The Leader News
BREAKING
Top Ad
Biz

Unilever හි දකුණු ආසියාවේ විශාලම ආයෝජනය ශ්‍රී ලංකාවට

T

The Leader Desk

February 22, 2025 • 4:50 AM

Unilever හි දකුණු ආසියාවේ විශාලම ආයෝජනය ශ්‍රී ලංකාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුනිලීවර් සමාගම විසින් දකුණු ආසියාවේ සිදුකරන ලද විශාලම ආයෝජනය සිදු කරමින් ඉදිකළ ධාන්‍යමය පාන ආහාර කර්මාන්ත ශාලාව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) සපුගස්කන්ද ලින්ඩල් කර්මාන්ත පුරයේදී විවෘත කෙරුණි.
  • මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම තුළින් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමට සිය පරිමාවෙන් 98% ක් දේශීයව නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබේ.
  • ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමයන රැගෙන එන කර්මාන්ත අතරින් ඉදිරියෙන්ම සිටින යුනිලීවර් සමාගම, ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද හතරවන කර්මාන්ත ශාලාව මෙය වන අතර මේ සඳහා රුපියල් බිලියන 3.8 ක ආයෝජනයක් සිදුකර තිබෙයි.
  •   මෙම ආහාර කර්මාන්ත ශාලාව 2023 වසරේදී ඉදිකිරීම් ආරම්භ කළ අතර වසරක් තුළදී මෙහි ඉදිකිරීම් අවසන් කර අද දින නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම කර්මාන්ත ශාලාව මඟින් යුනිලිවර් හි මෝල්ට් පාදක වෙළඳ නාම වන Viva සහ Horlicks දේශීයව නිෂ්පාදනය කරනු ලබයි. මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම තුළින් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමට සිය පරිමාවෙන් 98% ක් දේශීයව නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබේ.

ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමයන රැගෙන එන කර්මාන්ත අතරින් ඉදිරියෙන්ම සිටින යුනිලීවර් සමාගම, ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද හතරවන කර්මාන්ත ශාලාව මෙය වන අතර මේ සඳහා රුපියල් බිලියන 3.8 ක ආයෝජනයක් සිදුකර තිබෙයි.

 

sunil
මෙම ආහාර කර්මාන්ත ශාලාව 2023 වසරේදී ඉදිකිරීම් ආරම්භ කළ අතර වසරක් තුළදී මෙහි ඉදිකිරීම් අවසන් කර අද දින නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලදී.

අති නවීන තාක්ෂණය භාවිතා කරමින් ඉදිකර ඇති මෙම ආහාර කර්මාන්ත ශාලාව සඳහා දේශීය ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන ඇති අතර මෙහි ධාරිතාව වාර්ශිකව මෙට්‍රික් ටොන් 6000 ක් පමණ වෙයි. සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 350ක් ජනිත කර ඇති අතර වාර්ශිකව ඩොලර් මිලියන 2.5ක විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර දීමට මෙමඟින් අවස්ථාව ලැබෙයි. මෙම නවතම කර්මාන්තශාලාව මඟින් ධාන්‍යමය පාන සඳහා අගය එකතු කිරීම සිදුකරනු ලබන අතර කර්මාන්තශාලාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 30% ක ප්‍රමාණයක් සූර්ය බලශක්තියෙන් උත්පාදනය කර ගනියි.

480830805 1175370517287337 7640184520851544939 n

 

නව කර්මාන්තශාලා පරිශ්‍රය නැරඹීමට එක්වූ සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා යුනිලීවර් සමාගමේ මෙම දැවැන්ත ආයෝජනය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් බවත් විදේශ විනිමය ඉතිරිකර ගැනීමේ හා ඉපයීමේ වත්මන් රජයේ ඉලක්කය වෙත යාමට මෙම ආයෝජනය විශාල පිටුහලක් වන බව පැවසීය.

විදේශ විනිමය ඉතිරිකර දෙන හා ඉපයීම කරන මෙවැනි කර්මාන්ත ආර්ථිකයේම කොටසක් ලෙස සලකා කටයුතු කරන බවද මෙවැනි දැවැන්ත ආයෝජන සඳහා පහසුකම් සැපයීමට තම අමාත්‍යාශය සෑම විටකම සූදානම් බව පැවසූ හඳුන්නෙත්ති අමාත්‍යවරයා, මෙම නවතම කර්මාන්ත ශාලාව ලෝකයේ නවීනතම හා හොඳම භාවිතයන් හඳුන්වා දෙමින් ලංකාවේ ආහාර නිෂ්පාදනයේ ස්වයංපෝෂිතභාවය සඳහා තැබූ විශාල පියවරක් බවද වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා යුනිලීවර් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී Ali Tariq, සැපයුම්දාම අධ්‍යක්ෂ දමිත් අබේරත්න, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, යුනිලීවර් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ නිලධාරීන් ඇතුළු සම්භාවනීයන් රැසක් සහභාගි වූහ.

මෙම නව කර්මාන්ත ශාලාවට අමතරව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සතුව හොරණ BOI කලාපය, ලින්ඩල් කාර්මික වතුයාය සහ ආගරපතන යන ස්ථානවල කර්මාන්ත ශාලා ත්‍රිත්වයක් පවතින අතර ඒවා මඟින් දේශීය හා අපනයන වෙළෙඳපොළ සඳහා යුනිලිවර් වෙළඳ නාම නිෂ්පාදනය කරනු ලැබේ. 

 sunil 2
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

Unilever හි දකුණු ආසියාවේ විශාලම ආයෝජනය ශ්‍රී ලංකාවට | The Leader