The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

තව දුරටත් විස්මලන්තයේම හිඳිමුද, නැතිනම් අවදි වෙමුද? - කේ. කාරියවසම්

T

The Leader Desk

October 31, 2021 • 5:41 AM

තව දුරටත් විස්මලන්තයේම හිඳිමුද, නැතිනම් අවදි වෙමුද? - කේ. කාරියවසම් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි වැඩි දෙනෙක් ගැඹුරු නිද්‍රාවකට වැටී සිහින දකිමින් සිටින්නෙමු. බොහොමයක් සිහින රට කරවන ඇත්තන් විසින් දිගු කලක් පුරා අපට පෙන්වන ලද
  • සමහරෙක් හිටි හැටියේ නින්දෙන් අවදි වී ඇත.    ඒ සෑම වරකම කුමන ක්‍රමයකින් හෝ ඒ අයව නැවත සිහින ලෝකයට යැවීමට හෝ, එසේ නොහැකි වූවන් සදාකාලික නිද්‍රාවට පත් කිරීමට මුලින් කී ඇත්තෝ සමත් වූහ.
  • ඇලිස් පැන්නාවූ හාවාගේ ගුලට වඩා අප පැන ඇති වල බෙහෙවින් දරුණුය.
  •     එදා ඇලිස් ඇයගේ විස්මලන්තයේ සැරිසරන විට හමුවූ අද්භූත සතුන් බොහොමයක්, අපේ විස්මලන්ත චාරිකාවේදී අපටද හමුව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒවාය. සමහර සිහින පාට පාට වන අතර, සමහර ඒවා වීරත්වයෙන් අනූනය, ඒවා දුටු අප පොලු, මුගුරු අමෝරා ගෙන සිහිනයෙන්ම සතුරා පසුපස පන්නා ගොස් ඇත. 
 
සියළු සතුරන් සමූලඝාතනය කලා යැයි උදම් අනමින්, ජය පැන්ද පානය කොට ඇත. 
 
ඔවුන් අපට පෙන්වූ සමහර සිහින අතිශයින්ම ත්‍රාසජනකය. ඒ සිහින දුටු අප, ඔවුන්ගෙන් රැකවරණය ඉල්ලා වැඳ වැටී ඇත. සමහරෙක් හිටි හැටියේ නින්දෙන් අවදි වී ඇත. 
 
ඒ සෑම වරකම කුමන ක්‍රමයකින් හෝ ඒ අයව නැවත සිහින ලෝකයට යැවීමට හෝ, එසේ නොහැකි වූවන් සදාකාලික නිද්‍රාවට පත් කිරීමට මුලින් කී ඇත්තෝ සමත් වූහ. මට සිතෙන හැටියට විස්මලන්තයේදී ඇලිස් දුටුවේ අප මේ දකිමින් සිටින සිහින වැනි ඒවා විය යුතුය.
 
  
අප බොහෝ කාලයක් ගෙවා දමා ඇත්තේ, අවුරුදු හතක දැරියක්ව සිටි ඇලිස්, විස්මලන්තයට යාමට පෙරාතුව ගංතෙරක කුසීතව සහ අඩ නිදිමතින්  වැතිර සිටි අයුරෙනි. 
 
 
මනාව හැඳ පැලඳ ගත් හාවකු, කබා සාක්කුවෙන් ගත් ඔරලෝසුවක් දෙස බලා "අහෝ, අහෝ මා පරක්කුයි" කියා දුවන විට මෙලෝ වග විබාගයක් නැතිව ඌ පසු පස  දිවූ ඇලිස් මෙන්, අප ද ජැන්ඩියට හැඳ පැලඳ ගත් හාවුන් පිටුපස හසරක් නැතිව දුවමින් සිට ඇත. 
 
හාවා ගුලට රිංගු විට, නැවත එලියට එන්නේ කෙසේදැයි නොසිතා ඇලිස් එයට පැන්නා මෙන්ම, අපද කිසිවක් නොසිතාම වලකට පැන ඇත. පතුලක් නොදුටු වල තුල තවමත් අපි දිගු කලක් තිස්සේ රූටා යමින් සිටිමු. ඇලිස් පැන්නාවූ හාවාගේ ගුලට වඩා අප පැන ඇති වල බෙහෙවින් දරුණුය. අපේ වලේ බිත්ති වල කටු කොහොල් බහුලය. එය දෙවෙනි විය හැක්කේ අපායේ කටු ඉඹුලට පමණක් විය හැක. 
 
මේ වන විට අපි සැවොම දරුණු තුවාල ලබමින් ලේ ගලමින් සිටින්නෙමු. වලේ පතුල කෙදිනක හමුවේදැයි යන්න අවිනිශ්තය.  
 
