The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නොරට සිට ආ මුතුන් මිත්තෝ (12) : උපන් බිමට හිමිකම් නොලද උපන් බිමේ අසරණයෝ (ඉන්දු පෙරේරා)

T

The Leader Desk

August 4, 2024 • 9:47 AM

නොරට සිට ආ මුතුන් මිත්තෝ (12) : උපන් බිමට හිමිකම් නොලද උපන් බිමේ අසරණයෝ  (ඉන්දු පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සන්දනදේවර් ඉපදුණේත්, ජීවත් වුණේත් ලංකාවේ ය.
  • දකුණු ඉන්දියාවේ සිට ලංකාවේ තේ වතුවල කම්කරුවන් ලෙස මෙහි සංක්‍රමණය වී තිබුණේ ඔහුගේ සීයා ය.
  • වත්තේ ම තරුණියක් සහේට ගත් සන්දනදේවර් දරුවන් සිව් දෙනෙකුගේම පියකු බවට පත් විය.
  • බිරිඳගේ අනුමැතිය ඇතිව සන්දනදේවර් ඇගේ නැගණියව ද සහේට ගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
සන්දනදේවර් ඉපදුණේත්, ජීවත් වුණේත් ලංකාවේ ය. ඔහු පමණක් නොව ඔහුගේ දෙමාපියන්ද ලංකාවේ උපත ලද අයයි. දකුණු ඉන්දියාවේ සිට ලංකාවේ තේ වතුවල කම්කරුවන් ලෙස මෙහි සංක්‍රමණය වී තිබුණේ ඔහුගේ සීයා ය. ඒ මෙම තේ වත්තට ය. මහනුවර පන්විල  ආසන්නයේ පිහිටි මෙම තේ වත්තෙහි රාජකාරී කරන්නේ සන්දනදේවර්ලා ගේ තුන්වෙනි පරම්පරාවයි. එම තේ වත්ත සන්දනදේවර් දුටු  ලෝකය විය. 
 
වත්තේ පාසලේ තිබුණේ පස්වෙනි පංතිය දක්වා පමණි. ඒ දක්වා අධ්‍යාපනය ලැබූ සන්දනදේවර් එතනින් එහාට අධ්‍යාපනය සොයා නගරයට ගියේ නැත. දරුවන් කිහිප දෙනෙකු සිටි බැවින් ඔවුන්ට ඉහළට උගන්වන්නට තරම් හය්යක් එම වත්තේ  කම්කරුවන් වූ ඔහුගේ දෙමාපියන්ට ද නොතිබිණි. ඉන්පසු පරම්පරාවෙන් ම උරුම වී තිබූ තේ වත්තේ රාජකාරියට සන්දනදේවර් ද එකතු විය.
NB 23523
 
උදේ වරුවේ රාජකාරි අවසන් වූ පසු ලැයිමට ඉදිරිපසින් තිබූ හිස් ඉඩ උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ඔහු  කෙසෙල් සහ එළවළු වගා කරන්නට පටන් ගත්තේය. එසේම එහි හොඳින් පල දරන කොස් ගසක්, දෙල් ගසක් සේම පොල් ගස් කිහිපයක් ද තිබිණි. කොස්, දෙල්, කෙසෙල් පල දරන කාලයට සන්දනදේවර් නොවැරදීම මහනුවර ආසන්නයේ ජීවත් වූ සිය සොයුරිය ලෙච්චමී ට ඒවා රැගෙන ගියේය. ලෙච්චමී විවාහයට පෙර ජීවත් වුණේ මේ වත්තේ ය. නමුත් ඇගේ සැමියාට ආණ්ඩුවේ රක්ෂාවක් ලැබුණු බැවින් ඔවුන්ට වත්තෙන් පිටවීමට සිදුවිණි. ඔවුන්ගේ දරුවෝ නිවාඩු කාලයට  තේවත්තේ මාමලාගේ ලැයිමට පැමිණ ලැයිමේ  දරුවන් සමග එකට එක්වී සෙල්ලම් කළහ. 
       
