The Leader News
BREAKING
කොළඹ වරාය චීන ලොජිස්ටික්ස් ව්‍යාපෘතිය අත්හිටුවයි: වරාය අධිකාරියෙන් බේරුම්කරණයක්●කාවන් තිස්ස ඇතාගේ අකල් මරණය සහ දහනක බණ්ඩාර දෙවියන්ගේ කෝපය●2029 එන්නේ 56 ද? නැත්නම් 65 ද? - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!●ආයෝජන යෝජනා 31%කින් පහතට: ක්‍රියාත්මක වීමේ අර්බුදයක්●අසභ්‍ය වෙබ් අඩවි තහනම ජර්මානු අධිකරණයෙන් අත්හිටුවයි   ●බර අඩු කරගැනීමේ රැල්ල සහ කාන්තා ලිංගික සෞඛ්‍යයේ නොදුටු පැත්ත●නීතිපති පාර්ශ්වයේ වරදින් හොලිවුඩ් නළුවා නිදහස් වෙයි●මතකය අහිමි වන ලෝකයක්: 2050 අනතුර සහ ලාංකීය ඉරණම   ●නැගෙනහිර පර්යන්ත මෙහෙයුම් පුද්ගලික අංශයට: ටෙන්ඩර් අර්බුදය හමුවේ රජයෙන් තීරණයක්●පරිණත ආදරය යළි පුබුදන නිහඬ බැල්මේ රහස●
Top Ad
විශේෂාංග

2029 එන්නේ 56 ද? නැත්නම් 65 ද? - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

Awara

Awara

October 18, 2026 • 4:28 PM

2029 එන්නේ 56 ද? නැත්නම් 65 ද? - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘මේ යන විදියට මේ සමාජයේ එන්නේ 56 වගේ පෙරළියක්…’ මේ පසුගියදා දෙරණ ටී.වී.
  • ‘මහ සඟරුවන පිරිවරාගත් 56 වගේ පෙරළියකට තමයි මේ විළිරුදාව ඇතිවෙන්නේ…’ විමල් ඔහුගේ දේශපාලන කියවීම කියන්නේ එහෙමය.
  • ආයේ එන්නේ 56ක්ද…?’ 56 බෞද්ධ දේශපාලන රැල්ලේ ඇත්ත කතාව ලංකාවේ බෞද්ධ දේශපාලන රැල්ල පටන් ගත්තේ 1956න්ය.
  • ඔවුන්ට අවශ්‍ය වූයේ සිංහල බෞද්ධයන්ට සිදුවී ඇති අසාධාරණය ගැන කරුණු සොයන්න පත් කළ බෞද්ධ කොමිෂන් වාර්තාව ක්‍රියාත්මක කරන අගමැතිවරයෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

‘මේ යන විදියට මේ සමාජයේ එන්නේ 56 වගේ පෙරළියක්…’
මේ පසුගියදා දෙරණ ටී.වී. සාකච්ඡාවකට ගිය විමල් වීරවංශ කියන දේශපාලන අනාවැකියකි.

‘මහ සඟරුවන පිරිවරාගත් 56 වගේ පෙරළියකට තමයි මේ විළිරුදාව ඇතිවෙන්නේ…’
විමල් ඔහුගේ දේශපාලන කියවීම කියන්නේ එහෙමය.

‘විමල් හරිද? ආයේ එන්නේ 56ක්ද…?’

56 බෞද්ධ දේශපාලන රැල්ලේ ඇත්ත කතාව

ලංකාවේ බෞද්ධ දේශපාලන රැල්ල පටන් ගත්තේ 1956න්ය. ඒ රැල්ල පටන් ගත්තේ එවක අගමැති වූ සර් ජෝන් කොතලාවලගේ හාමුදුරුවරුන්ගේ දේශපාලනය නොඉවසන බටහිර ගැති රාජ්‍ය ප්‍රතිපත්තිය නිසාය. 1955 එක්සත් භික්ෂු පෙරමුණ පිහිටුවා ගන්නා ලද්දේ සර් ජෝන් කොතලාවලගේ මේ භික්ෂු දේශපාලනය නොඉවසන බටහිර ගැති ප්‍රතිපත්තිවලට එරෙහිවය. මාපිටිගම බුද්ධරක්ඛිත හිමි, තල්පාවිල සීලවංශ හිමි, බැද්දේගම විමලවංශ හිමි, දැවමොට්ටාවේ අමරවංශ හිමි මේ එක්සත් භික්ෂු පෙරමුණේ නායකයෝ වූහ.


