The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

සිහින කුමාර ප්‍රාර්ථනාව හෙවත් පට්ටි ගොනෙකු අභිෂේක කරවීම -චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

October 30, 2021 • 12:09 PM

සිහින කුමාර ප්‍රාර්ථනාව  හෙවත් පට්ටි ගොනෙකු අභිෂේක කරවීම -චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දියසේනලා දෙදෙනෙකුට... නමින් පළවූ මගේ ලිපිය, මහාචාර්ය සරත් විජේසූරියගේ “ඊළඟ නායකයා ....” පිළිබඳ ලිපියට නොසතුට පළ කිරීමක් නොවේ. නායකයන් කළ විනාසය සිහිපත් කිරීමකි.
  •  විදේශ සංචාරයට රජයෙන් නිකුත් කළ පවුම් 150න් ඉතිරි පවුම් 101ක මුදල නැවත භාණ්ඩාගාරයට භාර දුන් ආදර්ශමත් නායකයෙකු විය.
  •     ආගමක් යනු ඇදහිල්ලක් නිසාම බුද්ධාගම රාජ්‍ය ආගම නොවිය යුතු බව ඩී.එස්.සේනානායක 1943දී පවා දැරූ ස්ථාවරය විය.
  • පුද්ගල පැවැත්ම කැපවීම සහ අභ්‍යාසය විමසා බැලීමෙනි.       උකුත්ව, වසර 69ක් ගතවූ මහාමාන්‍ය සේනානායක අදටත් විශිෂ්ඨ පූර්වාදර්ශයකි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
56දී පහළ වූ පළවෙනි දියසේන, 1911දී උතුරේ ලාංකිකයෙකු මුල් කොට, ගොඩ නැගූ ජාතික අනන්‍යතාවයට ගිනි තැබීය.  උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිංහල ජනාවාස ඇති කළ එජාපය නිර්මාතෘ ඩී.එස්.සේනානායකට 1948දී ආණ්ඩුව පිහිටුවීමට මෙන්ම, 1949දී ඉන්දු පකිස්ථාන පුරවැසි පනත සංශෝධනය කිරීමටද උතුරු නැගෙනහිර නියෝජිතයන් සහාය දැක්වූයේ ඒ ලාංකේය සහෝදරත්වයෙනි. 
 
එදා වර්ගවාදි හෝ බාහිර පෙළඹවීම් මතු නොවුණේ අගමැති ඩී.එස්.සේනානායක ඇති කළ විශ්වාසය නිසාය. හෙතෙම  ආගමික ආයතන ප්‍රවර්ධනයට පොදු අරමුදල් වැය කිරීමට එරෙහිව ක්‍රියා කළේය.  විදේශ සංචාරයට රජයෙන් නිකුත් කළ පවුම් 150න් ඉතිරි පවුම් 101ක මුදල නැවත භාණ්ඩාගාරයට භාර දුන් ආදර්ශමත් නායකයෙකු විය. ඩී.එස්. වාසියට හෝ වරදක් නොකරන ස්වයං විනයකින් සන්නද්ධව ක්‍රියා කළහ.  
 ds
ආගමක් යනු ඇදහිල්ලක් නිසාම බුද්ධාගම රාජ්‍ය ආගම නොවිය යුතු බව ඩී.එස්.සේනානායක 1943දී පවා දැරූ ස්ථාවරය විය. සිංහල බෞද්ධ සංස්කෘතික පැවැත්මකට උරුමකම් කී විශිෂ්ඨ ලාංකිකයෙකුවූ හෙතෙම දක්මෙන් නිරවුල් විය. පැවැත්මෙන් අවංක විය. නායකත්වය විමසිය යුත්තේ පුද්ගල වන්දනාවෙන් නොවේ. පුද්ගල පැවැත්ම කැපවීම සහ අභ්‍යාසය විමසා බැලීමෙනි. 
 
  
උකුත්ව, වසර 69ක් ගතවූ මහාමාන්‍ය සේනානායක අදටත් විශිෂ්ඨ පූර්වාදර්ශයකි. එතුමා නිර්මානය කළ  එජාපයද විනාශවි ගොස්ය. මහාමාන්‍ය සේනානායකයන්ගේ චරිතය උපදේශාත්මක මිස කිසිවෙකුට අභියොගාත්මක නොවේ.
 
