The Leader News
BREAKING
Top Ad
Biz

Sun Siyam Pasikudah හෝටලය Travelife Gold සහතිකය දිනාගනියි

T

The Leader Desk

December 26, 2024 • 3:18 PM

Sun Siyam Pasikudah හෝටලය Travelife Gold සහතිකය දිනාගනියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Sun Siyam Pasikudah හෝටලය පසුගියදා Travelife Gold සහතිකය දිනාගැනීමට සමත්විය. මෙය හෝටලයේ පරිසර හිතකාමීබව
  • ″පරිසර හිතකාමී භාවිතාවන්, ප්‍රජා සහභාගීත්වය සහ සංස්කෘතික උරුමය තුළින් සංචාරකයින් වෙත අසමසම අත්දැකීමක් ලබාදෙන අප හෝටලයට Travelife Gold සහතිකය හිමිවීම ඉතාම වැදගත්ජ යග්‍රහණයක්″, යනුවෙන් Sun Siyam Pasikudah සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි ප්‍රකාශ කළේය.
  • සහ ප්‍රජා සවිබලගැන්වීම වෙනුවෙන් Travelife  සංවිධානය මගින් මෙම සම්මානය පිරිනමනු ලැබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

සහ ප්‍රජා සවිබලගැන්වීම වෙනුවෙන් Travelife  සංවිධානය මගින් මෙම සම්මානය පිරිනමනු ලැබිණි.

Travelife  යනු තිරසර සංචාරක කර්මාන්තය වෙනුවෙන් නවෝත්පාදන විසඳුම් ඉදිරිපත්කරන සංචාරක ගමනාන්ත, ව්‍යාපාර සහ සංචාරකයින් වෙනුවෙන් සහාය දක්වන ස්වේච්ඡා සංවිධානයකි. Travelife Gold සහතිකය දිනාගැනීම සඳහා සංචාරක හෝටල් නිකේතනයක් විසින් තිරසර නිර්ණායක 163ක් ළඟාකරගත යුතුය.

අපද්‍රව්‍ය සහ බලශක්ති භාවිතය අවමකිරීම, සමාජ ගැටලුවලට විසඳුම් සැපයීම, සේවක සුබසාධනය, වනජීවී ආරක්ෂණය, දේශීය ප්‍රජාව සහ දේශීය ව්‍යාපාර සවිබලගැන්වීම ආදිය එම නිර්ණායක අතර වේ. මෙම සහතිකය දිනාගැනීම තුළින් Sun Siyam Pasikudah හෝටලය, සංචාරකයින්ට සුඛෝපභෝගී නවාතැන්
පහසුකම් සලසන අතරතුර, පරිසරය සහ සමාජය වෙත ද ධනාත්මක බලපෑමක් කිරීමට තම දායකත්වය ප්‍රකට කරයි.

″පරිසර හිතකාමී භාවිතාවන්, ප්‍රජා සහභාගීත්වය සහ සංස්කෘතික උරුමය තුළින් සංචාරකයින් වෙත අසමසම අත්දැකීමක් ලබාදෙන අප හෝටලයට Travelife Gold සහතිකය හිමිවීම ඉතාම වැදගත්ජ යග්‍රහණයක්″, යනුවෙන් Sun Siyam Pasikudah සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි ප්‍රකාශ කළේය.

″මෙය තිරසර සංචාරණයට, දේශීය ප්‍රජාව සවිබලගැන්වීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට අප සතු කැපවීම තවත් වර්ධනය කරනවා. මේ සමඟ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ පිහිටි අප හෝටල් සමූහය සතු සියලු හෝටල් වෙත Travelife සහතිකකරණය හිමිවීමත් අප ලද විශාල ජයග්‍රහණයක්″, යනුවෙන් Sun Siyam Resorts තිරසර ව්‍යාපෘති කළමනාකරු චමින්ද උපුල් කුමාර පැවසිය.

 ප්‍රතිචක්‍රීයකරණ ප්‍රමුඛතාකරණය, කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය, පරිසර හිතකාමී පිරිසිදුකිරීමේ නිෂ්පාදන භාවිතය, සූර්ය බලශක්ති අලෝකකරණය, LED තාක්ෂණ භාවිතය සහ ජල පරිභෝජන කළමනාකරණය ආදී වැදගත් තිරසර ක්‍රමවේද රැසක් Sun Siyam Pasikudah හි භාවිත කෙරේ.

මෙම ක්‍රියාකාරකම් සහ භාවිතාවන් සඳහා හෝටලයේ නවාතැන් ගන්නා සංචාරකයින් ද සහභාගී කරවා ගැනීම (උදා, හෝටල් කාමර තුළ ප්‍රතිචක්‍රීයකරණ පහසුකම් සැලසීම ආදී) තවත් විශේෂත්වයකි.

Sun Siyam Pasikudah හෝටලය ඇත්තේ, දෙස් විදෙස් සංචාරකයින්ට සුඛෝපභෝගීත්වය සහ තිරසරභාවය මුසුකරගත් සුවිශේෂී අත්දැකීමක් සමීපකරවන, සුන්දර නැගෙනහිර වෙරළතීරයක ය.

| enbsl

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...