The Leader News
BREAKING
Top Ad
Biz

ජාතික තනි කවුළු (Single Window) සේවාවක්

T

The Leader Desk

January 7, 2025 • 5:17 PM

ජාතික තනි කවුළු (Single Window) සේවාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එතෙර මෙතෙර වෙළෙඳාමේ නියුතු සියලු දෙනාට රජයේ ආයතන වල අනුමැතීන් ලබා ගැනීම ඇතුලු සියලු සේවා ජාතික තනි කවුළු
  • මෙය එතෙර මෙතෙර වෙළෙඳාම කාර්යක්ෂම වීමට සෘජුවම බලපාන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම ප්‍රකාශ කළේය.
  •  අපනයනකරුවන් සහ ආනයනකරුවන් සඳහා අවශ්‍ය සේවා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් මාර්ගගත ආකාරයෙන් ලබාදෙන බව එහි දී දැනුවත් කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

(Single Window) සේවාවක් ලෙස ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

මෙය එතෙර මෙතෙර වෙළෙඳාම කාර්යක්ෂම වීමට සෘජුවම බලපාන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම ප්‍රකාශ කළේය.

ආනයන සහ අපනයන දේශීය අපනයනකරුවන් සඳහා සහ දේශීය කර්මාන්තවලට‍ අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනකරුවන් වෙත අවශ්‍ය සේවා සම්බන්ධයෙන් කාර්යක්ෂම ආකාරයෙන් පහසුකම් සැලසීම සහතික කිරීම පිණිස, රජය විසින් ජාතික තනි කවුළු (Single Window) පහසුකමෙහි වැදගත්කම හඳුනාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති කටයුතුවල ප්‍රගතිය අදාළ පාර්ශව සමඟ හුවමාරු කරගැනීම සඳහා මෑතක දී පවත්වන ලද රැස්වීමේ දී, ජනවාරි 01 වැනි දින සිට අවශ්‍ය සේවා මාර්ගගතව සැපයීම ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා කීය.

 අපනයනකරුවන් සහ ආනයනකරුවන් සඳහා අවශ්‍ය සේවා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් මාර්ගගත ආකාරයෙන් ලබාදෙන බව එහි දී දැනුවත් කෙරිණි.


විවිධ මට්ටම්වල කාර්ය සාධනය සමඟින් තවත් ආයතන කිහිපයක් සේවා සැපයුම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පහසුකම් සැලසීම දැනටමත් ආරම්භ කර තිබේ. මේ වනවිට මෙම ජාතික තනි කවුළු ව්‍යාපෘතිය සමඟ දැනට සම්බන්ධ වී සිටින වාණිජ මණ්ඩල පහක්, එනම් ලංකා වාණිජ මණ්ඩලය, ජාතික වාණිජ මණ්ඩලය, අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය, වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය  සහ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් මෙම පහසුකම් සැලසීම අගය කරන ලදී.


තෝරාගත් රජයේ ආයතන කිහිපයක් සිය සේවා ඩිජිටල් ආකාරවලින් සැපයීම ඔස්සේ  රාජ්‍ය ආයතනවලට අපනයන හෝ ආනයනකරුවන් පැමිණීමකින් තොරව සිය අනුකූලතාවය සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලීමේ අවස්ථාවක් අපනයනකරුවන් සහ ආනයනකරුවන් වෙත ලබා දීමට මේ තුළින් අරමුණු කෙරේ.

මාර්ගගත ආකාරයෙන් සිය සේවා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අදාළ ආයතන විසින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන්  නියෝජ්‍ය අමාත්‍යතුමා සහ රැස්වීම සඳහා සහභාගී වූ පිරිස සාකච්ඡා කරන ලද අතර, ජාතික තනි කවුළු පද්ධතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන තෙක් ප්‍රමුඛතාවය ලබා දී  ක්‍රියාත්මක කළ යුතු කරුණු සම්බන්ධයෙන් වාණිජ මණ්ඩල පහේ අදහස් සහ නිරීක්ෂණ ඉල්ලා සිටින ලදී.

නිෂ්පාදන ආර්ථිකයක් සඳහා පහසුකම් සැලසීම සහ අපනයන කාර්යයන් ඉහළ මට්ටමකට ගෙන යෑම මෙන්ම නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් සම්බන්ධයෙන් සැලකූ විට එම පිරිසට කාර්යක්ෂම ලෙස ආනයන කටයුතු සහතික කිරීමේ අරමුණින් යුතුව අදාළ පාර්ශවකරුවන් විසින් මෙහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් සහ අවබෝධයක් ලබාගන්නා තුරු සහ අදාළ ආයතන විසින් අපේක්ෂිත ප්‍රගතිය අත්පත් කරගන්නා තුරු මෙම ව්‍යාපෘතියේ කටයුතු සමඟ අඛණ්ඩව සම්බන්ධ වන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා, වාණිජ මණ්ඩල පහේ නියෝජිතවරුන් වෙත ආරාධනා කරන ලදී.

5154fr| මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම, වාණිජ මණ්ඩල පහේහි නියෝජිතයින් සමග සාකච්ඡාවෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටී අයුරුයි

(සටහන | ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...