The Leader News
BREAKING
Top Ad
Biz

SriLankan: රෝල්ස් රොයිස් සමාගමට රුපියල් මිලියන 11,800ක් ගෙවීමට සිදුවුණේ ඇයි?

T

The Leader Desk

January 28, 2025 • 5:49 AM

SriLankan: රෝල්ස් රොයිස් සමාගමට රුපියල් මිලියන 11,800ක් ගෙවීමට සිදුවුණේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සමාගම පාඩු ලබන රාජ්‍ය ආයතන අතර ඉහළින් ඇති ආයතනයක් බව කාලාන්තරයක් පුරාවට කතාබහට ලක්වන කරුණකි.
  • ගුවන් ගමන් ප්‍රමාදය, දිගින් දිගට ම පාඩු ලැබීම ආදී චෝදනා රැසක් පැවතිය ද, ශ්‍රීලන්කන් ගුවන් සේවය 2020 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර සම්මාන රැසක් හිමි කරගෙන ඇති බව එම සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.
  • ඒ අතරින් සම්මාන 9ක් 2024 වසරේදී හිමි කර ගෙන ඇති බව එම වෙබ් අඩවියේ සඳහන් වේ.
  • එලෙස සම්මානවලට හිමිකම් කියන ශ්‍රීලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති 2023/2024 වසර සඳහා වන මූල්‍ය ප්‍රකාශන වාර්තාවේ දක්වා ඇති විශේෂ කරුණු මොනවා දැයි බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමකි, මේ.
අකුරු ප්‍රමාණය (Font Size):


පාඩු ලබන බවට දිගින් දිගට ම චෝදනා එල්ල වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගම පෞද්ගලිකරණය කිරීමට පසුගිය රජය සමයේදී ගන්නා ලද තීන්දුව වෙනස් කිරීමට වත්මන් ආණ්ඩුව තීරණය කළේ ඉකුත් දෙසැම්බර් මාසයේදී ය.

ගුවන් ගමන් ප්‍රමාදය, දිගින් දිගට ම පාඩු ලැබීම ආදී චෝදනා රැසක් පැවතිය ද, ශ්‍රීලන්කන් ගුවන් සේවය 2020 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර සම්මාන රැසක් හිමි කරගෙන ඇති බව එම සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.


ශ්‍රීලන්කන් ගුවන් සේවය ලබා ඇති සම්මාන

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවියට අනුව 2020 වසරේ සිට 2024 දක්වා වූ සිව් වසරක කාලය තුළදී එම සමාගම සම්මාන 29කින් පිදුම් ලබා තිබේ.

ඒ අතරින් සම්මාන 9ක් 2024 වසරේදී හිමි කර ගෙන ඇති බව එම වෙබ් අඩවියේ සඳහන් වේ.

එලෙස සම්මානවලට හිමිකම් කියන ශ්‍රීලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති 2023/2024 වසර සඳහා වන මූල්‍ය ප්‍රකාශන වාර්තාවේ දක්වා ඇති විශේෂ කරුණු මොනවා දැයි බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමකි, මේ.

ගුවන් සමාගම ලබා ඇති ලාභය

රජයේ විගණකාධිපති කාර්යාලය විසින් නිකුත් කරනු ලැබ ඇති මූල්‍ය ප්‍රකාශන වාර්තාවට අනුව ශ්‍රීලන්කන් ගුවන් සමාගම 2023/24 වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය අනුව රුපියල් මිලියන 7,925ක ලාභයක් වාර්තා කර ඇති අතර ඊට පෙර වර්ෂයේ වාර්තා වූ පාඩුව රුපියල් මිලියන 71,307ක් විය.

ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රුපියල් මිලියන 79,232ක වර්ධනයක් නිරීක්ෂණය වන බව විගණකාධිපති කාර්යාලය නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වේ.

මෙම වර්ධනයට, ගුවන් පර්යන්තය සහ අනෙකුත් සේවා, තීරුබදු රහිත, උපලේඛනගත නොවන සේවා සහ ගුවන් ආහාර සැපයුම ආදායම් රුපියල් මිලියන 7,801කින් වැඩිවීම සහ ගුවන් යානා ඉන්ධන පිරිවැය, ශුද්ධ මූල්‍ය පිරිවැය සහ විනිමය අලාභය පිළිවෙළින් රුපියල් මිලියන 40,440කින්, රුපියල් මිලියන 78,721කින් සහ රුපියල් මිලියන 26,692කින් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු ලෙස දක්වා තිබේ.

