ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතියයි.


විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ආයතන ව්‍යුහයන්, ඒවා ක්‍රියාත්මක වන ආකාරය, මෙම එකිනෙක ආයතන අතර ඇති සම්බන්ධතාව මෙන්ම මෙකී ආයතන හා ජනතාව අතර ඇති සම්බන්ධය, ජනතාවගේ අයිතිවාසිකම් කුමනාකාර දැයි හුවා දක්වන ලේඛනය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවයි.

වෙනත් ලෙසකින් සඳහන් කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වූ කලී රාජ්‍යය සතු අසීමිත බලය පාලනය කරනු ලබන මූලික ලියැවිල්ල වේ.

එවන් වූ ලියැවිල්ලක් නිර්මාණය විය යුත්තේත් එමඟින් පිළිබිඹු විය යුත්තේත් මෙරට සියලු ජන කොටස්වල අභිලාෂයන් මිස බලයේ සිටින ආණ්ඩුවල, පාලකයන්ගේ සහ විවිධ දේශපාලන පක්ෂවල අභිලාෂයන් නොවේ.

සිව්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීම පිණිස බලයට පත් සෑම ආණ්ඩුවක්ම පාහේ වරින් වර ප්‍රයත්න දරා තිබේ.


චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ උත්සාහය- 2000

Pictureනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය යටතේ මුල පුරන ලද අතර, 1996-2000 අතර කාලය තුළ එම ක්‍රියාවලිය තේරීම් කාරක සභාවක මූලිකත්වයෙන් සිදුවිය. ජනපතිනියගේ ධුර කාලය අවසන් වීමත් සමඟම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් මෙන්ම ජාතික ප්‍රශ්නයට විසඳුම් වශයෙන් යෝජනාවලියක් ද යෝජිත අවසන් කෙටුම්පතට ඇතුළත් විය.


එහෙත් එම කෙටුම්පත සම්බන්ධයෙන් රජය සහ ප්‍රධාන විපක්ෂය වූ එජාපය අතර එකඟතාවක් ඇති කර ගැනීමට අසමත් වීමේ ප්‍රතිඵලය වූයේ පාර්ලිමේන්තුව තුළ එය සම්මත කර ගැනීමට නොහැකි වීමයි.




මහින්ද රාජපක්ෂ රජයේ උත්සාහය -2006

3409e45349ec9f6b3397bfe10e87a1d0 XLජනවාර්ගික ගැටලුවට “අපේම විසඳුමක්” ඉදිරිපත් කිරීමේ අරමුණින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ එනම්, 2006 ජූලි මස සර්ව පාක්ෂික නියෝජිත කමිටුවක් රැස් කරනු ලැබිණ. සියලුම පාහේ දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සිව් වසරකට ආසන්න කාලයක් සාකච්ඡා සැසි වාර 128 ක් සම්පූර්ණ කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සඳහා පදනම් ලියැවිල්ල යැයි ඔවුන් නිම කළ අවසන් වාර්තාව, 2010 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත බාර දී තිබේ.


මෙම කමිටුවේ සභාපතිවරයා වශයෙන් ආණ්ඩු පක්ෂයේ තිස්ස විතාරණ මන්ත්‍රීවරයා කටයුතු කළ අතර එම කමිටුවට සහය වීම සඳහා විශේෂඥ කමිටුවක් ද පත් කර තිබුණි.

විශ්වසනීය පශ්චාත් යුද දේශපාලන විසඳුමකට එළැඹීම සඳහා අවශ්‍ය බලය බෙදා ගැනීම සඳහා වන යෝජනා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙන්ම ශ්‍රීලනිප ය, මහජන එක්සත් පෙරමුණ සහ ජාතික හෙළ උරුමය 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට යන පළාත් බද බලය බෙදීමකට එකඟව තිබීම අවසන් වාර්තාවේ අඩංගු විය.

විශාල අපේක්ෂාවන් සහ සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කර ගත් මෙම ක්‍රියාදාමයේ යෝජනා කිසි විටෙකත් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොවුනද වාර්තාව 2010 වසරේදී ආර්. යෝජරාජන් සහ එම්. නිසාම් කාරියප්පර් කමිටු සාමාජිකයන් විසින් ප්‍රකාශයට පත් කරන ලදි.


මෛත්‍රීපාල සිරිසේන/රනිල් වික්‍රමසිංහ යහපාලන රජයේ උත්සාහය - 2017


ranil and maithriව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා මහජන අදහස් ලබා ගැනීමට නීතිඥ ලාල් විජේනායකගේ මූලිකත්වයෙන් යුතු මහජන නියෝජිත කමිටුවක් පත් කෙරුණු අතර ලංකාවේ අලුත් ව්‍යවස්ථාවක අඩංගු විය යුතු කරුණු පිළිබඳ මහජන අදහස් අදහස් විමසීම මෙහි කාර්ය භාරය විය. එම කමිටු වාර්තාව 2016 මැයි මාසයේදී නිකුත් කෙරිණ.

