The Leader News
BREAKING
Top Ad
Gossip

යුගදනවි බලාගාරය ඇමරිකාවට! : කැබිනට් සාකච්ජා සටහන් විකෘති කරලා !!

T

The Leader Desk

September 11, 2021 • 4:15 PM

යුගදනවි බලාගාරය ඇමරිකාවට! : කැබිනට් සාකච්ජා සටහන් විකෘති කරලා !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය සඳුදා (06) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිදුකළ සාකච්ජා සහ ගනු ලැබූ තීන්දු හා තීරණ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්ව ඇති
  •   ඊට ප්‍රතිචාර දක්වමින් '' ඔව් , ඇමතිතුමා සුම් මීටින් එකේ ඉඳ ගත්තට පස්සේ තමයි එක ලැබුනේ'' යයි කැබිනට් ලේකම්වරයා සඳහන් කළ බවද වාර්තාවේ.
  •   එම කැබිනට් පත්‍රීකාව පැහැදිලි කරන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා ඇතත්, කිසිවකු හෝ ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකර නොමැති බවද වාර්තාවේ.
  •   කෙසේවුවද කැබිනට් මණ්ඩල සාකච්ජාව සම්බන්ධ සාකච්ජා සටහන්හි සඳහන් වන්නේ, කෙරවලපිටිය යුගදනවි LNG විදුලි බලාගාරයේ මෙහෙයුම් සහ එහි සැපයුම් හා ගබඩා පහසුකම් එක්සත් ජනපදයේ පිහිටි සමාගමකට පැවරීමට කැබිනට් අනුමැතිය ලැබුන බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):
වාර්තාවේ (Minutes) ඇතැම් කරුණු මුළුමනින්ම අසත්‍ය බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
කෙරවලපිටිය යුගදනවි LNG විදුලි බලාගාරයේ මෙහෙයුම් සහ එහි සැපයුම් හා ගබඩා පහසුකම් එක්සත් ජනපදයේ පිහිටි සමාගමකට භාරදීමට කැබිනට් මණ්ඩලයේදී තින්දුකළ බවත්, එය එදින සිටම අනුමතකල බවට සටහන් කරගන්නා ලෙස ජනාධිපතිවරයා පැවසු බවත් සාකච්ජා සටහන් වල සඳහන් වුවද එවැනි දෙයක් එදින සිදුනොවූ බව ඉහත ආරංචි මාර්ග තවදුරටත් පවසයි.
 
ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසන පරිදි, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් සමග යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ජාවක් පවත්වා එකඟත්වයකට පැමිණීමෙන් අනතුරුව, මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග සඳුදා (06) උදැසන 3.00 වන තෙක් ඊට අදාල ගිවිසුම කෙටුම්පත්කර එදිනම උදැසන නීතිපතිවරයා වෙත යොමුකර අනුමැතිය ගෙන ඇත. 
 
සඳුදා කැබිනට් රැස්වීම සුම් තාක්ෂනය ඔස්සේ පැවති අතර එහි සාකච්ජා අවසන් භාගයේදී '' මගේ තව කැබිනට් පේපර් එකක් තියනවා නේ''දැයි මුදල් අමාත්‍යවරයා, කැබිනට් ලේකම්වරයා ගෙන් විමසා සිටි බව පැවසේ.
 
ඊට ප්‍රතිචාර දක්වමින් '' ඔව් , ඇමතිතුමා සුම් මීටින් එකේ ඉඳ ගත්තට පස්සේ තමයි එක ලැබුනේ'' යයි කැබිනට් ලේකම්වරයා සඳහන් කළ බවද වාර්තාවේ.
 
එම කැබිනට් පත්‍රීකාව පැහැදිලි කරන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා ඇතත්, කිසිවකු හෝ ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකර නොමැති බවද වාර්තාවේ.
 
කෙසේවුවද කැබිනට් මණ්ඩල සාකච්ජාව සම්බන්ධ සාකච්ජා සටහන්හි සඳහන් වන්නේ, කෙරවලපිටිය යුගදනවි LNG විදුලි බලාගාරයේ මෙහෙයුම් සහ එහි සැපයුම් හා ගබඩා පහසුකම් එක්සත් ජනපදයේ පිහිටි සමාගමකට පැවරීමට කැබිනට් අනුමැතිය ලැබුන බවකි.
 
එසේම, ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය මුදල් අමාත්‍යංශ ලේකම්ට පැවරු බවක් ද එම සාකච්ජා සටහන්හි සඳහන් වනබව වාර්තාවේ.
 
සාකච්ජා නොකළ කරුණු, තීන්දු තීරණ මෙසේ සාකච්ජා සටහන්හි සඳහන්වීම බරපතල කාරණයක් බවත්, එය නරක පුර්වාදර්ශයක් බවත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු 'ද ලීඩර්' වෙත පැවසිය. මේ සම්බන්ධයෙන් ලබන කැබිනට් රැස්වීමේදී ප්‍රශ්න කරන බවද ඔහු කියා සිටියේය.
 
 
 
බැසිල් - ඇමරිකා සහයෝගිතාවය !
 
බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යංශයේ වැඩ බාර ගැනීමෙන් පසු ඇමරිකානු ආයෝජන කිහිපයක් සඳහාම එකඟතාවයන් ඇතිකර ගැනීමට පසුගිය දින කිහිපයේ දී කටයුතු කර තිබිණ.
 
කෙරවලපිටිය යුගදනවි LNG විදුලි බලාගාරයේ මෙහෙයුම් සහ එහි සැපයුම් හා ගබඩා පහසුකම් එක්සත් ජනපදයේ පිහිටි සමාගමකට භාරදීමට උත්සාහයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජුලි 13 දා පැවති මාධ්‍ය හමුවක දී අනාවරණය කළේය. 
 

 
 
 
 
සබැඳි පුවත් :

 


 

THE LEADER TV 
 
වැරදුණු වහසි ප්‍රලාපයේ වන්දිය කාටද?
 

 
 
රජ තුන්කට්ටුවේ හමුවෙන් පසු ඉතාලි ගිය අගමැති
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...