The Leader News
BREAKING
Top Ad
Biz

මාස්ටර්කාඩ් ‘Tap for Change’ : සෑම contactless ගනුදෙනුවකින්ම කරාපිටියේ අති නවීන පිළිකා රෝහලට මූල්‍යාධාරයක්

T

The Leader Desk

February 1, 2026 • 3:14 PM

මාස්ටර්කාඩ් ‘Tap for Change’ : සෑම contactless ගනුදෙනුවකින්ම කරාපිටියේ අති නවීන පිළිකා රෝහලට මූල්‍යාධාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘Doing Well by Doing Good’’ තේමාව වෙනුවෙන් කැපවුණු මාස්ටර්කාඩ් විසින් ශ්‍රී ලංකාව තුළ යහපත් වෙනසක් ඇති කිරීම උදෙසා
  • ‘ජීවිතයක් වෙනුවෙන් Tap for Change’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මඟින් එදිනෙදා ගෙවීම් කටයුතු හරහා ජීවිතවලට සවියක් වන්නට අවස්ථාව උදා කර දී ඇත.
  • වැඩිහිටියන්ට සහ ළමා රෝගීන්ට උසස් මට්ටමේ පිළිකා ප්‍රතිකාර ලබා දීම සඳහා කරාපිටියේ ඇඳන් 160කින් සමන්විත මහල් 10ක Trail පිළිකා රෝහල ඉදිකිරීම සඳහා මාස්ටර්කාඩ් ඩොලර් 750,000කට අධික මුදලක් පරිත්‍යාග කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ.
  • අති නවීන තාක්ෂණය භාවිතයෙන් රෝග විනිශ්චය, ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක්, ශල්‍යාගාර සහ අංග සම්පූර්ණ අඛණ්ඩ සත්කාරවලින් සමන්විත මෙම රෝහල, ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාර සඳහා ඉදිවන සුවිශේෂී රෝහලක් ද වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

තවත් සුවිශේෂී සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරන්නට සැලසුම් කර ඇත.

‘ජීවිතයක් වෙනුවෙන් Tap for Change’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මඟින් එදිනෙදා ගෙවීම් කටයුතු හරහා ජීවිතවලට සවියක් වන්නට අවස්ථාව උදා කර දී ඇත.

සාමය, සංහිඳියාව සහ සාමූහිකව මනුෂ්‍යත්වය පෝෂණය කිරීමේ අරමුණින් පිහිටුවන ලද Colours of Courage අරමුදල සමඟ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. පිළිකා රෝගීන්ට සහාය වීම සඳහා ප්‍රජාව ඒකරාශී කිරීම, ඔවුන්ට රැකවරණය සැලසීම සඳහා අවස්ථා පුළුල් කිරීම යන කරුණු සඳහා මෙම අරමුදල දායකත්වය සපයනු ලබයි.


වැඩිහිටියන්ට සහ ළමා රෝගීන්ට උසස් මට්ටමේ පිළිකා ප්‍රතිකාර ලබා දීම සඳහා කරාපිටියේ ඇඳන් 160කින් සමන්විත මහල් 10ක Trail පිළිකා රෝහල ඉදිකිරීම සඳහා මාස්ටර්කාඩ් ඩොලර් 750,000කට අධික මුදලක් පරිත්‍යාග කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ.


අති නවීන තාක්ෂණය භාවිතයෙන් රෝග විනිශ්චය, ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක්, ශල්‍යාගාර සහ අංග සම්පූර්ණ අඛණ්ඩ සත්කාරවලින් සමන්විත මෙම රෝහල, ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාර සඳහා ඉදිවන සුවිශේෂී රෝහලක් ද වනු ඇත.

පිළිකා රෝගීන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සහ ප්‍රතිඵලවල ගුණාත්මක බව වැඩිදියුණු කිරීම උදෙසා ඉදිවන බලාපොරොත්තුවේ පහනක් ලෙස ද Trail පිළිකා රෝහල හඳුන්වා දිය හැකිය. සෞඛ්‍ය සේවා පහසුකම්වල සිට අධ්‍යාපනය සහ මූල්‍ය ක්ෂේත්‍රය දක්වා සමාජය වෙත ධනාත්මක බලපෑමක් කිරීම සඳහා මාස්ටර්කාඩ් සිය ජාලය, තාක්ෂණය සහ හවුල්කාරිත්වයන් උපයෝගී කරගනිමින් ගෝලීය වශයෙන් කටයුතු කරමින් සිටියි. මෙම ව්‍යාපෘතිය ද එහිම තවත් එක් දිගුවකි.

සාර්ථක ප්‍රගතියක් ලබා ගැනීමට සහයෝගීතාවයේ සහ නවෝත්පාදනයේ බලය අත්‍යවශ්‍ය බව විශ්වාස කරන මාස්ටර්කාඩ්, “ජීවිතයක් වෙනුවෙන් Tap for Change” වැඩසටහන තුළින් එම විශ්වාසය තවත් තහවුරු කරන්නට සමත්ව ඇත.