වත්තේ රාජකාරි ඉතා උනන්දුවෙන් ඉටු කළ සන්දනදේවර් ව කංකානි තනතුරට උසස් කරනු ලැබිණි. වත්තේ ම තරුණියක් සහේට ගත් සන්දනදේවර් දරුවන් සිව් දෙනෙකුගේම පියකු බවට පත් විය. මේ අතර සන්දනදේවර් ට බිරිඳගේ නැගණිය ගැන ද සිතක් පහළ විණි. සාමාන්‍ය සමාජය තුළ මෙවැනි දෑ හොර රහසේ ගෙන යන අසම්මතයේ සම්බන්ධතා වන අතර සමාජයෙන් අප්‍රමාණ ගැරහුමට ලක් වීමට මුල්වන කාරණාවන්ද වේ.  නමුත් සන්දනදේවර් එසේ කළේ නැත. ඔහු මුලින්ම තම අදහස ගැන කීවේ ද බිරිඳ ට ය. බිරිඳ ඊට එරෙහි නොවූවාය. 
 
26rOy5hpbhBsRtAq 7
 
Teaඋදේ හයට සංගුව පිඹින විට අවදි වී ඇය වහ වහා පොල් ටිකක් ගා ඊට පිටි, වතුර සහ ලුණු ද එකතු කොට රොටී තනන්නීය. ඉන්පසු යහමින් මිරිස් යොදා ලොකු ලුණු මිරිස් තලියක් සාදන්නේ රොටී කන්නට ය. ඒ ඔවුන්ගේ උදේ සහ දිවා ආහාරයයි. මේ ආහාරය සහ බුලත් විටද මල්ලක දමාගෙන ඊළඟ සංගුව පිඹින විට පෙරෙට්ටුවට එකතු විය යුතුය. එය එක විනාඩියකින්වත් ප්‍රමාද කළ හැක්කක් නොවේ. එසේ වුවහොත් එදා දවසේ වැඩ නැත. වැඩ නැති වු⁣ණොත් පඩිත් නැත. පෙරට්ටුවේදී නම් අඬගසා රෙජිස්ටරයේ ලකුණු කළ පසු ඔලොගුව හිසේ එල්ලාගෙන දළු කඩන්නට දිව යා යුතු වෙයි. ඔවුන්ගේ දෑත් තේ දළු අභියස ක්‍රියා කරන්නේ යන්ත්‍රවලට නොදෙවෙනිව ය. සම්පූර්ණ පඩිය ලැබෙන්නට නම් දිනකට නියමිත දළු කිලෝ ගණන කැඩිය යුතුය. හැන්දෑවේ වැඩ අවසන් කර ගෙදරට එන්නේ "පාන්" කියාගන්නට බැරි තරම් විඩාබරව ය.  ඉන්පසු රෑ වේල සැකසිය යුතුය. මේ දුක්ඛිත ජීවිතය තුළ අසරණ කාන්තාවන් විරාමයක් ලබන්නේ නිදි පැදුරේදී පමණි.
තේ නිෂ්පාදන බොරුව - (එරන්ද ගිනිගේ) 
එහිදී ස්වාමි පුරුෂයාගේ වුවමනා එපාකම් ඉෂ්ඨ කිරීම යනු ඔවුන්ට තවත් කරදරයක්ම මිස සතුටක් නොවේ. එහෙව් ජීවිතයක් තුළ සැමියා අන් ළඳක් වෙත යාම ඔවුන්ට දබර කර ගන්නට ගුටි ඇනගන්නට කාරණාවක් නොවන්නේ දවසේ විඩාව තුළ නින්දට වඩා සහනයක් ඔවුන් නොදකින නිසා ය. බිරිඳගේ අනුමැතිය ඇතිව සන්දනදේවර් ඇගේ නැගණියව ද සහේට ගත්තේය. නමුත් බිරියන් දෙදෙනාම එකම ලැයිම් කාමරයක ඔහු තබා ගත්තේ නැත. දෙදෙනා සිටියේ වෙන වෙනම ලැයිම් කාමරවල ය. සන්දනදේවර් ගෙවල් දෙකේම ගත කළේය. ටික කාලයකින් ඔහු ගේ දෙවෙනි බිරිඳ ද දරුවකු බිහි කළාය. ඇයට සාත්තු සප්පායං කළේ සන්දනදේවර් ගේ පළමු බිරිඳයි. 
 
සන්දනදේවර්ගේ වැඩිමහල් සොහොයුරාත් රැකියාව කළේ මෙම තේ වතු යායේම ය. ඔහු සිය දරු පවුල සමග සිටියේ ද මේ වත්තේම ලැයිමක ය. සිරිමා ශාස්ත්‍රී ගිවිසුම මගින් යළි ඉන්දියාවට පිටත් කර හරින ලැයිස්තුවට සන්දනදේවර් ගේ මේ වැඩිමහල් සොහොයුරා ඇතුළු ඔහුගේ දරු පවුල ද ඇතුළත් ව සිටියහ.
 