පිරිවෙනක් සඳහා රජයේ මුදල් පිරිවෙනක් සඳහා වෙන් කිරීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා බෞද්ධ භික්‍ෂුන් ඇති කරගත් කලකිරීමේ මේ ප්‍රතිපලයවූ  56 පෙරළිය නිසා, සිංහල දෙමල හා බෞද්ධ ක්‍රිස්තියානි විරසකයද නිර්මානය විය. 
 
තිස් අවුරුදු යුද්ධය මෙන්ම, 13 වෙනි සංශෝධනය හරහා සිදුවන ඉන්දිය බලපෑමද එහි විපාක වේ. පාස්කු ඝාතන ඍජුව මැතිවරණ වාසිය අරමුණු කළ සහාසික කුමන්ත්‍රණයක් බවට සැක මතුවේ. 
 
 
ශිෂ්‍ය අවදියේ ප්‍රජාචාර පාඩමේදී ලෝකයේ අන්තිමට ඉතිරි වන්නේ කාර්ඩ් කුට්ටමේ රජු සහ එංගලන්තයේ රජ පවුල පමණක් බව උපහාසාත්මකව අපව දැනුවත් කළා මතකය. ඒ රැජිණ රජ කරයි එහෙත් ආණ්ඩු නොකරයි යන්න විස්තර කරන අතරය. 
 
  
සෝල්බරි ව්‍යවස්ථාවේ, රට රාජ්‍යය නිශ්චිත බව සහ ස්වභාවයෙන්ම යළි යළි වෙනස් වන ආණ්ඩුව යනු භාරයක් බව දැක්වේ. ලංකාව  ජනරජයක් කිරීමේදී  රාජ්‍ය පාලනයද ආණ්ඩුවට පැවරිණ. ආණ්ඩු කරන්නට ගොස් එංගලන්ත රජකම සහ පරාණ කූඩු බේරා  ගත්තේ අනූ නවයෙනි. 
 
ආණ්ඩු ක්‍රමයෙන් රාජ්‍යත්වය ඉවත් කළ අපේ ජනරජ ක්‍රමය නිසා, භූමිය විකූණා ණය ගෙවන තැනට රටත් ජාතියත් ඇද දැමීය. අපට පළමුව ජන රජයක්වූ ඉන්දියාවට මෙහෙම වුණේ  නැත. 
 
 
මහ පවුල රහසේ එන්නත් ලබාගෙන !
 
43 වසරක් පුරා විධායක ජනාධිපතිවරු 7 දෙනෙක් ජනරජ ව්‍යවස්ථා පිහිටෙන් පවුලකට සිරිසැපද බහුතරයට අපා දුකද හිමි කළහ. කොවිඩ් වසංගතයේදී මහ පවුල රහසේ එන්නත් ලබාගෙන රටටම පැනි පෙවීම නිසා රටේ දහස් ගණනකගේ ජිවිත අහිමි විය. 
 
රටේ සෞඛ්‍ය ඇමතිවරිය පවා කොවිඩ් රෝගියෙකු වීම එහි ප්‍රතිපලයකි. 
 
රටේ නීතියද සාක්කුවේ දමාගත් ජනරජ පාලකයන් අධිරාජ්‍ය මානසිකත්වයෙන් ක්‍රියා කරති. 
 
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ හමුදා බුද්ධි නිලධාරින්ට බන්ධනාගාරයේදී විශේෂ ආරක්‍ෂාවක් අයැදි අවස්තාවේ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වරිය මිනිස් ඝාතන බුද්ධි අංශ රාජකාරිය නොවන බවට කළ ප්‍රකාශයෙන්ද, බී මත්ව මහ රෑ හිර ගෙට පැන සිර කරුවන්ට තර්ජනය කිරීමෙන්ද පුරවැසියාගේ ජීවත්වීමේ අයිතිය පාලකයන් අවතක්සේරු කළ ප්‍රමාණය තේරුම් ගත හැකිය. 
 
