The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

අඥාන අසාර ‘එක රටක් - එක නීතියක්’ - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

November 7, 2021 • 5:18 AM

අඥාන අසාර ‘එක රටක් - එක නීතියක්’ - අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘එක රටක් – එක නීතියක්’ උදෙසා ජනාධිපති කාර්යසාධන බලකායක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබේ.
  • උදාහරණයක් ලෙස ඇතැම් රාජ්‍යයන්හි මරණ දඬුවම ක්‍රියාත්මක වන අතර, මරණ දඬුවම නොමැති රාජ්‍ය ද ඇමරිකාවේ තිබේ.
  • උදාහරණයක් ලෙස, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවමට ලක්වී සිටි දුමින්ද සිල්වාට ලැබෙන ජනාධිපති සමාව දිළිඳු සාමාන්‍ය පුරවැසියකුට කිසි කලෙක ලැබෙන්නේ නැත.
  •   අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට වරදකරු වීම හේතුවෙන්, වසර හයකදී ගෙවී යන පරිදි වසර 19ක බරපතල වැඩ සහිත සිර දඬුවමකට 2018 අගෝස්තු 18දා ගලගොඩඅත්තේ ඥානසාර හිමි ලක්කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):



රටේ සියලූම ජනතාව සම්බන්ධයෙන් ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පයට මූලිකත්වයක් දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 අගෝස්තු මස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහිදී ද කියැවිණි.

එක රටක එක නීතියක් තිබිය යුතුද යන්න වෙනම සාකච්ඡාවට ලක්කළ යුතු ප්‍රශ්නයකි. එහිදී රාජ්‍යය කුමන ආකාරයේ එකක්ද යන්න වැදගත් වේ.

ඇමරිකා එක්සත් ජනපදය වැනි බොහෝ රටවල එක් නීතියක් නැත. උදාහරණයක් ලෙස ඇතැම් රාජ්‍යයන්හි මරණ දඬුවම ක්‍රියාත්මක වන අතර, මරණ දඬුවම නොමැති රාජ්‍ය ද ඇමරිකාවේ තිබේ.

ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවන්ට බලපාන සුවිශේෂ නීති තිබේ. විශේෂයෙන්ම මුස්ලිම් විවාහ නීතිය දැඩි කතාබහට ලක්වී තිබේ. තේසවලමෙයි යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවට බලපාන නීතියකි. උඩරට විවාහ නීතිය ද ‘එක රටක් – එක නීතියක්’ සංකල්පයට පටහැණි තත්වයකි. මුස්ලිම් විවාහ නීතිය ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරන නීතිවලට පටහැණිය.

‘එක රටක් – එක නීතියක්’ යයි කීවාට කාන්තාවන් වැනි ඓතිහාසිකව වෙනස් අන්දමින් සැලකීමට ලක්ව සිටින සමාජ කණ්ඩායම් සඳහා සමානාත්මතාව තහවුරු කිරීම සඳහා ඔවුන්ට වෙනස් අන්දමින් සලකන නීති අවශ්‍යය. එවැනි වෙනස් සැලකීම්වලට සාධනීය වෙනස් සැලකීම් යයි කිව හැකිය. පළාත් පාලනයේ කාන්තා නියෝජනය සඳහා වෙනම කෝටාවක් වෙන්කිරීම එවැනි තත්වයකි. එවැනි තත්වයන් පවා ‘එක රටක් – එක නීතියක්’ සංකල්පයට පටහැණි විය හැකිය.

මන්ද, එම සංකල්පය අනුව, භූමිය, ජනවර්ගයන් අනුව වෙනස්කම් සිදුකිරීම වැරදි නම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව පවා වෙනස් සැලකීම් සිදුනොවිය යුතුය.


ධනවත්කම හා බලවත්කම :


‘එක රටක් – එක නීතියක්’ යන සංකල්පය කොහොමත් ක්‍රියාත්මක නොවන තත්වයක් වන්නේ ධනවත්කම හා බලවත්කමයි. උදාහරණයක් ලෙස, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවමට ලක්වී සිටි දුමින්ද සිල්වාට ලැබෙන ජනාධිපති සමාව දිළිඳු සාමාන්‍ය පුරවැසියකුට කිසි කලෙක ලැබෙන්නේ නැත.



තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා තීරණය කර තිබේ. සාමාන්‍ය පුරවැසියකුට මෙවැනි වරප්‍රසාදයක් ලබාගත නොහැකිය.

 

අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට වරදකරු වීම හේතුවෙන්, වසර හයකදී ගෙවී යන පරිදි වසර 19ක බරපතල වැඩ සහිත සිර දඬුවමකට 2018 අගෝස්තු 18දා ගලගොඩඅත්තේ ඥානසාර හිමි ලක්කරන ලදී. එහෙත් වසරක් ගෙවීයන්නටත් පෙර එහිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් විය. සිරදඬුවමට ලක්ව සිටි කෙටි කාලය තුළ පවා, බන්ධනාගාර සම්ප්‍රදාය අනුව ජම්පරය නම් සිරකාර නිලඇඳුම ඔහුට ඇන්දවීමට බන්ධනාගාර බලධාරීන් අසමත් විය.


‘එක රටක් – එක නීතියක්’ උදෙසා ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති ධුරයට පත්කර තිබෙන්නේ ඒ ඥානසාර හිමිය.

අලුත්ගම, ධර්ගා නගරය, බේරුවල වැනි ප්‍රදේශවල 2014දී ඇති වූ සිංහල-මුස්ලිම් ගැටුම පසුපස ඥානසාර හිමි සිටි බවට ද චෝදනා එල්ල වූ නමුත්, නිසි පරීක්ෂණයක් සිදුවූයේ නැත.