තේ කහට : ඡායාරූප ප්‍රදර්ශනය අගෝස්තු 11-12 මාතලේදී
 
සන්දනදේවර් ට මෙහි දමා යන්නට  නොහැකි තරම් ලෙංගතු බැඳීමක් තිබුණේ තම සහෝදරිය සහ ඇගේ දරු පවුලත්, ලැයිමේ එකටම සිටි අසල්වාසීනුත් සමග පමණක් නොවේ. ඊටත් වඩා ඔහුගේ හද දවන ලද ගැටලුවක් තිබිණි. සන්දනදේවර් ඉතාමත් ආදරයෙන් එළදෙනුන් දෙතුන්දෙනෙක්ද ඇතිදැඩි කළේය. ඔවුන්ගෙන් කිරි ද ලබා ගත්තේය. සන්දනදේවර්ට එම එළදෙනුන් සහ  වසු පැටවුන් තමන්ගේ දරුවන් පස්දෙනාට කිසිසේත් දෙවෙනි  නොවීය. එළදෙනුන් සියලු දෙනාටම ඔහු නම් තබා තිබිණි. ඔවුන් අතරින් ඔහු වඩාත් ආදරය කළේ  තම අක්කාගේ නම ම යෙදූ ලෙච්චමී නම් එළදෙනට ය. "ලෙච්චමී" යැයි ඇමතූ සැණින් සිය හාම්පුතා වූ සන්දනදේවර් වෙත එන්නට  ලෙච්චමී අමතක කළේ නැත. එපමණටම ඇය කීකරු එළදෙනක වූවාය. 
හුන්නස්ගිරිය වතු ප්‍රජාවට ඡන්ද සාක්ෂරතාවය උගන්වන යෞවනයෝ 
දැන් මේ සියලු දෙනාත්, සියලු දේත් හැරදා යා යුතුය. සහනයකට තිබුණේ සන්දනදේවර්ගේ බිරියන් දෙදෙනාත්, දරුවන් පස්දෙනාත් රැගෙන යාමට අනුමැතිය ලැබී තිබීම පමණි.
       
දෙමළ ජනතාව බත්වලට වඩා අනුභව කළේ උඳු, මුං, කඩල, තල ආදී වූ ධාන්‍ය වර්ගවලින් සකස් කරගන්නා ලද ආහාර ය. මේ අනුව තෝසෙ, ඉඩ්ලි, විවිධ වඩේ වර්ග නිතර ඔවුන්ගේ නිවෙස්වල පිළියෙළ වුණි. එනිසා මිරිස් ගල හැරුණුවිට උඳු අඹරන ගල, මුං අඹරන ගල ඔවුන්ගේ නිවෙස්වල වැරදුණේ නැත. ඔවුන් වැඩිපුරම භාවිත කළ සෙම්බු ඇතුළු  බොහෝ භාජන නිමවා තිබුණේ තඹවලිනි. ඔවුන්ගේ ධනය, වස්තුව, දේපළ වූයේ මේවා ය. ඒ මිස හරිහම්බ කරගත් ධනයක් කියා දෙයක් මේ අහිංසක මිනිසුන්ට නොතිබිණි. නමුත් කුසගින්න නිවා ගන්නට උපකාර වන මේ උපකරණ දුම් බෝට්ටුවේ දමාගෙන යාමට ඉඩක් නොලැබෙනු ඇත. 
 
හුන්නස්ගිරිය වතු ප්‍රජාවට ඡන්ද සාක්ෂරතාවය උගන්වන යෞවනයෝ
         
ලැයිමේ කෙනෙක් ආපසු ඉන්දියාවට යාම යනු මුළු ලැයිමටම මළ ගෙයක් බඳු ය. සමහරු වළඳක් ළිපේ තියන්නටවත් උනන්දු නොවූහ. මෙම නික්ම යාම පණ පිටින් මියගියාට නොදෙවෙනි වූවකි. යළි කවදාවත් දකින්නට නොලැබෙයි. ඉන්දියාවට පිටත්ව යායුතු බවට පෙරියදොරේ ( ඔවුහු වතු අධිකාරීවරයා පෙරියදොරේ නමින් හඳුන්වති. එහි අරුත "ලොකු මහත්තයා" යන්නයි.) හෝ වත්තේ කොන්දොස්තරවරයා විසින් දැනුම්දුන් පසු මේ මිනිසුන් සිටින්නේ හදවතින් මැරි මැරී ඉපදෙමිනි. තව මාස දෙක තුනක් ඇතුළත නිසැක ලෙසම සියලු දේ අතහැර දමා යාමට සිදුවීම තරම් ඛේදවාචකයක් තව තිබිය හැකිද?
 
