The Leader News
BREAKING
Top Ad
Biz

සමුද්‍ර කර්මාන්තයේ ආයෝජනය සඳහා SH ගෙන් ජාත්‍යන්තරයට ආරාධනා...

T

The Leader Desk

October 16, 2025 • 1:45 PM

සමුද්‍ර කර්මාන්තයේ ආයෝජනය සඳහා SH ගෙන් ජාත්‍යන්තරයට ආරාධනා...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති (SH) සමුද්‍ර කර්මාන්තයේ ආයෝජනය සඳහා ජාත්‍යන්තරයට
  • ජාත්‍යන්තර ව්‍යවසායකයින්ට ඔහු එම ආරධනය කර සිටියේ, ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවතාවයන් අනාවරණය කෙරෙන 'VOYAGE SRI LANKA 2025' සමුද්‍රීය සමුළුවට සහභාගී වෙමිනි.
  • "ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවතාවය අනාවරණය කිරීම" යන තේමාව යටතේ නීල ආර්ථිකය සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය සහ ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස එහි විභවයන් ඉස්මතු කිරීම මෙම සමුළුවේ අරමුණ විය.
  • "VOYAGE SRI LANKA 2025" සමුද්‍රීය සමුළුවට එක්වෙමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සඳහන් කළේ භූගෝලීය ලෙස ශ්‍රී ලංකාවේ පිහිටීම සමුද්‍ර කර්මාන්තයට වාසිදායක බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආරාධනා කර සිටියි. ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශය සියළුම පහසුකම් සම්පාදනය කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

ජාත්‍යන්තර ව්‍යවසායකයින්ට ඔහු එම ආරධනය කර සිටියේ, ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවතාවයන් අනාවරණය කෙරෙන 'VOYAGE SRI LANKA 2025' සමුද්‍රීය සමුළුවට සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් දෙවන වරට පවත්වනු ලබන සමුද්‍රීය සමුළුව "VOYAGE SRI LANKA 2025", කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති ගේ සහභාගිත්වයෙන් 2025 ඔක්තෝබර් 16 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණ.

"ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවතාවය අනාවරණය කිරීම" යන තේමාව යටතේ නීල ආර්ථිකය සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය සහ ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස එහි විභවයන් ඉස්මතු කිරීම මෙම සමුළුවේ අරමුණ විය.


"VOYAGE SRI LANKA 2025" සමුද්‍රීය සමුළුවට එක්වෙමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සඳහන් කළේ භූගෝලීය ලෙස ශ්‍රී ලංකාවේ පිහිටීම සමුද්‍ර කර්මාන්තයට වාසිදායක බවයි. ඒ සඳහා යටිතල පහසුකම් සංවර්ධනයේදී වැදගත් කාර්යයක් ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. සමුද්‍ර කර්මාන්තයෙන් ජාත්‍යන්තරය ජයග්‍රහණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට අමාත්‍යාංශය කටයුතු කරන බව ද ඔහු පැවසීය. 


ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී පැවසුවේ, නවෝත්පාදනය, මානව ප්‍රාග්ධන සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් ගෝලීය තරඟකාරීත්වයෙන් යුත් සමුද්‍රීය හා අක්වෙරළ සේවා අංශයක් පෝෂණය කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය කැපවී සිටින බවයි.

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු තිරසාර සමුද්‍රීය ආයෝජන සහ ආර්ථික පරිවර්තනය හරහා ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය විවෘත කිරීම පිළිබඳව ප්‍රධාන දේශනය පැවැත්වීය.

ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ තකාෆුමි කඩොනෝ ශ්‍රී ලංකාවේ නීල ආර්ථික පරිවර්තනයේදී ආසියානු සංවර්ධන බැංකුවේ උපායමාර්ගික හවුල්කාරිත්වය සහ උගත් පාඩම් සහ අනාගත ආයෝජන අවස්ථා පිළිබඳව දේශනයක් පැවැත්වීය.

වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, අනෙකුත් ආයතන ප්‍රධානීන්, කර්මාන්ත ප්‍රමුඛයින්, හවුල්කරුවන් සහ ශ්‍රී ලංකාවේ සහ විදේශීය නියෝජිතයන් විශාල පිරිසක් සමුළුවට එක්ව සිටියහ.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කර්මාන්ත මණ්ඩලය, Colombo Dockyard,GAC Group  Sri Lanka යන ආයතනවල නියෝජිතයින් සමුළුවට එක්ව සිටියහ.

ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඇතුළු ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන සහකරුවන් මෙන්ම මොරටුව විශ්වවිද්‍යාලය සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය විශේෂඥයින් සහ දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින් රැසක් මෙම උත්සවයට සම්පත් දායකයින් ලෙස සහභාගී වූහ.

Lanka Marine Services, Seylan Bank PLC, Lanka IOC PLC, Hayleys Advantis Limited, ශ්‍රී ලංකා සමුද්‍රීය කර්මාන්ත මණ්ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙම සමුළුවට අනුග්‍රාහකයින් ලෙස සහාය දැක්වීය.

(සටහන | කසුන් ගමගේ)

cfgyrdeyt6e

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමුද්‍ර කර්මාන්තයේ ආයෝජනය සඳහා SH ගෙන් ජාත්‍යන්තරයට ආරාධනා... | The Leader