2022/23 වර්ෂයට සාපේක්ෂව 2023/24 වර්ෂයේ මගී, භාණ්ඩ, අතිරික්ත ගමන් මලු, තැපැල් ආදායම සහ අනෙකුත් අදායම් සහ ලාභ පිළිවෙළින් රුපියල් මිලියන 37,680කින් සහ රුපියල් මිලියන 2,272කින් අඩු වී ඇති බව රජයේ විගණකාධිපති වාර්තාවේ පෙන්වා දී තිබේ.

එමෙන් ම, සේවක පිරිවැය, කෙටි කාලීන බදු ගුවන් යානා, අමතර එන්ජින් කුලී, අමතර එන්ජින් කාර්ය මණ්ඩල වියදම් පිළිවෙළින් රුපියල් මිලියන 5,708කින්, රුපියල් මිලියන 10,219කින් සහ රුපියල් මිලියන 2,040 කින් වැඩි වී තිබේ.


ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවියට අනුව 2020 වසරේ සිට 2024 දක්වා වූ සිව් වසරක කාලය තුළදී එම සමාගම සම්මාන 29කින් පිදුම් ලබා තිබේ

ගුවන් ගමන් ප්‍රමාදය

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ 2022/2023 මූල්‍ය වර්ෂය තුළදී පමණක් ගුවන් ගමන් වාර 548ක් ප්‍රමාද වී ඇති බව රජයේ විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

2022 වසරේ අප්‍රේල් මස 01 වන දා සිට 2023 සැප්තැම්බර් 30 වන දා දක්වා කාලය තුළදී මෙම ගුවන් ගමන් ප්‍රමාදයන් වාර්තා වී ඇති අතර, එහිදී පැය 03 සිට පැය 56 දක්වා ප්‍රමාද වීම් වාර්තා වී ඇති බව විගණකාධිපති වාර්තාවේ සඳහන් කර තිබේ.

ගුවන් ගමන් ප්‍රමාදයන් සහ බාධා කිරීම් හේතුවෙන් ගුවන් සමාගම ඇමෙරිකානු ඩොලර් 784,000ක මුළු පිරිවැයක් දරා ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

මෙම ගුවන් ගමන් ප්‍රමාදයන් සඳහා ප්‍රතිස්ථාපන ගුවන් යානා නියමිත වේලාවට ලබා ගැනීමට නොහැකිවීම, සේවා කළ නොහැකි Neo එන්ජින් ගොඩබිම පැවතීම, ගුවන් යානා අමතර කොටස් ලබා ගැනීමට දිගු කාලයක් ගතවීම සහ සමාගමේ මුදල් ප්‍රවාහ තත්ත්වය යන කරුණු ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබූ බව රජයේ විගණකාධිපති වාර්තාවේ සඳහන්ව ඇත.


Rolls-Royce සමාගම වන්දි ඉල්ලූ හේතුව

A350 ගුවන් යානා සඳහා එන්ජින් සම්බන්ධව Rolls-Royce (රෝල්ස් රොයිස්) සමාගම සමග ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් අත්සන් කරන ලද ගිවිසුම කඩකරීම සම්බන්ධයෙන් වන දඩ ගාස්තු සඳහා සමාගම රුපියල් මිලියන 11,837ක ප්‍රතිපාදනයක් සිදුකර තිබුණු බව විගණකාධිපති වාර්තාවේ සඳහන් වී තිබිණි.

ශ්‍රීලන්කන් ගුවන් සේවය A350 ගුවන් යානාවල එන්ජින් නඩත්තු කිරීම සඳහා ( බදු පදනම මත 03ක් සහ ඍජු මිලදී ගැනීම් 04ක්) එම සමාගම 2015 වසරේදී Rolls-Royce (රෝල්ස් රොයිස්) සමාගම සමග ගිවිසුමකට එළැඹී තිබේ.

