ඒ අනුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් (SGH) සමාගමේ, විදුලි සංදේශ සහ ජාල යටිතල පහසුකම් සැපයුම් ක්ෂේත්‍රය වෙනුවෙන් වූ පූර්ණ අනුබද්ධිත උප සමාගම වන SGH TowerCo සමාගම වෙත නිල වශයෙන් විදුලි සංදේශ යටිතල පහසුකම් සේවා බලපත්‍රයක් පිරිනමා ඇත.
ශ්‍රී ලංකාවේ මෙතෙක් පුද්ගලික සන්නිවේදන සැපයුම්කාරක සමාගම් අතර පමණක් ක්‍රියාත්මක වූ මෙම යටිතල පහසුකම් මෙහෙයවීමේ ක්‍රියාවලිය වෙනුවට, වඩාත් පාරදෘශ්‍ය ක්‍රියාවලියක් යටතේ මෙම ඉඩකඩ විවෘත වෙළෙඳපොල වෙත විවෘත කර එහි පළමු බලපත්‍රය පසුගිය සතියේ EDOTCO වෙත නිකුත් කරන ලදි.
එහි දෙවන බලපත්‍රය හා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) ක්‍රියා කළේය. ඒ, පළමු වරට දේශීය සමාගමක් වෙත පළමු වරට මෙම බලපත්‍රයක් පිරිනැමීමට කටයුතු කර SGH TowerCo මෙම බලපත්‍රය ලබා ගත් පළමු ශ්‍රී ලාංකික සමාගම බවට නම් කිරීමයි.

ශ්‍රී ලංකාවට ගෝලීය වටිනාකම් ගෙන ඒම
ඩිජිටල් යටිතල පහසුකම් ආයෝජනයේ ගෝලීය ප්‍රමුඛයන් හා සමගාමීව, SGH TowerCo නවෝත්පාදනය, තිරසාරභාවය සහ නව්‍ය තාක්ෂණය හා මෙහෙයුම් ප්‍රවණතා මෙන්ම ඉංජිනේරු දැනුම් පද්ධතීන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට SGH TowerCo අපේක්ෂා කරයි.
නාගරික-ග්‍රාමීය බෙදීම් , සන්නිවේදන පරස්පරයන් හා අවිධිමත් පහසුකම් බෙදීයාම් සඳහා තිත තියමින්, සමස්ත ජනතාවට එක හා සමාන සන්නිවේදන අත්දැකීමක් හිමි කරදීමටත්, ඒ ඔස්සේ සියළුම ගම් නගර ඒකමිතික තලයකට ගෙන ඒම සඳහා සියලු දෙනාටම ප්‍රශස්ත තාක්ෂණික භාවිතාවකට සහ 5G යුගයට සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාව සූදානම් බව සහතික කරන ඊළඟ පරම්පරාවේ සම්බන්ධතා යටිතල පහසුකම් ගොඩනැගීමට SGH TowerCo සමාගම කැපවී සිටින බව එම සමගම විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය බලගැන්වීම
SGH TowerCo හි මෙහෙවර වන්නේ මධ්‍යස්ථ-සත්කාරක සැපයුම්කරුවෙකු ලෙස ක්‍රියා කිරීම, ක්‍රියාකරුවන් අතර යටිතල පහසුකම් බෙදා ගැනීමට හැකියාව ලබා දීම, ඌණ සන්නිවේදන තාක්ෂණික දෝෂ අවම කොට සහ තාක්ෂණික කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමයි.
ගෝලීය වශයෙන් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් එහි ප්‍රමිතිය ඔප්පු කර ඇති මෙම ආකෘතිය - සමස්ත ශ්‍රී ලංකාවටම ශක්තිමත්, අනාගතයට පෙර සූදානම් විදුලි සංදේශ කුළුණු හා ඒ ආශ්‍රිත ප්‍රමිතිගත නවීනතම විදුලි සංදේශන සේවාවකට යටිතල පහසුකම්, මෙම මෙහෙයුම ඔස්සේ ලැබෙන බව සහතික කරන අතරම සේවා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට ටෙලිකොම් ක්‍රියාකරුවන්ට නිදහස ලබා දෙයි.
අති නවීන අන්තර්ජාතික තාක්ෂණයන් සහ ගෝලීය හවුල්කාරිත්වයන් උපයෝගී කර ගනිමින්, මේ වන විටත් සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමූහය සතු ශක්තිමත් අන්තර් ජාතික ව්‍යවසාය සබඳතා ඔස්සේ ශ්‍රී ලංකාවට ලබාගත හැකි උපරිම ප්‍රතිලාභ ලබා ගනිමින්, මෙරට තරුණ ප්‍රජාව දැනුමින් සන්නද්ධ කරමින්, අභිමානවත් දේශීය ව්‍යවසායකත්වයට වැඩි වටිනාකමක් ලබා දෙමින්, SGH TowerCo කාර්යබහුල නගරවල සිට අඩු සේවා ලත් ග්‍රාමීය ප්‍රජාවන් දක්වා ජාල ආවරණය පුළුල් කරනු ඇත.
