එවන් වටපිටාවක freesat ගැන හරියටම දැනගැනීම සඳහා එම ආයතනයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ප්‍රනලංකා වරුණවංස සමග කල කතාබහක් මතු පළවේ.
ප්‍රශ්නය :
ඇත්තටම Freesat කියන්නේ මොකක්ද?
Freesat කියන්නේ DVB-S2X තාක්ෂණය භාවිතා කරමින් satellite හරහා මුළු ශ්‍රී ලංකාවටම Digital TV ආවරණය ලබා දෙන Television Network එකක්.
ප්‍රශ්නය :
මේක ඇත්තටම නොමිලේ ද?
ඔව්, මෙය ප්‍රේක්ෂකයන්ට 100%ක්ම free ලබාදෙන සේවාවක්.
ලෝකයේ බොහෝ රටවල මෙලෙස Free TV සාර්ථකව ලබාදෙන network බොහොම ප්‍රචලිතයි.
(එංගලන්තය - Freesat, ඉන්දියාව - Freedish)
ප්‍රශ්නය :
මේකේ මොන චැනල් ද තියෙන්නේ?
Freesat කියන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකික නාලිකා Digital තාක්ෂණයෙන් ප්‍රේක්ෂකයන්ට නොමිලේ ලබා දෙන ජාලයක්. ඒ නිසා මෙහි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ දේශීය නාලිකා. ඊට අමතරව Pay-TV නොවන (free to air) විදෙස් නාලිකා යම් ප්‍රමාණයකුත් මේ හරහා ලබා දෙනවා.
ප්‍රශ්නය :
Free කිව්වට කවද හරි සල්ලි ගෙවන්න වෙයිද?
කවදාවත්ම නැහැ. මෙය 100%ක්ම හැමදාටම free සේවාවක්.
ප්‍රශ්නය :
නාලිකා නරඹන්න TV Box එකක් ගන්න වෙයිද?
ඔව්. අනෙකුත් Digital TV සේවාවන් වගේම, මෙම සේවාව ලබා ගැනීමටත් receiver කට්ටලයක් ලබා ගත යුතයි. එය දිවයින පුරා අලෙවි නියෝජිතයන් මගින් ලබා ගැනීමට හැකි වේවි.

ප්‍රශ්නය :
Kit එක අපටම සවි කරගන්න පුලුවන්ද ?
මෙය සවි කරගැනීම එතරම් සංකීර්ණ ක්‍රියාවලියක් නෙවෙයි. එහෙත් තත්වයෙන් උසස් සේවාවක් ලබා ගැනීම සඳහා Professional Installer කෙනෙක්ගේ සහය ලබා ගැනීම වැදගත්.
ප්‍රශ්නය :
දැනට අපි ළඟ තියෙන Free-to-Air STB වලින් බලන්න පුලුවන්ද?
Freesat ප්‍රේක්ෂකයන්ට free උනාට Free-to-Air service එකක් නෙවෙයි. මේකට අපි කියන්නේ Free-to-View කියල. ඒ කියන්නේ service එක encrypt කරලා තමයි තියෙන්නේ. ඒ නිසා මේ සඳහාම වෙන්වූ STB එකක් මිලදී ගත යුතුයි. මෙයට ප්‍රධානතම හේතුව තමයි අපි විකාශය කරන නාලිකා වල විකාශය වන බොහොමයක් content වල copyrights වලට අනුව ඒවා ලංකාවේ දේශ සීමාවෙන් පිටතට යෑම තහනම් වීම. Satellite signal කලාපය පුරාම විහිදෙන නිසා ඉහත නීතියට අනුකුලව service එක encrypt විය යුතුයි.
ප්‍රශ්නය :
මේක ගත්තම Pay-TV ඕනේ වෙන්නේ නැද්ද?
ඔබගේ අවශ්‍යතාවය දේශීය නාලිකා සියල්ල සහ මෙමගින් නොමිලේ ලබාදෙන විදෙස් නාලිකා අවහිරයකින් තොරව Digital තාක්ෂණයෙන් කිසිම මාසික ගාස්තු ගෙවීමකින් තොරව නැරඹීම නම්, අවශ්‍ය වන්නේ නැහැ. එහෙත් ඔබට Discovery, Ten Sport, Cartoon Network, Animal Planet වගේ Pay-TV channels බලන්න අවශ්‍ය නම්, ඔබ එම සේවාව සපයන ආයතනයකින් එම සේවාව ලබා ගත යුතුයි.
ප්‍රශ්නය :
Freesat, Digital Terrestrial TV (බටපොල ඇන්ටනා) වලට වඩා හොඳ වෙන්නේ කොහොමද?
ශ්‍රී ලංකාව වැනි භූ විෂමතාවයෙන් අධික රටක Terrestrial Broadcasting හරිම අපහසු ක්‍රියාවලියක්. මෙය අප දැනටමත් බොහොම පැහැදිලිවම අත්විඳින දෙයක්. දැනට ක්‍රියාත්මක වෙන Analog Television උනත් මේ භූ විෂමතාවය නිසා නොපෙනෙන තැන් බොහොමයි. මේ නිසා තමයි extra terrestrial relay එකක් වන satellite හරහා broadcasting වඩාත් ප්‍රායෝගික වන්නේ. එමගින් ශ්‍රී ලංකාවේ සෑම නිවසකටම එකසේ Digital TV ආවරණයක් ලබා දිය හැකියි.
තවද විද්‍යුත් සංඛ්‍යාත වල පවතින සීමාසහිත බව සහ විෂමතාවයන් හේතුවෙන් තත්වයෙන් උසස් HD සහ 4K තත්වයේ සේවාවන් Terrestrial ඔස්සේ ලබාදීම ඉතාමත් අපහසු වන අතර, Freesat මෙම සැම අතින්ම ඉදිරියෙන් සිටියි.