untitled 8 0උපන් රටේ පුරවැසි භාවය ලබන්නට නොහැකි වූයේ රට කළ සහ කරවන අයගේ රුචි අරුචිකම් ඊට හරස් වීම නිසා ය. කවුරු කුමක් කීවත්  මේ සන්දනදේවර් ට උපත දුන් භූමිය යි. මේ තේ ගස්වලින් විහිදෙන නැවුම් සුවඳ පමණක් නොව, මේ මහ පොළොවෙහි පසේ සුවඳ පවා හය හතර තේරෙන වියේ පටන්ම සන්දනදේවර් හොඳින් හඳුනයි. නමුත් උපන් රටට හිමිකමක් කියන්නට අයිතියක් නැත. ඔහුට තමන්ගේකමක් දැනෙන්නේ ලංකාව ගැන මිස පරම්පරාවේ මුල් අය ජීවත් වූ ඉන්දියාව ගැන නොවේ. එහි පාරම්පරික ගම්බ්ම් පිළිබඳව සන්දනදේවර් කුඩා කල සීයාගෙන්  අසා  දැන තිබිණි. නමුත් කවදාවත් ඉන්දියාවට පය තබා නොතිබූ ඔහු පාරම්පරික ඉඩකඩම් පිළිබඳව අගක් මුලක් දැන සිටියේ නැත. සන්දනදේවර් ගේ සොහොයුරාටද මේ ගැටලුව තිබිණි. ඔවුනට එකම දුම්බෝට්ටුවේ යන්නට ලැබේද යන්න සැකසහිත ය. ඉල්ලීම් ඉල්ලීම ඔවුන්ට අයත් රාජකාරියක් නොවේ. කැමැත්ත අකමැත්ත කුමක් වුවත් ලැබෙන දේ භාර ගත යුතුය. කම්කරුවන්ට දිය යුතු නොදිය යුතු දේ තීරණය කරන්නේ පෙරියදොරේලා ය. ඊට කම්කරුවන් තුළ ඇති කැමැත්ත හෝ අකමැත්ත නැතහොත් එය ඔවුන්ට සුදුසු ද නැද්ද වැනි කාරණා  පෙරියදොරේලා ට අදාළ ම නැත.
නොරට සිට ආ මුතුන් මිත්තෝ (4) : සිලෝන් ටී වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ - (ඉන්දු  පෙරේරා) 
ලංකාවෙන් පිටවී යා යුතුය දිනය ළං ළංව පැමිණෙයි. රැගෙන යා යුතු දෙයක් අසුරා ගත යුතුව තිබේ. ගමන් බිමන් යාමේදී  භාවිතයට ගැනෙන ට්‍රැවලින් බෑග ඒ කාලයේ තිබුණේ නැත. ලැයිමේ වුව ඇඳුමක් පැළඳුමක් තබා ගන්නට අල්මාරි හෝ කබඩ් එකක් තරම්වත් ඔවුනට නොතිබිණි. එවැන්නක් තබා ගන්නට ලයිම් කාමරවල ඉඩකුත් නැත. ඇඳුමක් පැළඳුමක් සේ ම, ගැහැනු න් බොහෝ ආශාවෙන් එකතු කර ගන්නා ඇට මාල, සරුවපිත්තල වළලු ආදීවූ මනිබඩු  සියල්ල තැන්පත් කරගත්, ඔවුන් සතු වටිනාම භාණ්ඩය වූයේ ට්‍රන්කා පෙට්ටිය ( trunk box) ය. 
           
ට්‍රන්ක පෙට්ටියේ සියල්ලන්ගේම ඇඳුම් පැළඳුම් කිහිපය සහ තවත් වුවමනාම අඩු වැඩිය ටික අඩුක් කර ගත් පසු පිඟන්, සෙම්බු, උයන පිහන භාජන සන්දනදේවර් වෙනම ගෝනියක දමා කට ගැට ගැසීය. ඔහුගේ ජීවිතයේ මින් පෙර ඔහු මුහුණ නොදුන් අන්දමේ දුක්ඛිත අවස්ථාවක් එළඹ ඇත. ලංකාවෙන් පිටත් වන්නට දෙදිනකට පමණ පෙර සන්දනදේවර් තමන්ගේම දරුවන් බඳු වූ එළ හරකුන් ටික අසල්වැසියෙකුට භාර දෙන්නට කතිකා කරගෙන තිබිණි. හරකුන් භාර ගන්නට අසල්වැසියා පැමිණ සිසිටියේය. 
           
