The Leader News
BREAKING
Top Ad
Biz

Worky වෙතින් රියදුරන් වෙත පොරොන්දුවක්

T

The Leader Desk

November 25, 2025 • 6:54 AM

Worky වෙතින් රියදුරන් වෙත පොරොන්දුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රියදුරු දෑත සවිමත් කරමින් නිහඬ මෙහෙවරක නියැලී ඉන්නා Worky ආයතනය ඉදිරියටත් රියදුරන් ගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් කටයුතු කරන බවට පොරොන්දු වී තිබේ.
  • පහුගිය කාලය තුල ඇප් එක තවදුරටත් වැඩි දියුණු කරන්න අපි කටයුතු කළා.
  • එමෙන්ම, අද පැවති මෙම වැඩසටහනේ දී ශ්‍රී ලංකා රජය මඟින් ක්‍රියාත්මක කරන "රටම එකට" - ජාතික විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික මෙහෙයුම සමඟ ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ දායකත්වය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබීම ද විශේෂත්වයක්.
අකුරු ප්‍රමාණය (Font Size):


අද (25) පැවති ජාතික ටැක්සි ඇප් ත්‍රීරෝද රථ වෘත්තිකයන්ගේ එකමුතුව විසින් සංවිධානය කළ 8 වෙනි සංවත්සර මහා සභා රැස්වීමේ දී අදහස් පළ කරමින් Worky ආයතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී දිමුතු අමරසේන මේ බව පවසා ඇත.

"රියදුරන්ගේ අනාගතය ආරක්ෂා කරන්න Worky අපි දිගටම වැඩ කරගෙන යනවා. රියදුරන්ට විශ්‍රාමික වැඩ පිළිවෙලක් හඳුන්වා දුන් ලංකාවේ පළවෙනි ඇප් එක විදියට Worky හඳුන්වන්න පුළුවන්. පහුගිය කාලය තුල ඇප් එක තවදුරටත් වැඩි දියුණු කරන්න අපි කටයුතු කළා. එකම වහලක් යටින් සියලු දේ සපුරගන්න පුළුවන් ඇප් එකක් විදියට Worky හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා."  

 WhatsApp Image 2025 11 25 at 11.56.26 AM

 

එම ආයතනයේ මීගමුව ප්‍රදේශයේ නියෝජිත ලෙස කටයුතු කළ නැසී ගිය ත්‍රිරෝද රථ රියදුරු රවින්ද්‍ර රොද්‍රිගෝ ගේ 13 හැවිරිදි දියණිය වෙත අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුල්‍යමය අනුග්‍රහයක් ද ලබාදීමට ද Worky ආයතනය මෙම වැඩසටහනේ දී කටයුතු කර තිබුණි.

එමෙන්ම, අද පැවති මෙම වැඩසටහනේ දී ශ්‍රී ලංකා රජය මඟින් ක්‍රියාත්මක කරන "රටම එකට" - ජාතික විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික මෙහෙයුම සමඟ ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ දායකත්වය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබීම ද විශේෂත්වයක්. එම අවස්ථාවේ දී අදහස් දැක්වීමට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල ද එක්ව සිටියේ ය.

''Worky'' ගැන..


''Worky'' යනු ශ්‍රී ලාංකේය රැකියා සහ සේවා වෙළෙදපොලේ පවතින අවශ්‍යතා සපුරාලීම සදහා නවමු තාක්ෂණය මූලික කොටගත් පුරෝගාමී තාක්ෂණික වේදිකාවකි. එය ඔබගේ එදිනෙදා ගමන් බිමන් සඳහා ටැක්සි රථ සම්බන්ධ කරදෙන ජංගම දුරකථන යෙදුමක (App) සිට රැකියා සොයන්නන්ට සහ අර්ධකාලීන සේවකයන්ට සේවා සොයන්නන් සමග කාර්යක්ෂමව සම්බන්ධ වීමට, ඵලදායීතාව වර්ධනය කරගත් රැකියා අවස්ථා හදුන්වා දීමටත් සේවා ලබා ගැනීමටත් හැකියාව ලබා දෙයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...