The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දේශපාලන ජල්ලි කට්ටු - (උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

January 13, 2023 • 9:47 PM

දේශපාලන ජල්ලි කට්ටු - (උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලාංකේය අවිහිංසාවාදයේ පියා ලෙස සැළකෙන එක්තරා මහැදුරුවරයෙක් උප කුලපති ව සිටින එක්තරා කාලයක, එතුමාගේ මොටෝ රථයේ සීට් අස්සේ මී පැටවූ පිරිසක් බෝ වී සිටියාළු.
  • ඒ බව දැනගත් මුණිවරයෙකු බඳු මේ මහැදුරා, මී පිරිස ඝාතනය පවක යී කියා එය වහා වැළක්වී ය.
  • ක්‍රිෂ්ණමූර්ති ලෙස පැකට මේ මුණිවර කුලපති, කළා යී කියැවෙන්නේ, වහා ටැලිපෝනය කරකවා, පොලීසිය කැඳවා, සිසුනට බැටන්-පොලු දානයක් සපයාලීම යි.
  • මීට සති කිහිපයකට පෙර, අහිංසක බලු පැටවෙකු අපයෝජනයට ලක් වූ බවට සැළ කරමින්, පැටවාගේ අයිතිකාරිය ද පැත්තකින් හිඳුවා, හැඬු කඳුලෙන් මාධ්‍යට මේ අවනඩුව කීවා එවන් සත්ව කරුණාබරිත ලඳකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලාංකේය අවිහිංසාවාදයේ පියා ලෙස සැළකෙන එක්තරා මහැදුරුවරයෙක් උප කුලපති ව සිටින එක්තරා කාලයක, එතුමාගේ මොටෝ රථයේ සීට් අස්සේ මී පැටවූ පිරිසක් බෝ වී සිටියාළු. එකල සීට් ගසා තිබුණේ ඉස්ප්‍රීන් හා පුළුං වලින් නිසා මෙය මී පවුලට ලක්සරි කොන්ඩොමිනියක් මෙන් විය. අදාළ විශ්ව විද්‍යාලය විසින් නඩත්තු කරන ලද මේ මොටෝ රථයේ සුභ සාධනය වෙනුවෙන් ඒ මී පැටවුන් පිරිස වාහනයෙන් සදහට ම අවතැන් කරනු පිණිස මී-පාසානම් ස්ථානගත කරනට පරිපාලන බලධාරීහු සුදානම් වූ හ. ඒ බව දැනගත් මුණිවරයෙකු බඳු මේ මහැදුරා, මී පිරිස ඝාතනය පවක යී කියා එය වහා වැළක්වී ය. ඒ කාලයේ ම සරසවියේ සිසුන් පිරිසක් උද්ඝෝෂණයකට අර අඳිද්දී, ලෝකල් ජේ. ක්‍රිෂ්ණමූර්ති ලෙස පැකට මේ මුණිවර කුලපති, කළා යී කියැවෙන්නේ, වහා ටැලිපෝනය කරකවා, පොලීසිය කැඳවා, සිසුනට බැටන්-පොලු දානයක් සපයාලීම යි.

xgfsdf

සත්ව කරුණාව උතුම් දෙයකි. මීට සති කිහිපයකට පෙර, අහිංසක බලු පැටවෙකු අපයෝජනයට ලක් වූ බවට සැළ කරමින්, පැටවාගේ අයිතිකාරිය ද පැත්තකින් හිඳුවා, හැඬු කඳුලෙන් මාධ්‍යට මේ අවනඩුව කීවා එවන් සත්ව කරුණාබරිත ලඳකි. යමක් වචනයෙන් කිව නොහැකි අහිංසක සතෙකුට කරන අණවින ඕ සමාන කළා බිළිඳෙකු අපයෝජනය කිරීමට ය. මේ අනාවරණයෙන් ආගම් ලැදි නොලැදි සියළු ලක් දනා මහත් කම්පාවට පත් වූ හ. ඕනෑ ම සමාජයක පාපතර හතර පස් දෙනෙක් සිටිති. ඔවුහු කීවෝ මෙය කුලඟන සමිතියක තනතුරක් දැහැ ගැනීමට ගහන ලද දහන් ගැටයක් බව ය. එහෙත් ඒ සුනඛ අනාවරණය කළ විශාඛාවගේ බිඳුණු කටහඩ ඇසුණු හා ' ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට' තිබු ඇගේ කඳුළු පිරි දෙනෙත දුටු දුදනෙකුගේ වුව ද ලය පැළී යන මට්ටමක පත් වී ය.      

