The Leader News
BREAKING
Top Ad
Gossip

බැසිල්-විමල් රහස් කතා! - අගමැතිගේ බලතල රැකගෙන විස්ස සම්මත කිරීමේ සුදානමක්!!

T

The Leader Desk

October 17, 2020 • 9:01 AM

බැසිල්-විමල් රහස් කතා! - අගමැතිගේ බලතල රැකගෙන විස්ස සම්මත කිරීමේ සුදානමක්!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසිවන සංශෝධන යෝජනාවලියේ ඇතුලත් ජනතා විරෝධයට පාදක වී ඇති
  • විසිවන සංශෝධනයෙන් අගමැති මහින්ද රාජපක්ෂ 'නිකමකු' කිරීමේ උවමනාව පැරදවිය යුතු බව අගමැතිවරයාට පක්ෂපාති මැති ඇමතිවරුන්ගේ අදහස වී ඇති අතර එහි පෙරමුණ ගෙන සිටින්නේ, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්තේ බවද පැවසේ.
  • අතරමැදින් වගන්ති හැලුනොත් ඇතැම් කාරනා පැහැදිලිකර ගැනීමේ බරපතල ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවේවි.
  • 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන විටත් ඔයවගේ ගැටළු රැසක් මතුවුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතැම් වගන්තිවලට පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකේ බලයක් ලබා නොදෙමින්, විසිවන සංශෝධනය සම්මත කිරීම සම්න්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් අතර මේවනවිට සාකච්ජාවක් ආරම්භවී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් වාර්තාවේ.

විසිවන සංශෝධනයේ වගන්තියෙන් වගන්තියට ඡන්දය විමසන අවස්ථාවේදී, අගමැතිවරයාගේ හා කැබිනට් ඇමතිවරුන්ගේ බලතල කප්පදු කෙරෙන වගන්ති ඉදිරිපත්වන අවස්ථාව මඟ හැර සිටිමින් එවැනි යෝජනා සඳහා තුනෙන් දෙකක් ලබාදීම වැලැක්වීමට අගමැතිවරයාට හිතවත් මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් තීන්දු කර ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

විසිවන සංශෝධනයෙන් අගමැති මහින්ද රාජපක්ෂ 'නිකමකු' කිරීමේ උවමනාව පැරදවිය යුතු බව අගමැතිවරයාට පක්ෂපාති මැති ඇමතිවරුන්ගේ අදහස වී ඇති අතර එහි පෙරමුණ ගෙන සිටින්නේ, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්තේ බවද පැවසේ.

 

ප්‍රේමදාස මහත්තයට තිබුන 'පියන්' බලතලත් නැතිකරන්නයි යන්නේ  - විජේදාස රාජපක්ෂ

WijedasaRajapaksha 20ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර සිදුවන බව කියන එම කතාබහ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ගෙන් theleader.lk කළ විමසීමක දී පැවසුයේ, එවැනි තත්වයක් මතුවුවහොත් 'ව්‍යවස්ථා අච්චාරුවක්' ඇති වියහැකි බවයි.

''ව්‍යවස්ථාවේ වගන්තියෙන් වගන්තියට ගැලපීමක් අවශ්‍යයි. අතරමැදින් වගන්ති හැලුනොත් ඇතැම් කාරනා පැහැදිලිකර ගැනීමේ බරපතල ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවේවි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන විටත් ඔයවගේ ගැටළු රැසක් මතුවුනා. විපක්ෂයෙන් සංශෝධන 144ක් ගෙනාව. මම ඒගැන කරුණු පැහැදිලි කරලා එයින් සංශෝධන තුනක් බාරගත්තා. විපක්ෂය එකට එකඟ වුනා.

නමුත් විස්සේ ඉවත්කරන වගන්ති ගැන තවම කිසිවක් සඳහන් නැති බැවින් හරියට යමක් කියන්න බැහැ. කොහොම වුනත් වගන්තියෙන් වගන්තියට ඡන්ද විමසන අවස්ථාවේදී ඇතැම් වගන්තිවලට තුනෙන් දෙකක් ගන්න බැරි වුනොත් බරපතල තත්වයක් ඇතිවේවි..'' යයි  කියා සිටියේය.

විසිසෙන් අගමැතිවරයාගේ බලතල කප්පාදු වී තිබීම ගැන අදහස් දැක්වූ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා, ''ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව යටතේ ප්‍රේමදාසට 'පියන් කෙනෙකුගේ' බලතල හරි තිබුනා, විස්සෙන් එකත් නැතිකරන්නයි යන්නේ'' යයි අවධාරණය කර සිටියේය.