ලංකාව ජනරජයක් කිරීමත් සමගම, ලාංකේය දෙමල ජනතා නියෝජිතයන් වඩුක්කොඩයි ගිවිසුමෙන් බැඳුණේ මේ අවදානම ව්‍යවස්ථා කෙටුම්පතෙහිම පවත්නා බව තේරුම් ගත් නිසාය. 
 
 
43 වසරක් පාලකයන්ට වාසියක්වූ මේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට තවත් නායකයෙකු ප්‍රාර්ථනා කිරීම, පට්ටි ගොනෙකු රජ කරවීමක් ලෙස දැකීම දේශපාලකයෙකු නොවන මහාචාර්ය තුමා ද කම්පා කරවූ හැටියකි. 
 
  
වෛද්‍ය අනිල් ජාසිංහ තනතුරෙන් ඉවත් කීරීම, (රාජ්‍ය සේවයට අත තැබීමකි.) එන්නත නො ගෙන්වා පැනිය ප්‍රවර්ධනය කර ජනතාව රැවටීම (ජනතාව අවතක්සේරු කිරීමකි) රනිල් වික්‍රමසිංහ නම් අධිනීතිඥ කූඨ ලේඛන සමග හසුවූ වීරවංශ සහ වංචනික අර්ජුන් මහේන්ද්‍රන් මුදවා ගැනීම, දුලාංජලීගේ හොර  සල්ලි සිද්ධිය රාජපක්‍ෂවරු යට ගැසීම (දේශපාලන වාසිය පිණිස නීතිය බලපෑම් කිරීමකි) ශිෂ්ඨ සම්පන්න රටක නායකත්වය පිළිබඳ විකෘතියට උදාහරණ වේ.  මහාචාර්ය තුමා විශ්වාස කරන නායකයා සොයා ගත් වහාම අප දැනුවත් කළ මැනවි.
 
ජනාධිපති වූ වහාම, මහනුවර ඒ 26 පාර විවෘත කරන බවට 2014 දෙසැම්බර් 09 දින රාත්‍රියේ මහනුවරදී වෘතිකයන්ට දුන් පොරොන්දුව සිරිසේන ඉටු කළේ නැත. ඒ ගැන විමසූ විට, ඔහු කීවේ අස්ගිරි හාමුදුරුවරු අකමැති බවය. පාර වැසුවාට මල්වතු මහ නා හිමියන්ද විරුද්ධය. මෙය සංඝ සංහතියෙන් අස්ගිරිය වෙන් කරවන සාර් සහ රස්පුටින් ජාතියේ නැහැදිච්ච කතාවකි.  
 
මහජන පීඩාවකදී අපේ නායකයෙකු තීරණ ගත්තේ එසේය. 
 
ඒ 26 මාර්ගය වසා දැමීමට  එරෙහිව 2016දී ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ මූලික අයිතිවාසිකම් නඩුව තවමත් විභාගයට  ගෙන නැත.  ජනාධිපති සිරිසේන ලවා නිලංග දෑලට එරෙහි වංචා විමර්ශණ අස්ගිරි පන්සල යටපත් කරවීය. 
 
 
සිරිසේන ජනාධිපති වී කොළඹින් සින්නක්කර ගෙයක් ගැනීමත්, රාජ්‍ය අරමුදලෙන් වැන්දඹු හේමා ප්‍රේමදාස නඩත්තු කිරීමත් සාපරාධී බව තේරුම්ගත හැකි තැනැත්තෙකු අප සොයමින් සිටින්නෙමු. 
 
  
හෙතෙම දේශපාලන ඉනිම අවසන් කොට, ලංගම බස් රියෙන් ගමන් ගිය වන්නිනායක, කබල් මෝටර් රියකට හිමිකම් කි ඉලංගරත්න, ප්‍රජා ශාලාවක ජීවත්ව මියගිය විමලා කන්නංගර මෙන්ම, බදු නොගෙවූ ඩොනල්ඩ් රණවීරට නැවත නාම යෝජනා නොදුන් ඩඩ්ලි සේනානායකට සමපාත නම් කවන්ධයක් වීමේ දෝෂයක් නැත.  
 