ඉන්දිරා ගාන්ධිගේ වැඩිමහල් පුත් සන්ජේ ගාන්ධිගේ බිරිඳ වූ මනේකා ගාන්ධි දේශපාලන කරලියට මුලින් පිවිසියේ සතුන්ගේ අයිතිවාසිකම් ක්‍රියාකාරිණියලක්  ලෙස ය. ගුවන් අනතුරකින් තම සැමියා 1980 දී අකාලේ මිය ගිය පසු, ඉන්දිරා-මනේකා නැන්දම්මා-ලේලී ගට්ඨනයක් නිසා මනේකා කොන්ග්‍රසය හැර දමා වෙනත් දේශපාලන පක්ෂ සමග කටයුතු කළා ය. බීජේපියේ ටිකැට්ටුවෙන් ජන්තා දාල් පක්ෂය නියෝහනය කරමින් 2004 සිට මේ වන තුරු ලෝක් සභාවේ මනේකා සිටින්නී ඇයගේ මුල් කාලීන සත්ව කරුණාව නිසා ය.

vsdfdsf

ගාන්ධි පවුලේ වත්මන් පරම්පරාව නියෝජනය කරන, රජීව්-සෝනියා යුවලගේ දියණිය ප්‍රියංකා ගාන්ධි (විවාහයෙන් පසු ව වද්‍රා) ද මානව අයිතිවාසිකම් වලට වඩා වැඩි අවධානයක් මුලින් යොමු කළේ සත්ව අයිතිවාසිකම් ගැන ය. සමහර විට ඒ  මනේකා නැන්දාගේ අනුප්‍රාණය නිසා විය හැක. ගෙදර ඇති කරන සුරතල් බල්ලන් ගැන ඈ නිතර සමාජ මාධ්‍යයේ පෝස්ටු දමන්නී ය.  2019 උත්තර් ප්‍රදේශ් ජන්ද කැම්පේන කාලයේ දී ප්‍රියංකා ගෝත්‍රික නයි නටවන ජන කොටසක් සමග මාධ්‍ය සංදර්ශනයක කොටසක ලෙස කතා බහක නිරත වුණේ නයි නටවන්නාගේ වුවත් කතිරය වැදගත් නිසා ය. ඈ මිතුරු විලසින් ලන්වුණේ නටවන්නන්ට පමණක් නොව නයින්ට ද ය. මහත් ආදරයෙන් නයින් තම සුරතට ගෙන ඕ සුරතල් කළා ය. මින් කිපුණු පෙටා (පීපල් ෆො එතිකල් ට්‍රීට්මන්ට් ඔෆ් ඇනිමල්ස්) නම් සංවිධානය, ප්‍රියංකා 1973 වන සංරක්ෂණ පනත, 1960 සත්වයින්ට හිංසා කිරීමේ පනත පමණක් නොව මැතිවරණ නීතිය අනුව සතුන් අවභාවිතා කිරීම යන නීති උල්ලංඝනය කළ බවට චෝදනා කළේ ය. මේ මැතිවරණය සමයේ ම, මෝදී පාක්ෂිකයෙන් මැතිවරණ දිනයේ තම සුරතල් බල්ලාගේ සිරුරේ මෝදී-ස්ටිකර අලවා පාරේ 'වෝක්' එකකට කැඳවා ගෙන යද්දී, ඔහු ව පොලීසියෙන් කුදලාගෙන ගියේ මැතිවරණ නීතිය උල්ලංඝනය කළ නිසා ය. බල්ලන් ලවා හෝ මැතිවරණ ප්‍රචාරය, මැතිවරණ දිනට පෙර යම් කාලයක තහනම් ය.  .