2028 වන විට විදුලි සංදේශ සේවා හා දත්ත ජංගම බෙදාහැරීමේ ප්‍රවණතාව හා දත්ත ඉල්ලුම සිව් ගුණයකින් වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සඳහා කොඳුනාරටිය වන් අඛණ්ඩ ප්‍රමිතිගත සේවා සම්පාදනයකට SGH TowerCo සමාගම සූදානමින් සිටී. මෙහි ආර්ථික විභතාව 2023 දී ඇමරිකානු ඩොලර් බිලියන 2.3 සිට 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15 දක්වා වර්ධනය වනු ඇතැයි සමීක්ෂණ දත්ත වාර තා අනුව පුරෝකථනය කර ඇත.
SGH TowerCo වැනි ස්වාධීන, විදුලි සංදේශ සහ ජාල යටිතල පහසුකම් සැපයුම් කුළුණු ඉදිකිරීම් සමාගම් මෙම වර්ධනය වේගවත් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඔවුන්ගේ පැවැත්ම පෝෂණය කරයි:
* විදුලි සංදේශ සහ බෙදුම් සේවා ජාල යටිතල පහසුකම් හරහා විදුලි සංදේශ ජාල වේගවත් කිරීම.
* විදුලි සංදේශ ක්‍රියාකරුවන් සඳහා අඩු පිරිවැය, නවෝත්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ඉඩ සැලසීම.
* ග්‍රාමීය ප්‍රදේශ ඇතුළුව සියලුම ප්‍රදේශ ආවරණිත වැඩිදියුණු කළ විදුලි සංදේශ ජාල සේවා ගුණාත්මකභාවය සහ නව්‍ය තාක්ෂණික ප්‍රවේශ පුළුල් කිරීම.
* ගෝලීය සම්මත අන්තර් ජාතික ප්‍රමිතිගත, යටිතල පහසුකම් විසඳුම් සමඟ ශක්තිමත් විදේශීය සහ දේශීය ආයෝජන මෙරටට ගෙන එමින් විදෙස් විනිමය උත්පාදනය ප්‍රවර්ධනය
සන්නිවේදන පහසුකම් ප්‍රතිපත්ති ධනාත්මක වෙනසකට ලක් කිරීමේ සංධිස්ථානයක් හා සහ SGH TowerCo හි දැක්ම හඳුනා ගැනීම
මෙම බලපත් පිරිනැමීමේ ක්‍රියාවලිය මෙම ක්ෂේත්‍රයේ සුවිශේෂි සංධිස්ථානයක් සනිටුහන් කරයි. වසර 28 කට පසු ශ්‍රී ලංකාව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පනතට කළ පළමු සංශෝධනය හරහා නව රජයේ හා ජනාධිපති හා ඩිජිටල් කටයුතු අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් නව රජය සමඟ එක්ව මෙහෙයවන ලද ඓතිහාසික ප්‍රතිසංස්කරණය ක් ලෙසින් මෙය ශ්‍රී ලංකාව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍රබල වෙනසකට ලක් කරනු ඇත
මෙම සංශෝධනය මඟින් ඊළඟ අපේ රටේ වර්ධන යුගය මෙහෙයවීම සඳහා හැකියාවන් සහ දැක්මකින් සමන්විත ස්වාධීන විදුලි සංදේශ සහ ජාල යටිතල පහසුකම් සැපයුම් කුළුණු ඉදිකිරීම් සමාගම් සඳහා අංශය විවෘත වූ අතර මේ රටේ ප්‍රබල තාක්ෂණික හැරවුම් ලක්ෂයක් ලෙසින් මෙම ප්‍රතිපත්තිය අගය කළ යුතුය. SGH TowerCo ලද ජාතික වගකීම ඉටු කිරීමට කැප වේ.
SGH TowerCo මෙම මෙම බලපත්‍රය සලකනු ලබන්නේ ජාතික වගකීමක් වෙනුවෙන් ලත් අවසරයක් ලෙසිනි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම, ඇතුළත් සන්නිවේදන හා විදුලි සංදේශ තාක්ෂණික සබඳතාවන් පුළුල් කිරීම සහ පුරවැසියන් සහ ව්‍යාපාර යන දෙයංශයම වේගයෙන් සංවර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක් තුළ සමෘද්ධිමත් කිරීමටත් , බල ගැන්වීමටත්, ලස්සන පොහොසත් රටක් නිර් මාණය කිරීමටත් බල ගැන්වීම SGH TowerCo කැප වේ.
SGH TowerCo ගැන
SGH TowerCo යනු ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන, විවිධාංගීකරණ ව්‍යවසාය ක්ෂේත්‍රය ඔස්සේ, ප්‍රබලතම විදෙස් වාණිජ සබඳතා හිමි මෙරට සමූහ ව්‍යාපාරයක් වන සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් හි විදුලි සංදේශ සහ තාක්ෂණික යටිතල පහසුකම් සැපයුම් සේවා අනුබද්ධිත ආයතනයයි.
මාධ්‍ය සම්බන්ධතා:
pr@supreme.lk
ආයතනික සන්නිවේදන අංශය
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් – SGH TowerCo