මේ අවබෝධය හරහා, පවත්වා තත්වයෙන් රට ගලවා, නීච යුගය හමාර කර ගෙදර යන්නෙකු පිළිබඳ සිතීමත් මහාචාර්ය විජේසූරියට අනුව,  (1) ඔලුවෙන් සිට ගැනීමකි. (2) රාජ්‍ය බලයට වහලෙන් ඇතුල්වීමකි. හෝ (3) කවන්ධයකි. 
 
ඉටියෙන් හෝ මැටියෙන් යනු සිස්ටම් එක ප්‍රතික්‍ෂේප කිරීමට පර්යාය වේ. 2018දී මහින්ද අගමැති කරවීමෙන් සිරිසේනගේ ඔලුවෙන් හිට නො ගත්තේද? 88-89 කාලයේ රාජ්‍ය බලයට වහලෙන් ඇතුල් වීමට තැත් නොකළේද? ඊට සමගාමිව, තැන තැන හිස නැති කවන්ධව විසිරි නොවැතියේද? මේ සියල්ල ජාතියක් ලෙස අත්වින්ඳේ පවත්නා ක්‍රමය නිසාය. දැහැමි සිරිසඟබෝ  ඓතිහාසික කවන්ධයකි. 
 
 nsobitha
මාදුළුවාවේ සෝබිත නාහිමියන් 
 
 
'සාධාරණ සමාජයක්' ව්‍යාපාරයේ මහනුවර ප්‍රසිද්ධ රැස්වීමට පැමිණි කරු ජයසුරිය සහ සරත් පොන්සේකා අසුන් ගත්තේ වේදිකාවේ නොවේ. එසේම සාධාරණ සමාජයක් සමාජ මුල්ම සාකච්ඡාවට පැමිණි  කරු ජයසුරිය සරත් පොන්සේකා වාසුදේව තිදෙනාම තමන් පුද්ගයන් ලෙස මිස කිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් නො පැමිණි බව කීහ. 
 
මාදුළුවාවේ සෝබිත හාමුදුරුවන් පොන්සේකා වෙනුවෙන් සංවිධානය කළ මහනුවර මහ මලුවේ සත්‍යග්‍රහය කඩාකප්පල් කෙරිණ. විවිධ  බාධා හේතුවෙන් පමා වී වැඩම කළ හාමුදුරුවන්ට දැකගත හැකි වුණේ එකිනෙකා හෝ නො හඳුනන සිවිල් පුරවසියන්  පිරිසකි. 
 
එසේ පෙළ ගැසුණ මතවාදය සහතික කළ 2015 ජයග්‍රහහණය ගසා කෑවේ නායකයන් දෙදෙනෙකි. 
 
සිරිසේන එළි බැස්සේ මැතිවරණ දිනයද ගැසට් කළ පසුවය. 
 
 දියසේනලා දෙදෙනෙකු යනුවෙන් පළවූ  ලිපිය කියවූ පාඨකයෙකු මා අමතා, කරු ජයසුරිය ගැන ලියා ඇති දේ ගැන දැඩි නොසතුට පළ කළේය. එහි නායකයන් ගැන දැක්වෙන හැඳින්වීම් සමාජයේ පවත්නා විවේචන බව ඔහු ගත්තේ නැත. ක්‍රමය වෙනස් කර ගෙදර යන කෙනෙකු වෙනුවෙන් කරු ජයසූරියට පෙළ ගැසිය හැකි නම්, බෑනලා ගැන නැගෙන අවලාද මෙන්ම පතෝල කතා නිශේධ විය හැකිය.  
 
කරු ජයසුරියගේ පතෝල විධායක ජනාධිපතිට එරෙහිව 2018දී මහ හඬින් පුපුරා ගිය බව රටම දනිති. ඇදහිය හැකි නායකයා  රට වෙනුවෙන් පෙනී සිටින්නෙකි. සාධාරණ සමාජයක්  ව්‍යාපාරය, යහ පාලනය අතර, භූමියේ පළ කළ මතවාදය අද යෝධ අඩි තබමින් රාජපක්‍ෂලාට අභියෝග කරමින් සිටියි. 
 