" අනේ මගේ දරුවනේ මට උඹලව දාලා යන්න වෙනවා. හැන්දෑවට උඹලව කණුපොළට ගේන වෙලාවට උඹලා මාව හොයන්න එපා. ආයෙ කවදාවත් අපි හම්බ වෙන්නෙ නෑ . උඹලව දාල මට සදහටම යන්න වෙලා...."
 
රේස් එකෙන් දිනූ ගවයා මරන්න කොන්ත්‍රාත්තුවක් දීලා
 
කඳුළු වගුරවමින් කිරි හරකුන්ගේත්, ඔවුන්ගේ පැටවුන්ගේත් අං දෙක අල්ලාගෙන මුහුණ ට මුහුණ තබා සන්දනදේවර් හැඬුවේය. අවසානයේ ඔහු ගියේ ලෙච්චමී ළඟට ය. ඔහු ට වාවන්නටම බැරි වුණේ ලෙච්චමී වෙත පැමිණි විට ය. ලෙච්චමී ගේ පිටේ මුහුණ හොවාගෙන දෑතින් ඇය බදාගෙන සන්දනදේවර් පොඩි දරුවකු මෙන් හඬන්නට පටන් ගත්තේය. ලෙච්චමීට යමක් හැඟෙන්නට ඇත. වරෙක වලිගය ඒ මේ අත ගසමින්ද, මුහුණ හරවා හාම්පුතාගේ අතක් ලෙව කමින්ද ඇය ඔහුට ප්‍රතිචාර දක්වන්නට  වූවාය. 
අලුත් අයිතිකරු ලෙච්චමී ගේ ලණුව අතට ගත්තේය. අනෙක් කිරි හරක් සමග ඇයවද රැගෙන යන්නට උත්සාහ කළත් ලෙච්චමී  ඔහුට කීකරු වූයේම නැත. ඇය ලණුවෙන් ආපස්සට අදින්නට පටන් ගත්තාය. සන්දනදේවර් ට ලෙච්චමී ගේ දුක තේරෙයි.
         
" පලයං මයෙ අම්මා. මට කිරි දුන්නු මයෙ අම්මා. ගිහින් හොඳින් හිටපං....."
 
නොරට සිට ආ මුතුන් මිත්තෝ (9) : දෙමළ බෙදුම්වාදයට පාර කැපෙයි - (ඉන්දු පෙරේරා)
         
එසේ කී සන්දනදේවර් වේගයෙන් ගෙට පැමිණ බිම වැටී විලාප දෙමින් හඬන්නට පටන් ගත්තේය. ඔහුගේ බිරියන් ද දරුවෝ ද ඔහු අනුව ම හඬති. අසල්වැසියෝද හඬති. ඉන් දෙදිනකට පසු මෙරටින් සමුගන්නා දවස එළඹෙන තුරුත් සන්දනදේවර් ගේ ගෙදර ලිප මෙලවුණේ නැත.
           
ඔහුගේ අක්කා වන ලෙච්චමී මුළු පවුලටම සරිලන සේ කෑම බීම උයාගෙන දිනපතාම සොහොයුරා බලන්නට ආවාය. නමුත් කෑම බීම කන කෙනෙක් නැත. ලෙච්චමීට ද මොන ආකාරයකටවත් තම දෙසොහොයුරන් වෙන් වී යාම දැරිය නොහැකි වී තිබේ. යළි කවදාවත් ඔවුන් හමු නොවනු ඇත. "එක බඩවැල  කඩාගෙන ආ" ඒ බැඳීම ළමා වියේ පටන්ම පලුදු නොවී ම පැවතිණි. තමන්ට සැමියෙක් සහ දරුවන්ද සිටියත් සහෝදරයන් දෙදෙනාම නොමැති මේ බිම මත මහා තනිකමක්, පාළුවක්, හිස් බවක් ඇතිවීම නොවැළැක්විය  හැකි යැයි ලෙච්චමී දනී. එම ලයිම් කාමරයේ වැටී හිඳගෙන ඔවුහු එකිනෙකා බදාගෙන හඬා වැටුණහ.
 
