙදවුම තුළින් සිය මූල්‍ය කටයුතු පහසුවෙන් කළමනාකරණය කරගත හැක.
People’s Pay Digital Wallet යෙදවුම ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම පරිශීලනය කළ හැකිය.
මහජන බැංකුවේ සහ මහජන බැංකුවේ නොවන ගනුදෙනුකරුවන්ට මෙම යෙදවුම භාවිත කළ හැකි අතර, ඒ තුළින් බැංකු කටයුතු සිදුකළ හැකිවේ.
මේ ඔස්සේ තම මහජන බැංකු ගිණුම් සහ ක්‍රෙඩිට් කාඩ් විස්තර පිරික්සීමේ හැකියාවද ලැබෙන අතර, ඕනෑම බැංකුවකට මුදල් හුවමාරු කිරීමේ පහසුකම සහ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ගෙවීම් කිරීමේ පහසුකම සැලසේ.
මීට අමතරව මෙම යෙදවුමින් ජංගම දුරකතන රීලෝඩ් කිරීමේ පහසුකම්, බිල්පත් ගෙවීම් සහ QR ගනුදෙනු සිදුකිරීමේ අවස්ථාව හිමිව ඇත. එමෙන්ම නවීන ඩිජිටල් තාක්ෂණයට අනුව People’s Pay ඔස්සේ බැංකු ශාඛාවකට හෝ සේවා මධ්‍යස්ථානයකට නොගොස් වීඩියෝ ඇමතුම් හරහා ගිණුමක් විවෘත කිරීමේ පහසුකම සලසා ඇත.
එමෙන්ම මේ යෙදවුම තුළින් මාර්ගගත ක්‍රමයට CRIB වාර්තා ලබාගැනීමේ පහසුකමද හිමිවේ. මෙහි ඇති Face ID සහ Touch ID පිවිසුම් වැනි විශේෂාංග නිසා ආරක්ෂාවද සහතික වන අතර, Google Play Store, Apple App Store සහ Huawei AppGallery වෙතින් People’s Pay Digital Wallet යෙදවුම බාගත කරගත හැක.
ශ්‍රී ලංකේය බැංකු ක්‍ෂේත්‍රයේ නිම් වළලු පුළුල් කරමින් මහජන බැංකුව 2015 වසරේදී ඩිජිටල් බැංකුකරණයට පිවිසි අතර, මේ වන විට මෙරට ඩිජිටල්කරණයේ බැංකුකරණයේ ප්‍රමුඛයා වේ.
නිරන්තරයෙන්ම නවෝත්පාදනය සහ උපායමාර්ගික හවුල්කාරිත්වයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන මහජන බැංකුව, දිවයින පුරා සිටින තම ගනුදෙනුකරුවන් සඳහා ප්‍රවේශ්‍යතාව, පහසුව සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.
තවද, මහජන බැංකුව ISO/IEC 27001:2022 සහතිකය හිමිකරගෙන ඇති අතර, එය හිමිකර ගත් මෙරට ප්‍රථම රාජ්‍ය බැංකුව ද වේ. ඒ තුළින් ගනුදෙනුකාර දත්ත සුරක්ෂිත කිරීම සහ නියාමන අවශ්‍යතාවලට අනුකූල වීම සඳහා වන බැංකුවේ කැපවීම පිළිබිඹු කරයි.
මේ වන විට මහජන බැංකුවේ ඩිජිටල් ගනුදෙනුකරුවන් පිරිස මිලියන තුනකට අධිකය.
| aruna