මතයක් යනු කවන්ධවයක් නොවේ. හිස් දහසකි. ගොඩ නැගිය යුත්තේ මතයකි. බලලෝභි තක්කඩියෙකු නොවේ.
 baddegama w
බද්දේගම විමලවංශ නා හිමියන්
 
 
56 පෙරළියට දායකවූ බද්දේගම විමලවංශ නා හිමියන් පසු කලෙක මාධ්‍ය වේදියකු ලෙස මට හමුවිය. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම වෙනුවෙන් ප්‍රඥාවන්ත නායකයෙකු ශක්තිමත් පාලකයෙකු ලෙස බණ්ඩාරනායක මුහුණ නො දුන් බව උන්වහන්සේ කීහ. 
 
පිහිටීමෙන් ළිං පතුළකට සමාන ජනාකීර්ණ මහනුවර නගරය විෂ වායුව පිරි ආවාටයකි. ඒ 26 පාර වැසීමෙන්  ඇතිවන වාහන තදබදය වායු දූෂණය තවත් තීව්ර කරයි. සිරිසේන වායු දුෂණ ප්‍රශ්නයෙන් මග හැරීමත්, බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ඉරා දැමීමත් දෙකම සුළු පටු අපරාධ නොවේ. 
 
මේ ආශ්‍රයෙන් රටට හිතකර එක් නායකයෙකු සෙවිය හැකිද? අහඹුවක්වූ කොරසෝන් අකිනෝ නිර්මානය කළ පිලීපිනයේ කිසිවෙකුට දෙවරක් ජනාධිපති විය නොහැකිය. ඝාතනයවූ විපක්‍ෂ නායකයෙකුගේ වැන්දඹුව වූ ඇය නායකයෙකු නොවූවය. පසුගිය සතියක පිලීපින වර්තමාන ජනාධිපති රුඩ්රිගෝ ඩුටර්ටේ දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව පළ විය. ඒ කැමැත්තෙන් නොවේ. නීතියෙන් ඉඩක් නැති නිසා ය. 
 
කොරසෝන් අකිනෝ භාවිතය එවැන්නකි. 19න් අහෝසි කළ සමහර දේ 20ක් යළි නීතිගත කිරීම පිලිපීනයේ සිදු වී නැත. 
 
Sirimavo Corazon Aquino
බණ්ඩාරනායක මැතිනියද කොරසෝන් අකිනෝ මෙන් අහඹුවකි. නායකයන් ඝාතනයවූ ආසියානු ප්‍රජාතන්ත්‍රවාදි රටවල් දෙකකට නායකත්වයට පත්වන විට, මේ විශිෂ්ඨ කාන්තාවන් නායකයන්ව නොසිටියහ.
 
  
නායකයෙක් නැති වැඩ පිළිවෙල කවන්ධයක් කියන මහාචාර්ය විජේසුරියට ශීලාචාර පරමාදර්ශී දේශපාලනඥයන් දහ පාළොස් දෙනෙකුවත් නැති බව පිළිගැනීමට සිදුවීමත් සතුටකි. තම දරුවන්ගේ සමහර කතා ඇසෙන විට ගෙදරින් යන්න හිතෙන බව වාර්තමාන කැබිනට් ඇමතිවරයෙකු මා සමග කීය. 
 

  
සුසිල් ප්‍රේම්ජයන්ත් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයද  එවැන්නකි. ඒ දෙදෙනාටත් නායකයන් නැති පාටය.  
 
විකල්පයක් සඳහා කුලල් කා ගන්නා විපක්‍ෂයට ගල් ලෙන බිඳ එක්වී විනාස වීමට මේ කිසිවෙකු කැමති නොවනු ඇත.  
 