එදා ඇලිස් ඇයගේ විස්මලන්තයේ සැරිසරන විට හමුවූ අද්භූත සතුන් බොහොමයක්, අපේ විස්මලන්ත චාරිකාවේදී අපටද හමුව ඇත. ඇලිස්ට හමුවූ එක් කණක සිට අනෙක් කණ දක්වා විරිත්තන චෙෂයර් බළලුන් සෑම අවුරුදු පහකට වරක්ම අපටද මුණගැසේ. 
 
7069708668c04f3c3458cdc8408f60fd 
 
ප්‍රශ්නයක් විසඳා ගැනීමට කල හැකි හොඳම දෙය වන්නේ රවුමට තරඟ දිවීම බව ඇලිස්ට කිවූ ඩෝඩෝ පක්ෂියා අපටත් මුණගැසී ඇත. ඩෝඩෝ ගේ තියරියට අනුව රවුමට දුවන විට සැවොම දිනුම්ය. ඉදිරියට දුවනවා වෙනුවට රවුමට දිවීමට අප තරම් සමතුන්  මිහිපිට තවත් ඇතැයි සිතිය නොහැක. 
 
ඇලිස් මුහුණ දුන් උස් හා මිටි වීමේ අනන්‍යතා අර්බුදය අපේ  විස්මලන්තයේ දකින්නේ කලින් කලට සිදුවන වර්ණ විපර්යාසයකිනි. වරෙක නිල් පැහැ ගන්නවුන් වරෙක කොළ පැහැ වෙයි, තවත් වරෙක මැරූන් (සිංහල වචනයක් තිබේද?) පැහැ ගනියි.  
 
සමහර සිහින දුටු අපි, ඇලිස්ගේ විස්මලන්තයේ මායාකාරී හත්තක් උඩ hookah පයිප්පයෙන් දුම් උරමින් සිටි දළඹුවා මෙන් ඉමහත් ප්‍රහර්ෂයට පත්ව, නලියන දළඹු රෑනක් ලෙස නන්දන වින්දන සයුරේ ගිලී ඉපිලී ගියෙමු. 
 
 
විවวත ආර්ථිකය ඉතා වැදගත් සංකල්පයක් වුවත්, ආර්ථිකය පියනකින් වැසුනු බඳුනක් ලෙස උපකල්පනය කළහොත්, එදා බඳුන විවวත කලේ පියන උඩ අතට හරවාද, නැතහොත් යට අතට හරවාද කියා සිතන්නටවත් නින්දේ ගැලී උන් අප සබුද්ධික වූවාදැයි සැක සහිතය. 
 
ආර්ථිකය විවෘත කිරීමෙන් පසුවද සාමාන්‍ය ජන ජිවිතයේ අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි මූලික අවශ්‍යතා පවා පරිහානියටම පත්වූවා මිස, වැඩි දියුණු නොවූයේ ඇතැමුන් කියන පරිදි විවෘත ආර්ථිකයේ දෝෂයක්ද, එසේ නැතිනම් එය කළමනාකරණය කල  අයගේ දෝෂයක් නිසාදැයි එතරම් ආර්ථික විද්‍යා ශක්‍යතාවයක් නැති මට ගැටලුවකි. 
 
අප නිද්‍රෝපගතව සිටි අතර තුර සිදුවී ඇති දෑ වෙළුම් ගණනාවකින් වත් ලියා නිමකල නොහැක. අතීතයේදී යමෙක් හොරකම් කලේ හොරෙන්, ලජ්ජාවෙන් සහ බියෙන් යුතුව වුවත්, දැන් එය සිදුවන්නේ කිසියම් වීරත්වයක්, දක්ෂතාවයක් ආරූඪ කර ගනිමින්, කිසිදු විලි ලැජ්ජාවකින් තොරවය. කොමිස් ගැසීම ජාතික ක්‍රීඩාවක් වැනිය. බොහෝ ජනයා එදෙස බලා සිටින්නේ අධිරාජ්‍යයාගේ අලුත් ඇඳුම් (The Emperor's New Clothes) දෙස බලා සිටින්නා ලෙසය.
 
 
අප නිදා සිටින අතර බුදු දහමද විපරීත වී ඇති සෙයකි. බුදුන් වහන්සේගේ  මූලිකම ඉගැන්වීම වූ සරල ජීවන රටාව අතුරුදන්ව ඇත. 
 
 
සියළු යස ඉසුරු හැරදමා සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වූවත්, අද එතුමන්ගේ ගෝල පරම්පරාවේ සමහරු චීවරය පොරවා ගත් පසු අලංකාර ගොඩනැගිලි, යාන වාහන, බැංකු ගිණුම් එක් රැස් කරමින්, රට කරවන ඇත්තන්ගේ පිට කසමින් සිටිති.
 