dfgert

ජල්ලි කට්ටු යනු පොංගල් සමයේ දකුණු ඉන්දියාවේ කෙරෙන සම්ප්‍රදායික ජන ක්‍රීඩවකි. ජල්ලි කට්ටුවේ කෙරෙන්නේ කිපුණු කුළු හරකෙකු හා පොර බැඳ සතා මෙල්ල කිරීම යි. අසරණ ගවයාගේ ගෞරවය හා සුභ සාධනය තකා, දිගු කලෙක සිට කෙරුණු උද්දේශනයක ප්‍රතිඵලය ලෙස ජල්ලිකට්ටු ශ්‍රේෂ්ඨාකරණය විසින් තහනම් කළේ 2014 දී ය. මේ තහනමට එරෙහි ව තමිල්නාඩුවේ වසර ගණනාවක්  ජනතාව අරගල කළේ ජල්ලිකට්ටු දිගට ම තබා ගන්නට ය. එය දේශපාලන ජල්ලිකට්ටුවක් වූයේ, මෝදීගේ මධ්‍යම ආණ්ඩුව මේ තහනමින් කරන්නේ දමිල සම්ප්‍රාදායක කුමන්ත්‍රණකාරී ව මුලිනුපටා දැමීම යී දකුණු ඉන්දීය මතයක් හා විරෝධයක් වර්ධනය වීමත් සමග ය. මේ අරගලය වීථි පුරා ගිනි තබා ගනිමින් ප්‍රචණ්ඩ එකක බවට පත් වූයේ 2017 දී ය. ජල්ලිකට්ටු අරගලයට සොලිදැරිටි ව ලොව පුරා විරෝධතා දැක්වී ය. ගවයාට වඩා වැදගත් සම්ප්‍රදාය හා අන්‍යතාව බව තේරුම් ගත් තමිල්නාඩු රජය ජල්ලිකට්ටු තහනම අවලංගු කළේ ය.          

ඕලන්දයේ පදිංචියට මුලින් ම මා ගියේ 2002 දී ය. ඒ වසර දේශපාලන කලබගෑනි කිහිපයක්ම සිදී විය. වසර දෙසීයකට පසු දේශපාලන ඝාතනයක් සිදු විය. ඒ, නැගී ආ නව දේශපාලන බලවේගයක නායකයා වන පිම් ෆුර්ටාන් වෙඩි තැබීමත් සමග ය. හැලහැප්පිලි පිරි ඒ වසර අවසානයේ නව දේශපාලන පක්ෂයක් ඇරැඹිණ. එහි නම 'පාර්ටෙයි ෆූර් ඩීරන්'  හෙවත් සත්වයන් උදෙසා පක්ෂය ය.  ඔවුන්ගේ  මැනිෆෙස්ටෝවේ ඇත්තේ ආර්ථික සමෘධිය නොව සත්ව අයිතිවාසිකම් හා සුභ සාධනය ය. මා එරටේ ජීවත් ව සිටි දශක එකහාමාරක පමණ කාලය තුල මා මේ අමුතු පක්ෂය සමීප ව නිරීක්ෂණය කළ අතර, ඔවුන් ක්‍රමයෙන් පාර්ලිමේන්තුවේත්, සෙනෙට් සභාවේත්, පළාත් පාලන ආයතනවල පමණක් නොව යුරෝපීය පාර්ලිමේන්තුවේත් නියෝජනය බලා ඉඳිද්දී තහවුරු කර ගත්තේ ය.  පසුගිය පාර්ලිමේන්තු ජන්ද දෙකේ ම ඕලන්ද ජනතාවගෙන් 3%ක් ජන්දය දුන්නේ සත්තුන්ගේ පක්ෂයට ය. සත්ව පක්ෂ මන්ත්‍රීවරු හය දෙනෙක් ට්වීඩ-කාමර් ලෙස හැඳින්වෙන පාර්ලිමේන්තුවේ ද එක් මන්ත්‍රීවරයෙක් සෙනෙට් සභාවේ ද තවත් එක මන්ත්‍රීවරයෙක් යුරෝපීය පාර්ලිමේන්තුවේ ද නියෝජනය වේ. මීට අමතර ව පළාත් පාලන ආයතනවල ද සත්ව පක්ෂය ප්‍රශස්ත නියෝජනයක කරයි.