 

පළමු වෙඩිමුරය අගමැතිට පක්ෂපාති සංඝ සමාජයෙන් !

විසිවන සංශෝධනයෙන් අගමැතිවරයාගේ බලතල කප්පාදුවිම සම්බන්ධයෙන් පලමුවරට ආණ්ඩුවේ පාර්ශවය වෙනුවෙන් ප්‍රසිද්ධියේම අදහස් පළකර තිබුනේ අගමැතිවරයාට පක්ෂපාති ප්‍රකට හිමිවරුන් කිහිප නමකි.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද, පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉදුරාගාරයේ ධම්මරතන, පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන සහ පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති යන නායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිවරයා ලිපියක් යොමුකරමින් එම කාරණය අවධාරණය කර තිබේ.

ජනතාවගේ ආදරය දිනාගත් මහින්ද රාජපක්ෂ අගමැතිගේ බලය හා ස්වරත්වය හීන කරවන 20 මගින් අමාත්‍යවරුන්ව හා අමාත්‍ය බලතල තම අභිමතිය අනුව ඕනෑම වෙලාවක වෙනස් කිරිමට ජනාධිපතිට බලය ලැබීම  උන්වහන්සේලාගේ බලවත් කනස්සල්ලට හේතුවී ඇත.

Ali Sabry 20උසාවියට කී ඒවා හැර වෙන සංශෝධන බෑ - අලි සබ්රි

මෙසේ විස්ස සම්බන්ධයෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර කතිකාවක් ආරම්භවී ඇත්තේ, විසිවන සංශෝධනයට ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් විසින් ඉදිරිපත් කළ යෝජනා එම සංශෝධනට එකතු නොකරන බවට ජනාධිපතිගේ නියෝජිත   අධිකරණ අමාත්‍ය අලි සබ්රි, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී සහ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අවධාරණය කර ඇති තත්වයක් යටතේය.

නීතිපතිවරයාගේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සංශෝධන කිහිපය පමණක් 20 වන සංශෝධනයට එකතු කරන බවත්, වෙනත් කිසිදු සංශෝධනයක් එකතු නොකරන බවත් ඔක්තෝම්බර් 12 වැනි දා උදේ වරුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුවරුන්ගේ රැස්වීමේ දී අධිකරණ අමාත්‍ය අමාත්‍යවරයා පවසා ඇතයි 'අනිද්දා' පුවත්පත සිය ප්‍රධාන සිරස් තලයෙන් යුතුව අද (17) වාර්තා කර ඇත.

 

බැසිල් - විමල් රහස් කතා !

මෙසේ විසිවන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින මත ගැටුම් සමතයකට පත්කිරීම සඳහා අදාල පාර්ශව අතර පසුගියදා ඇමැතිවරයකුගේ නිවසේ රහස් සාකච්ජාවක් සිදුව තිබෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එම ආරංචිමාර්ගවලට අනුව විමල් විරවංශ, වාසුදේව නානායක්කාර, මහින්දානන්ද අලුත්ගමගේ යන අමාත්‍යවරුන් හා බැසිල් රාජපක්ෂ මෙම රහස් හමුවට එක්ව තිබේ.

ජනාධිපතිවරයා නියෝජනය කරමින් එහිදී අදහස් දක්වා ඇති මහින්දානන්ද අලුත්ගමගේ, ''විමල්ලා ඉදිරිපත් කරන ඇතැම් විවේචන සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ විරෝධයක් නැහැ. ඇතැම්  යෝජනා ඉවත්කර ගන්න ජනාධිපතිතුමාත් එකඟයි '' කියා පැවසු බව ද වාර්තාවේ.

කෙසේවුවද ද්විත්ව පුරවැසිභාවයට අදාල කාරණය සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගැනීමට එහිදී නොහැකිවී ඇති වැඩිදුරටත් සඳහන් වේ.

 

20 දෙවැනි වර කියැවීමේ විවාදයට දින නියම වේ

20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ඔක්තෝබර් මස 21 සහ 22 යන දෙදින තුළ දී පැවැත් වීමට තීරණය කර තිබේ.

ඊයේ (16) පැවති පක්ෂ නායක රැස්වීමේ දී එම තීරණයට එළඹී ඇතැයි වාර්තා වේ.

 

සබැඳි පුවත් :

අගමැතිගේ බලතල කප්පාදු කරන විස්සක් එපා! -  නාහිමිවරුන් පිරිසක් ජනපතිට ලියති 

අභයාරාමයේ මහින්ද පුනරුත්පත්තිය -උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය 

උසාවියට කී ඒවා හැර වෙන සංශෝධන බෑ - අලි සබ්රි කියයි 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...