සූර්ය ග්‍රහණයක් හෝ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවන්නේ කාලාන්තරයකට පසුවය.


කල්ප කාලයකට පසුව එවන් දුර්ලභ අවස්ථාවක් දැකගන්නට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදාවිය.

ඒ ටෙලිනාට්‍යයක් රසවිඳින්නටය.

ටෙලිනාට්‍යයේ නම "ජීවිතයේ එක් දවසක්" ය.

Jeewithaye Ek Dawasak 0009 Layer 3

මේ ටෙලිනාට්‍යයේ විශේෂත්වය වනුයේ ටෙලිනාට්‍යයක් යනු කුමක්දැයි ලාංකික ප්‍රේක්ෂකයන්ට දැක බලාගන්නට ඉඩ ලබා දීමයි.

ටෙලිනාට්‍යයක් මගින් ටෙලිනාට්‍යයක් යනු කුමක්දැයි පෙන්වීමම ටෙලිනාට්‍යයකි.

මේ වන විට සියලු චැනල් හරහා විකාශය වෙමින් පවතින්නේ කාලකණ්ණි ටෙලිනාට්‍ය සමූහයකි.

Jeewithaye Ek Dawasak 0005 Layer 7
මේ ටෙලිනාට්‍ය ලියන කාලකණ්ණින්ට වත්, අධ්‍යක්ෂණය කරන කාලකණ්ණින්ට වත්, නිෂ්පාදනය කරන කාලකණ්ණින්ට වත්, මේවා පෙන්වන කාලකණ්ණින්ට වත්, ඇස් කණ් අයාගෙන බලන කාලකණ්ණින්ට වත් සිදුවන්නේ කුමක්දැයි තේරී නැත.

ජීවිතයේ එක් දවසක් වැදගත් වන්නේ එබැවිනි.

ලෝක ටෙලිනාට්‍ය නිර්මාණවල ප්‍රධාන අභියෝගය වී ඇත්තේ ටෙලිනාට්‍යයක් අවසන් කරන්නේ කෙසේද යන්නයි.

මේ රටේ වර්තමාන ටෙලිනාට්‍ය ‍රීතිය වී ඇත්තේ ටෙලිනාට්‍යයක් ඉවර නොකරන්නේ කෙසේද යන්නයි.

ජීවිතයේ එක් දවසක් ටෙලිනාට්‍යයේ සම්පූර්ණ කොටස් ගණන 25 කි.

ඒ කොටස් 25 තුල කිව යුතු සියල්ලම කියා අවසන්‍ය.

එහෙත් ඉණිම් දුසිම් ගණනක් ගහන ටෙලිනාට්‍යවල අවුරුදු ගණනක් ගත්වීත් තවම මුකුත් කියා නැත.

hq720
ජීවිතයේ එක් දවසක් ටෙලිනාට්‍යයට පාදක වන්නේ එක් ජායාරූපයකි.

මුළු ටෙලිනාට්‍යය ආරම්භයේ සිටම අවසානය දක්වාම රැගෙන යන්නේ ජායාරූපය ‍යි.

YtVwR5so 400x400ලලිත් රත්නායකකාලයකට පසු මෙවැනි උසස් රසවින්දනයට මග පෑදු  ජීවිතයේ එක් දවසක් නිර්මාණය කළ ලලිත් රත්නායක මුලින්ම ස්තූතිවන්ත විය යුතුය.


එසේම නොබියව මේ නිර්මාණ කාර්‍යයට සල්ලි වියදම් කළ චානක විමලසිරිට ටෙලිනාට්‍ය කලාවේ නාමයෙන් ස්තූතිවන්ත විය යුතුය.

මෙවැනි නිර්මාණයකට දායක වූ බිමල් ජයකොඩි, කළණි දොඩන්තැන්න, පුබුදු චතුරංග, සමනලී ෆොන්සේකා, නයනතාරා වික්‍රම ආරච්චි ඇතුළු නළු නිළි කැළටත් ස්තූතිය පිරිනැමීම යුතුකමකි.

jeewithaye ek dawasak

ඒ සියල්ලටම වඩා රැල්ලට නොගොස් මෙවැනි නිර්මාණයක් වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට කෙලින් තීන්දුවක් ගත් ITN සභාපති සුදර්ශන ගුණවර්ධන මහතාට ස්තූති නොකර සිටින්නේ කෙසේ ද ?

ජීවිතයේ එක් දවසක් ටෙලිනාට්‍යයේ එන වැකියකින්ම මෙය අවසන් කරමු.

"සැකය ප්‍රේමයේ ප්‍රතිබිම්බයක් ද විය හැකිය"

ඇටමැස්සා පසුගිය ලිපි මෙතනින්


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්