පැරණි මතකවල ඇති අවංකකම, සුන්දරත්වය වත්මන් මතකවලට නැත.

අපේ පැරණි පිංතූරයක් හා අද ඊයේ ගත් පිංතූරයක් අරන් බැලූවිට කොයි තරම් දේවල් ඒ දෙක අතරේ කියවෙනවද? මේ මතක්කර දෙන්න යන්නෙත් එවැනි අතීතයක් හා වර්තමානයක්.

2015 දී මහින්ද මහත්තයා පරාද වෙලා ගෙදර ගියා. (මහින්ද මහත්තයා එහෙම වුණාට රනිල් මහත්තයා එහෙම නෑ.)

එදා එහෙම ගෙදර ගිය මහින්ද මහත්තයාව හොයාගෙන මැදමුලනට ගියේ දුප්පත් අහිංසක මිනිස්සු.

රටේ හතර දිග්බාගයෙන්ම ආපු අසරණ මිනිස්සු.

සිය දහස් ගණන් අව්‍යාජ මිනිස්සු.

මේ මිනිස්සු ගියේ හිස් අතින්ම නෙවෙයි.

තම තමන්ට පුළු පුළුවන් හැටියට ගෙදර කොටා ගත්තු හාල් මල්ලක් , කුරහන් ටිකක්. අඩුම තරමේ බිස්කට් පැකට් එකක් හරි අරගෙනයි මේ මිනිස්සු පෙළ ගැහිලා ආවේ.

තම දහඩිය මහන්සියෙන් හරි හම්බ කරපු සල්ලි එකතු කරලා, බස් රථ කුළියට අරන්, ගම් පිටින්, පවුල් පිටින් අර ගෙනයි එදා මේ මිනිස්සු මැදමුලනට ආවේ.

මේ මිනිසුන්ගේ හදවත් තුළ කිසිදු ලාබ ප්‍රයෝජන හැගීමක් තිබුනේ නෑ.

ඔවුන්ගේ හදවත් පිරී තිබුනේ රට බේරාගත් නායකයා පිළිබද, (දේශපාලන කුහකත්වයේ ph අගයට සාපේක්ෂව මෙය වෙනස් විය හැකිය.) තම ආදරණීය නායකයා පිළිබද ගෞරවය පමණයි.

අපි දැන් අදට එමු.

2020 දි විජේරාම මාවතේ ඒ බස් රථ දකින්නට නැත.

ඒ අහිංසක මිනිසුන් පෙනෙන්නට නැත.

ඒ වෙනුවට පෙනෙන්නට ඇත්තේ BMW, අවුඩි, ලෑන්ඩ්කෲසර්, බෙන්ස් ය.

ලොරි වැනි ජීප් රථ ය.

පරාජයේදී මහින්ද අතහැර ගිය මිනිසුන් ය.

ඒ මිනිස්සුන්ගේ වාහන ය.

2015 දී මහින්දට පිටුපා ගිය මිනිසුන් ය.

මහින්දට ගෙදර යන්න වැඩ සැලැස්වූ මිනිසුන් ය.

ලාබ ප්‍රයෝජන , තනතුරු , තාන්න මාන්න සොයා  පැමිණි මිනිස්සුත් ය.

2015 හා 2020 අතර වෙනස මෙන්න මෙයයි.

මහින්ද හොදට මුල මතක ඇති මිනිසෙකි.

මුලදීම මුල මතක් කර දුන්නේ වැඩි හොදට ය.

(ඇටමැස්සා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්