ඔවුන්ට අවශ්‍ය වූයේ සිංහල බෞද්ධයන්ට සිදුවී ඇති අසාධාරණය ගැන කරුණු සොයන්න පත් කළ බෞද්ධ කොමිෂන් වාර්තාව ක්‍රියාත්මක කරන අගමැතිවරයෙකි. සිංහල බෞද්ධයන් මුහුණ දෙන ආගමික, සංස්කෘතික පීඩාවන්, ආර්ථික-අධ්‍යාපන කෙනෙහිලිකම් එම වාර්තාවේ අඩංගු විය. මේ වාර්තාව ක්‍රියාත්මක කරවා ගන්න අලුත් දේශපාලන පක්ෂයක් හදන්න එක්සත් භික්ෂු පෙරමුණට ඕනෑ විය.

එහි නායකත්වය හර්තාලය නිසා සර් ජෝන්ට අගමැති ධුරය භාරදී අගමැති ධුරයෙන් ඉවත් වූ ඩඩ්ලි සේනානායකට භාරදෙන්න එක්සත් භික්ෂු පෙරමුණට ඕනෑ විය. ඒත් ඩඩ්ලි හාමුදුරුවන්ගේ කර පිටින් ගොස් හාමුදුරුවන් කියන දේවල් කරන්න ගිහින් විනාශ වෙන්න බය විය. එවක විපක්ෂ නායක වී බලය ගන්න කෙටි පාරවල් හොය හොයා සිටි බණ්ඩාරනායක එක්සත් භික්ෂු පෙරමුණේ යෝජනා ක්‍රියාත්මක කරන්න සහ ඊට නායකත්වය දෙන්න කැමැති විය. එක්සත් භික්ෂු පෙරමුණේ හාමුදුරුවරු බණ්ඩාරනායකව කර උඩ තියාගෙන ඡන්දෙට ගියේ ඉන් පසුවය.

සර් ජෝන්ට එරෙහි මාර පරාජයේ කාටූනය

එක්සත් භික්ෂු පෙරමුණේ හාමුදුරුවරු සර් ජෝන් බෞද්ධ විරෝධී කතෝලිකයෙක් කියමින් රට පුරා බොරු ප්‍රචාරය කළහ. ඔහු පණ පිටින් වැස්සියන් පුළුස්සා ආහාරයට ගනිමින් විස්කි බ්‍රැන්ඩි බොමින් අංගනාවන් සමග නටන ආකාරය මේ හාමුදුරුවරු පණ පිහිටුවා කීහ. බුදුන් මාර පරාජය කළ ආකාරය දක්වන පින්තූරයට සර් ජෝන් මාරයාට අන්දවා එක්සත් භික්ෂු පෙරමුණේ හාමුදුරුවරු මාර පරාජයට එරෙහිව පෙළගැසී එන හැටි දක්වන කාටූනය එකල හැම නිවසකටම බෙදා දුණි.

හාමුදුරුවන්ගේ මේ අපහාස උපහාස දරාගත නොහැකිව සර් ජෝන් හාමුදුරුවන්ගේ තට්ටේ තාර ගාලා යවනවා කියමින් හාමුදුරුවරුන්ට පහර දුන්නේය. මෙයින් ප්‍රයෝජන ගත්තේ බණ්ඩාරනායකය. ලංකාවේ බොහෝ ගම්බද පන්සල් ඔහුගේ පක්ෂයේ ප්‍රචාරක මූලස්ථානය විය. බණ්ඩාරනායක, හාමුදුරුවන්ගේ කර පිටින් ගොස් අගමැති විය.