ශ්‍රද්ධාවෙන් අති සංතෘප්ත වූ යෙහෙළියක් සමග කල සුහද කතාබහක් අවසන් වූයේ, චීවරය පිළිබඳව මාගේ අදහස් වෙනස් කර නොගතහොත්, මියැදුන විට යමපල්ලන් මා ඇදගෙන යාමට පැමිණීම ශක්‍රයාටවත් වැලැක්විය නොහැකි බව දැන ගැනීමෙනි. 
 
චීවරයට මුවාවී පරුෂ වචන කීම, මුසාවාද කීම, මිනිසුන් අතර වෛරය සහ ද්වේශය පැතිරවීම, මාරාන්තික උපවාස වල යෙදීම කෙසේනම් සාධාරණීකරණය කරම්දැයි මා ඇසූ විට, ක්‍ෂුද්‍ර ජීව විද්‍යා පශ්චාත් උපාධියක් හිමි යෙහෙළිය පැවසූවේ එය මට අයිති කටයුත්තක් නොවන හෙයින්, මා කල යුත්තේ චීවරය දරණ ඕනෑම කෙනෙකුට දෙදණින් වැටී වන්දනා කිරීම බවයි. 
 
වන්දනා කල යුත්තේ චීවරයට මිස එය දරා සිටින්නාගේ සුපටිපන්න ගුණයට නොවේ නම්, සාප්පුවකින් සිවුරක් ගෙනැවිත් නිවසේ තබා, දිනපතා එයට වන්දනා කිරීම වඩාත් උචිත නොවේදැයි ඇසූ විට, ඇය මා ගැන තීරණයක් ගැනීම යමපල්ලන්ට භාර දුන්නාය. (සුපේෂල ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේලාට දෙපා නමැද මාගේ අප්‍රමාණ ප්‍රණාමය පුදන බවද මෙහිදී සඳහන් කල යුතුය.)
 
 
විද්‍යාත්මක පදනමකින් තොරව ජනයාට පැණි පෙවීමේ, මුට්ටි අතහැරීමේ, කට්ටඩියන් සහ යකැදුරන් පසුපස හඹා යෑමේ අනිටු ප්‍රථිපල, වටිනා ජීවිත දස දහස් ගණනින් අහිමි වීමෙන් අපට ප්‍රත්‍යක්‍ෂ විය.
 
 
ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව හෝ සිංහල බුද්ධාගම ගැන මට උපාධි සහතික නැතත්, ඉතා සීග්‍රයෙන් රට අගාධයට ඇදී යන අවසාන හෝරාවේ සිටින බවක් නම් හැඟෙයි.  
 
Sobitha thero 
 
 
විස්මලන්තයේ අවිචාරය දුටු මාදුළුවාවේ සෝභිත හිමියන්, එදා තට්ටුමාරු දේශපාලන ක්‍රමය වෙනුවට ගෙන ආ විකල්පය, දෙදහස් දහඅට වසරේ ඔක්තෝබර විසිහය දා අවසන් වූ සැටි දුටුවේ නම්, එතුමන් අපවත් වන්නේ එදා විය හැක.  විජය කුමරු තමනට සිහසුන ලබාදුන් කුවේණියට සහ තමාට දාව උපන් දෙදරුවනට ද්‍රෝහි වීමේ සිද්ධියට පමණක් දෙවෙනි විය හැකි එම ජුගුප්සාජනක පාවා දීම සෝභිත හිමියන් නොදැකීම භාග්‍යයකි.
 
 
මංගල සමරවීර මැතිතුමන්, තාරුණ්‍යය බල ගන්වන "ෆ්‍රීඩම් හබ්" තුන්වන බලවේගය ආරම්භ කලේ අපව මේ නිද්‍රාශීලී මෝහනයෙන් මුදා, උපන් සහ නූපන් අනාගත පරපුර වෙනුවෙන් රට ගලවා ගැනීමේ ප්‍රයත්නයක් ලෙසය. දේශයේ කරුමයට අකාලයේ සමුගත්තත් ඔහුගේ අභිප්‍රාය මල් පල ගැන්වීම අපේ වගකීමක් වනු ඇත.  
 
නොඑසේනම් අප සැමට උමතුසන් වරුසාවට ස්වේච්චාවෙන්ම හසුවීම හැර අන් කිසිදු විකල්පයක් නොවනු ඇත.
 
 
 
(කේ. කාරියවසම්)
ඇමරිකාවේ සිට ...
 

THE LEADER TV 
 
ගලි බව් "ස"ර්? | මොණරවිලගේ ලියමන
 
 
 
හොර පෝර චොර වෙයි ?| "ස" ගේ දැනගැනීම පිණිසයි 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තව දුරටත් විස්මලන්තයේම හිඳිමුද, නැතිනම් අවදි වෙමුද? - කේ. කාරියවසම් | The Leader