කෙසේ වුවත්, ශ්‍රීලන්කන් ගුවන් සමාගම මෙම ගුවන් යානා ලබා නොගැනීම නිසා අදාළ ගිවිසුම කඩ වී ඇති අතර, ඒ සඳහා අර්ධ විසඳුමක් ලෙස A330 ගුවන් යානාවල එන්ජින් නඩත්තු කිරීමේ නව ගිවිසුමකට එළැඹ තිබේ.

කොවිඩ් -19 වසංගත කාලයේදී ගුවන් යානා ගොඩබස්වා තිබීම නිසා එන්ජින් දෙකක් බදු දෙන්නා වෙත නැවත ලබා දී ඇති අතර එහිදී එක් එන්ජිමක් නැවත සකස් කිරීමකින් තොරව ලබා දී ඇත.

A-350 ගුවන් යානාවල එන්ජින් නඩත්තු කිරීම සඳහා 2015 වසරේදී Rolls-Royce සමාගම සමග එළැඹුණු ගිවිසුමෙහි, කොන්ත්‍රාත් කඩකිරීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම සැලකිය යුතු මූල්‍ය දඩ මුදලකට මුහුණ දී තිබූ බව රජයේ විගණකාධිපති වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස Rolls-Royce සමාගම ව්‍යාපාර පාඩුව සඳහා වන්දි ඉල්ලීමක් ගොනු කර තිබූ බවත් 2024 ජනවාරි 25 දිනැති අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මගින් මෙම කඩකිරීමේ මූල්‍ය බලපෑම ආවරණය කිරීම සඳහා ප්‍රතිපාදනයක් ස්ථාපනය කිරීම අනුමත කර තිබූ බවත් විගණකාධිපති වාර්තාවේ දැක්වේ.

Rolls-Royce සමාගම සමග ගිවිසුම කඩ කිරීමේ පිරිවැය පිළිබිඹු කරමින් සමාලෝචිත වර්ෂය සඳහා එහි මූල්‍ය ප්‍රකාශනවල පොළී ඇතුළුව රුපියල් මිලියන 11,837.12ක ( ඇමෙරිකානු ඩොලර් මිලියන 33කට සමාන) මුදලක් වාර්තා කර තිබූ බව විගණකාධිපති වාර්තාවේ දක්වා තිබේ.


 2022/2023 වර්ෂය තුළදී පමණක් ගුවන් ගමන් වාර 548ක් ප්‍රමාද වී ඇති බව රජයේ විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වාර්තාවේ දැක්වේ.

මෙතෙක් අය නොවුණු සහ කපා හැර දැමූ මුදල්

2024 මාර්තු 31 දිනට ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙත රුපියල් මිලියන 19,373.5ක් ණය ගැතියන්ගෙන් ලැබිය යුතුව ඇති අතර ඉන් රුපියල් මිලියන 1,410.3ක සැලකිය යුතු මුදලක් වසර 5කට වඩා හිඟව පැවතෙන බව රජයේ විගණකාධිපති වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

එහිදී මිහින් ලංකා ලිමිටඩ් රුපියල් මිලියන 1,012.8ක්, ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් මිලියන 113.6ක්, විදේශ කටයුතු අමාත්‍යාංශය රුපියල් මිලියන 8.7ක් ලෙස ශ්‍රීලන්කන් ගුවන් සමාගමට ගෙවිය යුතුව ඇති බව එම වාර්තාවේ දැක්වේ.

මීට අමතරව, පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සමාගමෙන් ද රුපියල් මිලියන 58ක මුදලක් ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයවිය යුතුව ඇත.

මෙහිදී විදේශ කටයුතු අමාත්‍යාංශය ගෙවිය යුතු රුපියල් මිලියන 09ක් සහ පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවය ගෙවිය යුතු රුපියල් මිලියන 63ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය මත කපා හැර ඇති බව විගණකාධිපති වාර්තාවේ සඳහන්ව තිබේ.


| BBC සිංහල සේවය


සබැඳි ලිපි :

SriLankan ගුවන් සමාගම ගැන ජනපති ගත් තීරණය පිළිබඳව විද්වතුන් කියන්නේ කුමක් ද?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

SriLankan: රෝල්ස් රොයිස් සමාගමට රුපියල් මිලියන 11,800ක් ගෙවීමට සිදුවුණේ ඇයි? | The Leader