මේ, ඒ විමල් වීරවංශ කියන 56 පෙරළියය. එක්සත් භික්ෂු පෙරමුණේ හාමුදුරුවන්ට ඒ 56 පෙරළිය කරන්න ලැබුණේ සර් ජෝන්ගේ මුරණ්ඩුකම සහ එවක විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ බණ්ඩාරනායක බලය ගන්න සිංහල බෞද්ධ ජාතිකවාදයට නායකත්වය දෙන්න කැමැති වූ නිසාය. භික්ෂු පෙරමුණ පළමුව ගියේ ඩඩ්ලි ළඟට වුණත් ඩඩ්ලි ඔහු අදහන යූ.ඇන්.පී. ප්‍රතිපත්ති පාවා දෙන්න අකැමැති විය. ඒ වෙලාවේ සර් ජෝන් ක්‍රියාත්මක කරන්නේ යූ.ඇන්.පී. ප්‍රතිපත්තිය නොව සර් ජෝන්ගේ ප්‍රතිපත්තිය බව ඩඩ්ලි අවබෝධ කරගෙන සිටියත් ජාතිවාදය හෝ ආගම්වාදය අවුස්සා බලයට එන්න ඔහු අකැමැති විය.


ඩඩ්ලි හැදූ 65 බහු ආගමික සන්ධානය

හැබැයි 1965 ඩඩ්ලි 1956 සිංහල බෞද්ධ රැල්ලේ පිහිනපු සිංහල බෞද්ධ නායකයන් බොහොමයක් එකතු කරගෙන බණ්ඩාරනායක මැතිනියගේ වාමාංශික හවුල් ආණ්ඩුවට එරෙහිව ලොකු සන්ධානයක් හැදුවේය. ඒ ජාතිවාදී ආගම්වාදී සන්ධානයක් නොව, හැම ජාතියක්ම හැම ආගමක්ම එකට එකතු කළ බහු ජාතික බහු ආගමික සන්ධානයකි. ඔහු එම සන්ධානය හැදුවේ බණ්ඩාරනායක මැතිනිය සහ ඇන්.ඇම්., කොල්වින් වාමාංශික හවුලේ මාක්ස්වාදී ප්‍රතිපත්තියට එරෙහිවය.

මාක්ස්වාදීන් ආණ්ඩුව මෙහෙයවන්න ගතහොත් හැම ආගමකටම ආගම් ඇදහීමේ නිදහස අහිමි වෙනු ඇතැයි ඔහු බෞද්ධයන්ට, කතෝලිකයන්ට, මුස්ලිම්වරුන්ට, හින්දු භක්තිකයන්ට ඒත්තු ගැන්වීය. ඔහු මේ සඳහා පාවිච්චි කළේ පුවත්පත් මණ්ඩල පනතය. පුවත්පත් මණ්ඩල පනත ගෙන ආවේ ආණ්ඩු විරෝධී ලේක්හවුස් ආයතනය සහ අනෙකුත් ආණ්ඩු විරෝධී පුවත්පත් ආයතන මෙල්ල කරගැනීමට වුවද ඩඩ්ලි එය බෞද්ධ, කතෝලික, මුස්ලිම්, හින්දු ආගම්වලට පෙන්නුවේ ආගම් නිදහස නැති කරන්න අගමැතිනිය වූ බණ්ඩාරනායක මැතිනිය සමග වාමාංශිකයන් ගෙන එන මාක්ස්වාදී සැලසුමක් ලෙසය.