ජාතික සෞඛ්‍ය සේවා කටයුත්තකට ඩිජිටල් ගෙවීම් සම්බන්ධ කිරීම හරහා ශ්‍රී ලාංකිකයන්ට ජීවිතයක් වෙනස් කරන සද්කාර්යකට නොමිලේම දායක වීමේ අවස්ථාව උදා වේ. මාස්ටර්කාඩ් කාඩ්පත් හරහා සිදු කරන Contactless හෝ Online ගනුදෙනු ඇතුළු සෑම මිලදී ගැනීමකින්ම මුදලක් පාරිභෝගිකයා වෙනුවෙන් මෙම සද්කාර්ය වෙනුවෙන් බැර කරන්නට මාස්ටර්කාඩ් කටයුතු යොදා ඇත.


2026 ජනවාරි මාසයේ සිට, ශ්‍රී ලංකාවේ ඕනෑම Mastercard ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතයෙන් සිදු කරන සෑම ගනුදෙනුවකින්ම රෝහල ඉදිකිරීම සඳහා සෘජුවම මූල්‍යාධාරයක් බැර වේ. කාඩ්පත් හිමියන්, වෙළඳුන් සහ හවුල්කරුවන් ඇතුළු දහස් ගණනකින් සැදුණු ගනුදෙනු ජාලයක සාමූහික දායකත්වයෙන් අඩු පහසුකම් සහිත රෝගීන් සහ ඔවුන්ගේ පවුල් සඳහා පිළිකා ප්‍රතිකාර වෙනුවෙන් වැඩි පහසුවක් සැලසීමට මෙම අරමුදල උපකාරී වනු ඇත. මෙවන් දැවැන්ත වෙනසකට මුල පුරන්නට අවශ්‍ය වන්නේ එක කුඩා tap කිරීමක් පමණකි.

''අත්‍යවශ්‍ය ජාතික මෙහෙවරකට සහාය වීමට ඔබටත් අවස්ථාවක් ''
xgfgdgf| ශ්‍රී ලංකාව සහ මාලදිවයින මාස්ටර්කාඩ් ප්‍රධානී සඳුන් හපුගොඩ
මෙම සත්කාරක ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකාව සහ මාලදිවයින මාස්ටර්කාඩ් ප්‍රධානී සඳුන් හපුගොඩ මෙසේ පැවසිය.  

"අර්ථවත් වෙනසක් ඇති කිරීම සඳහා තාක්ෂණයට සහ සහයෝගීතාවයට ඇති බලය ගැන මාස්ටර්කාඩ් අපි හැමවිටම විශ්වාස කරනවා. ‘ජීවිතයක් වෙනුවෙන් Tap for Change’ වැඩසටහන හරහා, ශ්‍රී ලංකාවේ සෑම මාස්ටර්කාඩ් කාඩ්පත් හිමියෙකුටම එදිනෙදා මිලදී ගැනීම් හරහා තම කාඩ්පත භාවිතයෙන් අත්‍යවශ්‍ය ජාතික මෙහෙවරකට සහාය වීමට අපි අවස්ථාව ලබා දී තිබෙනවා. සෑම contactless ගනුදෙනුවක්ම පරිත්‍යාගශීලී ක්‍රියාවක් බවට පත් වෙනවා. කරාපිටියේ Trail පිළිකා රෝහල ගොඩනැගීමට සහ ඒ හරහා ශ්‍රී ලාංකිකයන්ට උසස් තත්ත්වයේ පිළිකා ප්‍රතිකාර ලබා ගත හැකි අනාගතයක් උදා කරගන්නට මේ නිසා අපට අවස්ථාව සැලසෙනවා.”

'අප සෑම කෙනෙකුටම වෙනසක් සිදු කරන්න ලැබෙන අවස්ථාවක්' - මහේල ජයවර්ධන
cbbdgs| Colours of Courage පදනමේ සම-නිර්මාතෘ මහේල ජයවර්ධන
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ Colours of Courage පදනමේ සම-නිර්මාතෘ මහේල ජයවර්ධන මෙසේ පැවසීය.

"ශ්‍රී ලාංකිකයන් විදියට ලොකු අරමුණක් වෙනුවෙන් එකට එක්වීමේ බලය ගැන හොඳින් දන්නවා. ‘ජීවිතයක් වෙනුවෙන් Tap for Change’ වැඩසටහන අප සෑම කෙනෙකුටම වෙනසක් සිදු කරන්න ලැබෙන අවස්ථාවක්. සෑම tap එකක්ම කල් පවතින බලපෑමක් කළ හැකි සැබෑම වෙනසක් ඇති කිරීම සඳහා වන පියවරක්. මේ සෑම පුංචි tap එකකින්ම ශ්‍රී ලාංකික පවුල් දහස් ගණනකට බලාපොරොත්තුව සහ සුවය ගෙන දෙන රෝහලක් ගොඩනැගීමට දායකත්වය ලබා දෙනවා. මාස්ටර්කාඩ් සමඟ මේ මුලපිරීමට සහාය වීම ගැන මම ආඩම්බර වෙනවා. වෙනසක් වෙනුවෙන් ‘tap’ කරන්න කියලා, මම සියලුම මාස්ටර්කාඩ් කාඩ්පත් හිමියන්ගෙන් ආදරයෙන් ඉල්ලනවා.”

xcxsdfd

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...