 

මුස්ලිම් විරෝධී දේශපාලනය සමග ඥානසාර හිමියන්ගේ සමීප සම්බන්ධයක් ඇති බවට චෝදනා නැගේ. කෙසේ වෙතත්, මෙම මුස්ලිම් විරෝධී දේශපාලනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේත්, ඔහුගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවේත් බලය සඳහා මහෝපකාරී වූ බව රහසක් නොවේ. ඥානසාර හිමියන්ට ‘එක රටක් – එක නීතියක්’ උදෙසා ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපතිත්වය ලබාදෙන්නේ එයට කෘතගුණ සැලකීමක් ලෙස විය හැකිය.

 

නොඑසේ නම්, ඔහු අන්තවාදී දේශපාලනයෙන් ප්‍රධාන ධාරාව තුළට ගෙන පාලනය කර තබාගැනීමේ උපායක් ලෙස වන්නට පුළුවන. බලය ලබාගැනීමෙන් පසු ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට මුස්ලිම් විරෝධයෙන් එතරම් ප්‍රයෝජනයක් නැති විය හැකිය.

ඥානසාර හිමියන්ගේ පත්කිරීමටත් වඩා මෙම ජනාධිපති කාර්යසාධන බලකාය සම්බන්ධ ගැටලු තිබේ. එම ගැටලු ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියෙහි මෙසේ විස්තර කර තිබේ.

“නීතියක් කෙටුම්පත් කිරීම හා දැනට පවතින නීති අධ්‍යයනය කිරීම රජයේ ආයතන ගණනාවක් සම්බන්ධ කරගෙන සිදුකළ යුතු බරපතල කාර්යයන් බව ඔබතුමන් හොඳින් දන්නා බවට සැකයක් නැත. නීති සම්පාදන බලය යනු මහජන ස්වෛරීභාවයේ එක් සාධකයකි.

“නීති සම්පාදනය සඳහා ක්‍රමවේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම සම්පාදනය කර තිබේ. වෙනත් නීති හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මගින් එය ශක්තිමත් කරනු ලැබේ. මෙම අරමුණ වෙනුවෙන් ප්‍රමාණවත් නීති හා ස්ථාවර නියෝග ද, යෝග්‍ය යාන්ත්‍රණයන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ දැනටමත් අන්තර්ගත වේ. පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා මෙන්ම ස්ථාවර කාරක සභා සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව පිහිටුවිය හැකි තේරීම් කාරක සභා ද, නීත්‍යානුකූලව ස්ථාපිත කර තිබෙන නීති කොමිෂන් සභාව ද මෙම යාන්ත්‍රණයන්ට අයත්ය. එයට අමතරව, පසුගිය වසරේදී විවිධ නීති සංශෝධන යෝජනා කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය විසින් කමිටු කීපයක් ද පත්කර තිබේ.

“ආංශික අධීක්ෂණ කාරක සභාවල සාමාජිකත්වය හොබවන්නේ ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරුන් විසිනි. නීති කොමිෂන් සභාවේ සභාපතිත්වය හොබවනු ලබන්නේ ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතීඥවරයකු විසිනි. අධිකරණ ඇමතිවරයා විසින් පත්කරනු ලබන බොහෝ කමිටු ද සමන්විත වන්නේ නීති වෘත්තියෙහි ජ්‍යේෂ්ඨ සාමාජිකයන් හා ප්‍රවීණ විද්‍යාර්ථීන් විසිනි. ඇතැම් කමිටුවල සභාපතිත්වය දරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් විසිනි.

“මෙම යාන්ත්‍රණයන්ට අමතරව, නීතිපතිවරයා හා ඔහුගේ දෙපාර්තමේන්තුව ද නීති සම්පාදන ක්‍රියාවලියේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පිළිගෙන තිබේ. මෙම ක්‍රියාවලිය තුළ නීතිපති දෙපාර්තමේන්තුව ද වැදගත් භූමිකාවක් ඉටුකරන සංදර්භය තුළ, නීතිපතිවරයාගේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ භූමිකාවන් හා ජනාධිපති කාර්යසාධක බලකායේ භූමිකාව පිළිබඳ ප්‍රශ්න මතුවේ.

 

“මෙම පසුබිම තුළ, අධිකරණ අමාත්‍යාංශයේ කාර්යයන් අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති කාර්යසාධන බලකායක් පිහිටුවීම අයෝග්‍ය බව හා එය නීති සම්පාදන ක්‍රියාවලියේ පිළිගත් නීත්‍යානුකූ රාමුවට අයත් නොවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතයයි. නීත්‍යානුකූලව තේරී පත්වූ මහජන නියෝජිතයන්ගේ බලතල සහ නිසි ජනවරමක් සහිත විධායක බලතල වෙනත් බාහිර ව්‍යූහයන් වෙත පවරාදීම මගින් මහජන ස්වෛරීභාවය බිඳවැටෙනු ඇත.”

 

මෙම ජනාධිපති කාර්යසාධන බලකායේ තිබෙන අනෙකුත් ගැටලු වන කාන්තාවන් නියෝජනය නොවීම, ප්‍රධාන ජනවර්ගයන් හා ආගම් බැහැරකිරීම වැනි සාධක ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන කාරණාත් සමග සන්සන්දනාත්මකව බැලූ කල එතරම් වැදගත් නැත.

මෙවැනි කාර්යසාධන බලකායක් පත්කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ‘එක රටක් – එක නීතියක්’ සංකල්පයම අවමානයට ලක්වීම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තියෙන් පැවරෙන බලතල ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකළ ජනාධිපතිවරයා ද හෑල්ලුවට ලක්වීම විය හැකිය.


Ajith parakum J(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

(praja.lk)






 


THE LEADER TV 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන
 

 
 
"ස" ට කඳක් තියෙනවා ඔළුවක් නෑ ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...