1956 බණ්ඩාරනායකගේ සිංහල බෞද්ධ රැල්ලේ පිහිනපු එල්.එච්. මෙත්තානන්ද, කේ.ඇම්.පී. රාජරත්න, ඩබ්ලිව්.එස්. කරුණාරත්න, මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන 65 මාක්ස්වාදීන්ට එරෙහි ශ්‍රී ලාංකික පෙරළියට එකතු කරගන්න ඩඩ්ලි සමත් විය. 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න ඔවුන් එදා සටන් කරන විට ඊට එරෙහිව සටන් කළ උතුරු-නැගෙනහිර ඉලන්කෙයි තමිල් අරසු කච්චි සහ ෆෙඩරල් පක්ෂයද එකට එකතු කර මාක්ස්වාදයට එරෙහිව හත් හවුල පිහිටුවන්න ඔහු උපායශීලී විය. එකල මුස්ලිම්වරු යූ.ඇන්.පී.ය සමග බද්ධ වී සිටි අතර, කතෝලික පාසල් ජනසතු කිරීමේ මැතිනියගේ රාජ්‍ය ප්‍රතිපත්තියට එරෙහිව කතෝලිකයන්ද ඩඩ්ලිගේ හත් හවුල් පෙරමුණේ විය.

වත්මන් දේශපාලනය සහ සජබ භූමිකාව


වත්මන් ජනාධිපති අනුර සහ ඇමැති මණ්ඩලය ධනවාදය සහ ලිබරල්වාදය වැලඳගෙන ඇතත් ජවිපෙ උපතින්ම මාක්ස්වාදී පක්ෂයකි. අද ලංකාවේ ප්‍රධාන විපක්ෂය එදා 65 ඩඩ්ලිගේ ප්‍රතිපත්ති මත පදනම් වූ ජාතිවාදය නොඉවසන සමගි ජන බලවේගයය. අනුරගේ ආණ්ඩුව පෙරළන ඕනෑම සන්ධානයක් හෝ හවුලක් හදන්න ඕනා සමගි ජන බලවේගයේ නායකත්වයෙනි.

විපක්ෂයේ අනෙකුත් පක්ෂ ඒ සන්ධානයට එකතු වෙනවා නම් එකතු වන්නේ එදා ශ්‍රීලනිප සභාපති සී.පී. ද සිල්වා, ශ්‍රීලනිප හිටපු අගමැති දහනායක, මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන ඩඩ්ලිගේ සන්ධානයට එකතු වූ ලෙසටය. 1956 සිංහල බෞද්ධ රැල්ලට නායකත්වය දුන් එක්සත් භික්ෂු පෙරමුණේ ප්‍රබලයකු වූ දැවමොට්ටාවේ අමරවංශ හිමිද මීටියාගොඩ ගුණරතන හිමිද 1965 මහ ඡන්දයේ ඩඩ්ලිගේ වේදිකාවේ ප්‍රධාන කථිකයෝ වූහ. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පලිපානේ චන්දානන්ද හිමියන්ද 65 පෙරළියේ ප්‍රධාන චරිතයක් රඟපෑ හිමිනමක් වූහ. උන්වහන්සේලා එක්වී 8,000ක භික්ෂු පෙළපාළියක් පාර්ලිමේන්තු භූමියට වැඩම කරනු ලැබීය.

2029 එන්නේ 56ක් නොව 65කි!

එහෙම බලනකොට 2029 එන්නේ 56ක් නොව 65කි. මොකද දැනටමත් මුස්ලිම් පක්ෂ, වතුකරයේ පක්ෂ, උතුරේ පක්ෂ ඉන්නේ සමගි ජන බලවේගය සමගය.

1965 ජනප්‍රියතම සින්දුවක් වූයේ එච්.ආර්. ජෝතිපාලගේ ‘පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා’ කියන ගීතයය. එදා ඩඩ්ලි හත් හවුල දිනවලා ඡන්ද ප්‍රතිඵල අහන්න මීරිගම බෝතලේ වලව්වට යනවිට බෝතලේ වලව්වට එක්රොක් වී සිටි පාක්ෂිකයෝ ඩඩ්ලිව කරේ තියාගෙන ජෝතිපාලගේ සින්දුව කීවේ මෙහෙමය.


‘යූ.ඇන්.පී.කාරයා…
ආසන අල්ලන්න සූරයා…’

(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම - mawratanews.lk


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...