Bahnhof Kandy
             
ඉන්දියාව බලා පිටත් කර හරින කඳුකර දෙමළ ජනතාව මුලින්ම  නංවනු ලැබුවේ සවස තුන හමාරට මහනුවර දුම්රියපොළෙන් කොළඹ බලා පිටත් වන සීග්‍රගාමී දුම්රියට ය. දුම්රියපළ කරා ඔවුන්ව රැගෙන යන්නේ වත්තේ තේ දළු ගෙනයන ලොරියකිනි. 
             
සන්දනදේවර් ලා පිටත් ව යා යුතු මොහොත එළඹිණි. හිත තද කරගත් ඔහු ලැයිම් කාමරය සිසාරා බැලුවේය. තමා මෙපමණ කල් ජීවත් වූ මේ කාමරයට මින්පසු තවත් පවුලක් පැමිණෙනු ඇත. බිමට නැවී කාමරයේ මැටි පොළොව සිඹගත් ඔහු ඊට නමස්කාර කළේය. ඉන්පසු සන්දනදේවර් ගියේ ලැයිම් පේළිය ඉදිරිපස  වූ තම භෝග වගාවන් වෙත ය. හැම ගසක් කොළයක් ගාණේම අතගාමින්, 
 
වතු කම්කරු වැටුප් වැඩි කිරීමට තීරණයක් ගෙන නැ - වැවිලි කරුවන්ගේ සංගමය
 
" මටයි මගේ දරු පවුලටයි කන්න බොන්න දුන්නට ඔයාලට පින්" යනුවෙන් මුමුණමින් පොල් ගස්, කොස්, දෙල්, කෙසෙල් පමණක් නොව ඔහු වවා තිබූ එළවළු බෝග පවා දැඩි සෙනෙහසින් යුතුව අතගා ඉන්පසු ඒ එකින් එකට නමස්කාර කළේය. මේ යන්නේ නොඑන ගමනකි. මෙහි සිටින කිසිවෙක් හෝ කිසිවක් යළි කවදාවත් මේ ඇස්මානයේ නොගැටෙනු ඇත. කිසිවක් නෑරම සියලු දේටම සන්දනදේවර් නමස්කාර කළේය. 
අවසානයේ ඔහුගේ සොයුරිය ලෙච්චමී ත්, ඇගේ දරුවනුත් කෑ ගසා හඬද්දීම සිය බිරියන් දෙදෙනා සහ දරුවන් පස්දෙනා ද ලොරියේ නංවා ගත් සන්දනදේවර්, එදින එම වත්තෙන් ඉන්දියාවට පිටත් කරහැරීමට නියමිතව සිටි තවත් කිහිප දෙනෙක් ද සමග ලොරියට නැගුණේය. 
 
තවත් කොටසකින් නැවත හමුවෙමු.
 
තොරතුරු සපයා ගැනීමේ සහාය: සමාජ ක්‍රියාකාරී වීරේ වීරසිංහම් සහ අන්තර්ජාලය 
 
සටහන - ඉන්දු පෙරේරා
 

සබැඳි ලිපි :

නොරට සිට ආ මුතුන් මිත්තෝ (11) : රටක් නැති ජනතාව ඉන්දියාවට පිටමං කරන සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (10) : වතුකර දෙමළ ජනතාව ඉන්දියාවට භාර ගැනීමට කැමැත්ත - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (9) : දෙමළ බෙදුම්වාදයට පාර කැපෙයි - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (8) : වතු දෙමළ ජනතාවගෙන් ලක්ෂ 8කට පුරවැසිභාවය අහිමියි - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (7) : දකුණු ඉන්දීය ශ්‍රමිකයන්ට ඩී. එස්. ගෙන් කෙනෙහිලි - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (6) : අපෙන් බදු මුදල් ! සුද්දන්ගෙන් පාරවල් !! - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (5) : මාතලේ කුලදෙවියන් පිදූ තැන දේවතාවියක් - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (4) : සිලෝන් ටී වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (3) : වනයේ තප්පු ගසමින් දකුණු ඉන්දියානුවෝ මන්නාරම සිට මාතලේට ආ ගමන - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (2): සිංහලයන්ට කටඋත්තර නැති කළ සුද්දෝ (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන්මිත්තෝ : ලංකාවට කම්කරුවන් සොයා ඉන්දියාවේ පෝස්ටර් (ඉන්දු පෙරේරා)

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...