2001දී පෙරළියක් සඳහා ආණ්ඩුව පෙරලා පැමිණි දේශපාලනඥයන් ආපසු මුල් කඳවුරට ගියේ මහා ප්‍රාඥයෙකු ලෙස රඟපාන රනිල් වික්‍රමසිංහ, ප්‍රතික්‍ෂේප කරමිනි. කොමියුනිස්ට් පක්‍ෂයේ වර්තමාන සභාපති රාජා කොල්ලුරේලා තිස්ස විතාරණලාත් නායකයන් ය.  මංතීරු ප්‍රශ්නයේදී  භික්‍ෂුන් භේදවී කල්ලි ගැසී ඇත. ගිහි පැවිදි දෙපිරිසම දේශපාලනිකව අතරමංව සිටිති.
 
මේ දිනවල ඉලිප්පෙමින් පවතින, වසංගතය, ගුරු වර්ජනය, පොහොර ආදි අර්බුද කල් මැරිය නොහැකි ජාතික වශයෙන් එකසේ බරපතල අර්බුද වේ.  වසංගතය ඔඩු දුවා හමාරය. සමහරු මියයති. මේ තරමින් හෝ තත්වය පාලනය වුණේ සිවිල් පරිපාලනයට වගකීම් පැවරූ  නිසාය. 
 
ගුරු ගැටළුවේ වින්දිතයන් දරුවන්ය. පොහොර යනු දෙකෝටි විසි ලක්‍ෂයක් ජනතාවගේ බත් පතය. මේ අවදානම හමුවේ එක්කෝ ජාතික රජයක් හෝ පොදු විපක්‍ෂ සංධානයක් පිණීස කිසිවෙකු මුල් නොවේ. බල කාමයෙන් රට ගිනි තැබීම වර්තමාන නායකත්වයේ පොදු ලක්‍ෂණය වේ.  
 
මහාචාර්යතුමනි, වර්තමාන නායකත්වයේ ගති ලකුණු මෙසේය. රටේ සක්‍රිය දේශපාලනයෙහි ඔබ දකින ජීවමාන නායකයන්ද හිස් අහිමි කවන්ධවම වේ. 
 
මහාචාර්ය විජේසුරිය කියන, ඔහු හෝ ඇය නිර්මානය කිරීම විවෘත මනසකින් සාකච්ඡා කළ හැකිය. මා කියන ක්‍රමය නිම කර ගෙදර යන්නාත් එවැන්නෙකි.   
 
විසි ලක්‍ෂයක් සමෘධිලාභී පවුල් යනු කිසිවෙකු ස්පර්ශ නොකළ දේශපාලන පදාසයක් බව බොහෝ දෙනාට මතක නැත. කරත්තයක් නොමැතිව හරකුන් තේරීම නිෂ්පලය. නිර්මානය කරන ඔහු හෝ ඇය  තවත් විධායක ජනාධිපතියෙක් නම් ඌත් පිස්සෙක් වුණොත්....  විසඳුමක්  තිබේද? 
 
 
ක්‍රමය වෙනස් කර ගෙදර යන්නා දෙහිතක් නැතිව, අනාගත පාලකයන්ට රිංගා යා නොහැකි දැළක් තැනීමට  නායකත්වය දෙනු ඇත. ඔහු කැලේ පැනීමේ ඉඩකඩ සියයට එකක් විය හැකිය.  හෙතෙම අනාගත පාලකයා නොවේය යන ජනතා අපේක්‍ෂාව නිසා වාසියට අත දැමිය හැකි හිල් ව්‍යවස්ථාවේ ඇති නොකරනු ඇත. 
 
  
අගමැති කැබිනට් මූලික පාලන ක්‍රමයක් සකසා ගෙදර යාමට නියමිත මිනිසා සෝල්බරි ව්‍යවස්ථාවේ මෙන් නාමික විධායක වුණොත් තමන් නිර්මානය කළ දේ යම් කාලයක් රැකබලා ගනු ඇත. 
 
1958 ජාතිවාදි කෝලාහලය මැනවින් මර්ධනය කළේ අගමැති නොවේ. නාමික අග්‍රාණ්ඩුකාර සේනාධිනායක ඔලිවර් ගුණතිලක විසිනි. 
 
