The Leader News
BREAKING
Top Ad
Biz

කපිල ආරියරත්න SDB බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

T

The Leader Desk

October 22, 2024 • 7:53 AM

කපිල ආරියරත්න SDB බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්ෂක ධුරයන් සඳහා ප්‍රවීණ බැංකුකරුවෙක් වන කපිල ආරියරත්න පත් කර ඇති බව SDB බැංකුව නිවේදනය කර සිටී.
  •   එමෙන්ම මොහු සිය වෘත්තීය දිවිය තුළ බැංකු ක්ෂේත්‍රයේ විවිධ නායකත්ව තනතුරු හොබවමින් ක්ෂේත්‍රයට සිය සේවය නොමඳව ලබා දී ඇත.
  • කපිල ආරියරත්න SDB බැංකුවේ විධායක අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී ධුරයන්ට පත් වීම සම්බන්ධයෙන් සිය සතුට පළ කරමින් SDB බැංකුවේ සභාපතිනී දිනිති රත්නායක මෙසේ පැවසුවාය.
  • ආරියරත්න මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ, විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකත්වය ඇතුළුව ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වය අඛණ්ඩවම වර්ධනය කරමින් ශ්‍රී ලාංකික ආර්ථික සංවර්ධනයේ පෙරගමන්කරුවෙක් වීමට SDB බැංකුව කැපවී සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිටින අත්දැකීම්  බහුල, කීර්තිමත්ම වෘත්තීයවේදියෙක් වන කපිල ආරියරත්න ගේ නායකත්වය යටතේ SDB බැංකුව මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වශයෙන් නව්‍යකරණය සහ අඛණ්ඩ වර්ධනය හරහා අත්පත් කරගත් සිය සාර්ථකත්වය අඛණ්ඩවම ඉදිරියට ගෙන යනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය සහ සමූපකාර ක්ෂේත්‍රයන්හි ශක්තිමත් පදනමක් හිමි SDB බැංකුව වර්තමානයේදී සිය පාරිභෝගිකයින් හට තාක්ෂණය මුල් කරගත් නව්‍යකරණ විසඳුම් සැපයීමේ ක්‍රමෝපායක් සමඟින් දිවයින පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැංකුවකි.

 

SDB බැංකුව වර්තමානයේදී සිය පාරිභෝගිකයින් හට තාක්ෂණය මුල් කරගත් නව්‍යකරණ විසඳුම් සැපයීමේ ක්‍රමෝපායක් සමඟින් දිවයින පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැංකුවකි

පරිවර්තනීය වෙනසක් ගෙන ඒමට ඇති හැකියාව සම්බන්ධයෙන් නම් දැරූ වෘත්තිකයෙක් වන ආරියරත්න, දශකයකට අධික කාලයක් මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක් නිලධාරී වශයෙන් කටයුතු කරමින් එම බැංකුව ඉතා තීරණාත්මක කඩඉම් තුළින් සාර්ථකව මෙහෙයවමින් දියුණුව කරා ගෙන ගිය කෙනෙකි.

සමාගම් බැංකුකරණය (Corporate Banking) සහ ආයතනික බැංකුකරණය (Corporate Banking), වාණිජ බැංකුකරණය (Commercial Banking), සංවර්ධන ණය (Development Credit) වැනි අංශයන්හි ආරියරත්න මහතා සතු විශේෂඥ දැනුම නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, මහජන බැංකුව, ABN Amro බැංකුව, Arab National Bank බැංකුව (සවුදි අරාබිය) සහ Mashreq බැංකුව වැනි දේශීය සහ විදේශීය බැංකු ගණනාවක විවිධ තනතුරු හොබවමින් දශක ගණනාවක් පුරා ලබා ඇති අත්දැකීම් සම්භාරය පිළිබිඹු කරන්නකි.  


එමෙන්ම මොහු සිය වෘත්තීය දිවිය තුළ බැංකු ක්ෂේත්‍රයේ විවිධ නායකත්ව තනතුරු හොබවමින් ක්ෂේත්‍රයට සිය සේවය නොමඳව ලබා දී ඇත.

 

CentralBank largeවසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා මහබැංකුවේ වැදගත් කමිටුවල සාමාජිකත්වය දරමින් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහ පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් ඉටු කළ මෙහෙය

ඒ අතරින් ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපති ධූරය (2022) සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාලක මණ්ඩල සභික ධූරය (2011 වසරේ සිට 2023 දක්වා) දරමින් ඔහු විසින් ඉටු කළ සේවය මෙන්ම, වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා මහබැංකුවේ වැදගත් කමිටුවල සාමාජිකත්වය දරමින් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහ පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් ඉටු කළ මෙහෙයද, බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් ශ්‍රී ලංකා සේව්‍ය සම්මේලනයේ කවුන්සිල සාමාජිකයෙක් වශයෙන් ඉටු කළ මෙහෙයද කැපී පෙනේ.

කපිල ආරියරත්න SDB බැංකුවේ විධායක අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී ධුරයන්ට පත් වීම සම්බන්ධයෙන් සිය සතුට පළ කරමින් SDB බැංකුවේ සභාපතිනී දිනිති රත්නායක මෙසේ පැවසුවාය.

 

SDB ENSDB බැංකුවේ සභාපතිනී දිනිති රත්නායක

“SDB බැංකුව සමූපකාර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයන්හි දියුණුව ඉලක්ක කරගත් සංවර්ධන බැංකුවක් වශයෙන් ආරම්භ වී වර්තමානය වන විට ඉතා පුළුල් පාරිභෝගිකයින් පරාසයකට සේවය සළසන දැවැන්ත මූල්‍ය ආයතනයක් බවට පත්ව තිබෙනවා. ආරියරත්න මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ, විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකත්වය ඇතුළුව ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වය අඛණ්ඩවම වර්ධනය කරමින් ශ්‍රී ලාංකික ආර්ථික සංවර්ධනයේ පෙරගමන්කරුවෙක් වීමට SDB බැංකුව කැපවී සිටිනවා. ඔහුගේ අත්දැකීම් බහුල ප්‍රවීණත්වය සහ ක්‍රමෝපායික බුද්ධිය මේ ගමනේදී අපට විශාල සවියක් වනු ඇති.”


ශ්‍රී ලාංකික ජනතාව බැංකු මූල්‍යකරණය තුළට අන්තර්ග්‍රහණය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන SDB බැංකුව ඩිජිටල් බැංකුකරණ විසඳුම් හරහා එම අභියෝගය ජයගැනීමට කටයුතු කරමින් සිටින අතර තිරසාර මූල්‍ය විසඳුම් හරහා ව්‍යවසායකයින්, සමූපකාර ව්‍යාපාරය සහ ශ්‍රී ලාංකික ජනතාව සවිබල ගැන්වීම සඳහා SDB බැංකුව විසින් ගෙනයන මෙහෙයුමට ආරියරත්න ගේ නායකත්වය යටතේ පැහැදිලි අනාගතයක් හිමි බව කළමනාකාරීත්වය විශ්වාස කරයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...