 

ජවිපෙ සැදැහැවතුන් නිතර මතුරන මන්තරයක වන 74 වසරක සාපය (ඉකුත් 31 දින සිට, එය 75 ලෙස මතුරන ලෙසට පැලවත්තෙන් සර්කියුලර්යක් කාඩරයන්ට යවා ඇත) අනුව අප රටට මෙතෙක් යමක් අත්පත් කර ගැනුමට නොහැකි ව ඇත. ඒ ඇත්ත ය. අපගේ දේශපාලනය අතිශය බෙදුම්කාරී ය. අප විවිධ පංති, කුල, ජන වර්ග, පළාත්, ආගම් හා මතවාද ඔස්සේ බෙදී, ඒවා මත ඇනකොටා ගනිමින් එකිනෙකාගේ කකුලෙන් අදිමින් සිටින දේශයකි. අපට දැන් අවැසි ව ඇත්තේ මේ පටු බෙදුම් අභිබවා ඒකායන අහිප්‍රායක් ඔස්සේ සෑම සියළු දෙනා ඒකරාශී කිරීම යි.



ජවිපෙ සැදැහැවතුන් නිතර මතුරන මන්තරයක වන 74 වසරක සාපය (ඉකුත් 31 දින සිට, එය 75 ලෙස මතුරන ලෙසට පැලවත්තෙන් සර්කියුලර්යක් කාඩරයන්ට යවා ඇත) අනුව අප රටට මෙතෙක් යමක් අත්පත් කර ගැනුමට නොහැකි ව ඇත. ඒ ඇත්ත ය. අපගේ දේශපාලනය අතිශය බෙදුම්කාරී ය. අප විවිධ පංති, කුල, ජන වර්ග, පළාත්, ආගම් හා මතවාද ඔස්සේ බෙදී, ඒවා මත ඇනකොටා ගනිමින් එකිනෙකාගේ කකුලෙන් අදිමින් සිටින දේශයකි. අපට දැන් අවැසි ව ඇත්තේ මේ පටු බෙදුම් අභිබවා ඒකායන අහිප්‍රායක් ඔස්සේ සෑම සියළු දෙනා ඒකරාශී කිරීම යි. ඊට මහඟු අවස්තාවක් යට කී අගතියට පත් බලු පැටවා අපට උදා කර ඇති බව මට හැඟේ. පරණ ගිවිසුමේ එන සැක්‍රිෆිෂල් ලෑම්බ් හෙවත් කැපකරණ ලද බැටළු පැටවෙකු මෙන් එම බලු පැටවා අප ජාතිය ඉදිරියේ වේදනාවෙන් අපයෝජනය වෙමින් ඉකි ගසන්නේ අපට සමගියෙන් එක ම ජන බලවේගයක් ලෙස එකතු වීමට නොවේ ද ?  ජනතාපේක්ශාව අභිබවා සුනඛාපේක්ශාව දේශපාලන න්‍යාය පත්‍රයට ගෙන අවුත් සුසයාමාදර්ශී වෙනසක් කළ යට කී විශාඛාවගේ නම ඉතිහාසයේ සදා නොමැකෙණ ලෙස ලියැවෙණු අතර (දේශපාලනය) 'බල්ලට ගියා' යන ඉඩියම මින් පසු සාධනීය අර්ථයක් දරණු ඇත.

Udan(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

320723070 553561629955212 5233208659897488127 n

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...