කාගෙදෝ වාසියට විධායක ජනාධිපති සේනාධිනායක සිරිසේන හය මසක් ආරක්‍ෂික කවුන්සය කැඳවා නැත. 1965 මැතිවරණයෙන් ප්‍රතික්‍ෂෙපවූ මැතිනිය අගමැතිකම අත් නොහැර සිටියාය. ඇය ගෙදර යැව්වේ ඇයගේම  මාමණ්ඩියෙකු වූ නාමික ජනාධිපති ගොපල්ලව විසිනි. 
 
1970දී පරාජය කල් තබා දුටු ඩඩ්ලි සේනානායක යැවූ අස්වීමේ ලිපිය නාමික ජනාධිපති ගොපල්ලව භාර ගත්තේ නැත. අවසන් ප්‍රතිපලය නිකුත් වන තෙක් තමාට ඊට අවකාශයක් නැති ගොපල්ලව දැන සිටියේය. මේ දේශය මෙවැනි ශුද්ධවූ  සමබර පාලනයක් පැවති රටක් බව  වර්තමාන පරම්පරා දැනුවත් කළොත්.... රට සුරක්‍ෂිත කළ හැකි නොවේද?
 
මහාචාර්යතුමා චරිතයක් නොව චරිත ගැන කතා කරයි. යහ පාලනය බිඳවැටුණේ ජනාධිපති අගමැති විරසකයෙනි. එදා සිරිසේන හාමුදුරුවන් සමග හිට ගත්තා නම්..... රටට මෙහෙම වෙන්නේ නැත. අවසානයේ ජනතාව ප්‍රතික්‍ෂේප කළ රාජපක්‍ෂලාගේ ආරක්‍ෂාවට රනිල් සිරිසේන දෙදෙනාම පේ වූහ. 
 
ඊළඟ තෝරා ගන්නා දෙන්නාත් තම උවමනාකම් සඳහා එකතු වුණොත්... කුමක් වේද? පවත්නා ක්‍රමය යටතේ ප්‍රශ්න කළ හැකි විරෝධය දැක්විය හැකි කිසිදු අවස්තාවක් නැත. 
 
සියලු  ආයතන සඳහා එක් මැතිවරණයකින්  නියෝජිතයන් පත් කර ගන්නවාට, නිල කාල අහෝසිවූ සියලු වරප්‍රසාද අහිමි කරනවාට, නායකයන් කැමති වේද? තේරී පත්වන නියෝජිතයන්ගේ පැවැත්මට රාජ්‍ය භාණ්ඩාගාරය එක් සතයක් හෝ වැය නොකළ යුතුවේ. 
 
සියලු මහජන ආයතනවල වර්තමාන සංයුතිය තුනෙන් දෙකට සීමා කළ යුතුවේ. ජාතික ලැයිස්තුව අහෝසි කර සියලු කොටස් නියෝජනය කෙරෙන දෙවන සභාවක් ඇති කළ යුතුවේ. දෙවන සභාවේ සංයුතිය අලුතින්  පත්වූ  ආණ්ඩුවට වසර දෙ හමාරක් ඉක්මෙන තෙක් වෙනස් නොවිය යුතුවේ. ආදි ජනතා ස්වාධිපත්‍යය, පුද්ගල ගෞරවය රැකෙන නාස්තිය අඩු කිරිමට  හේතුවන යෝජනා ගැන කෙරෙන සංවාදයකදී අපට නායකයන් සහ කවන්ධව මෙන්ම එහෙයියන්ද හඳුනා ගත හැකිවේ. 
 
 
රටේ ගතික චින්තනය ‘පොල් සම්බෝලේ හා කැකුළු බත’ බුදින තැනට පටු කළ යුතු නැත. වැඩිහිටි පරම්පරාවට වඩා ගතික චින්තනයෙන් චීස් කොත්තු කන පාසල් දරුවන් ශක්තිමත්ය. 
 
  
Chandrasiri Senevirathne 21(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික 
 
 
අනිද්දා පත්‍රයේ 2021-10-31 දින පළවිය.

 

 


 

THE LEADER TV 

 

තවත් දොලවත්තලා ඉන්නවද ? බැසිල් හොල්මන් !! | Gossip
 

 
 
කෙරවලපිටියෙන් කෙළවෙන තැනට ? | මොණරවිලගේ ලියමන
 

  

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...