ඒ අතර 2016 මාර්තු 9 වැනිදා ව්‍යවස්ථා සම්පාදක සභාවක් ස්ථාපිත කර ගැනීම සඳහා වන මූලික යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගනිමින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා යහපාලන ආණ්ඩුව මුලපිරුවේය. මෙම ව්‍යවස්ථා සම්පාදක සභාව කතානායකවරයාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම සාමාජිකත්වයෙන් සමන්විත විය.



62 laksaye sammuthiya 150817 cs.deshapriya 4326s

මෙම සභාව මඟින් මූලික අයිතිවාසිකම්, රාජ්‍ය සේවය, අධිකරණය, රාජ්‍ය මූල්‍ය, නීතිය හා සාමය සහ මධ්‍යම-පරිවාර සම්බන්ධතා යන විෂයයන් 6 සම්බන්ධයෙන් වන යෝජනා කෙටුම්පත් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් අනුකමිටු 06ක් පත් කෙරුණි. ව්‍යවස්ථා සම්පාදක සභාව විසින් සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත, අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුවක් ද පත් කරන ලදි. එහි කාර්ය භාරය වුයේ, අලුත් ව්‍යවස්ථාවක් සඳහා වන කෙටුම්පත් යෝජනා ව්‍යවස්ථා සම්පාදක සභාවට ඉදිරිපත් කිරීමයි. 2017 සැප්තැම්බර් 21 දින මෙහෙයුම් කමිටුව සිය පළමු අතුරු වාර්තාව නිකුත් කළේය.


ගෝඨාභය රාජපක්ෂ රජයේ උත්සාහය - 2021



Ym 32rDX 400x400වත්මන් රජය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ රජයේ අභිලාෂය ප්‍රකාශයට පත් කරමින් ඒ සඳහා නීතිඥ රොමේෂ් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුතු නව කමිටුවක් 2020 වසරේ පත් කළේය.

ඒ අනුව එයට යෝජනා ඉදිරිපත් කළ යුතු ක්ෂේත්‍ර 12ක්, රාජ්‍යයේ ස්වභාවය, මූලික අයිතිවාසිකම්, භාෂාව, රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මය විධායකය (ජනාධිපති/අමාත්‍ය මණ්ඩලය/රාජ්‍ය සේවය), ව්‍යවස්ථාදායකය, මැතිවරණ, බලය බෙදාහැරීම, අධිකරණය, රාජ්‍ය ආරක්ෂාව යනාදි ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉතා සීමිත කාලයක් තුළ මහජන අදහස් ද විමසා සිටියේය.

එසේ අදහස් විමසා සකස් කළේ යැයි කියන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව පසුගිය නොවැම්බර් 23 වෙනි දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථාවක්, එම රටේ ජීවත් වන විවිධ ජන කොට්ඨාස සමග සිදුවන සමාජ සම්මුතියක් විය යුතුව ඇත. ඒ අනුව, ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ හා එහි මූලික ව්‍යුහය මහ ජාතීන් සහ සුළු ජාතීන්ද ඇතුළුව ශ්‍රී ලාංකීය ජනතාවගේ මූලික සම්මුතිය පිළිබිඹු කළ යුතුය.

නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ ගැටලුව ඇත්තේ එතැනය.


අසාර්ථක වූ අතීත උත්සාහන් විසින් පෙන්වා දෙන්නේ, රටේ ඇත්ත ප්‍රශ්නවලට ව්‍යවස්ථාමය විසඳුමක් අපේක්ෂාවෙන් විශාල මහජන විශ්වාසයක් දිනාගනිමින් ඉදිරියට ගිය ක්‍රියාවලීන් ඒ සෑම අවස්ථාවකම දේශපාලනික උවමනාකම් වෙනුවෙන් නොතකා හැරීමේ අර්බුදයයි.

 
බහු-වාර්ගික සහ බහු-ආගමික රටක අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සුළුපටු කාර්යයක් නොවේ. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සීත කාමර වලින් මහමඟට පැමිණිය යුත්තේ එනිසාය.


Citizens Initiative for Constitutional Change

වසර 70 ක් පුරා අපි අපට ගැලපෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට අසමත් වී සිටිමු. එය යථාර්ථයක් වීමට සියලු ජාතී - ආගමික වශයෙන් අප අත්විඳි ඵෙතිහාසික යථාර්ථයන් අවබෝධ කර ගැනීම හා වටහා ගැනීම වැදගත්ය.

සකස් කර ඇතැයි කියනා නව ව්‍යවස්ථා කෙටුම්පත මෙකි ඵෙතිහාසික යථාර්ථයන් කෙතෙක් දුරට ග්‍රහණය කර ඇද්ද? මෙරට ජනතා අභිලාෂයන් ආමන්ත්‍රණය කිරීමට, නියෝජනය කිරීමට එකී කෙටුමපත කෙතෙක් දුරට සමත්ව ඇද්ද? යන්න ප්‍රශ්නකාරීය.

ලෝකයේ බොහෝ රාජ්‍යයන් වර්තමානයේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළ උපරිම මහජන සහභාගීත්වයක් සහතික කරමින් එය ලස්සන මාවතකට අවතීර්ණ කර තිබියදි අප ඒ සමාජ සම්මුතිය බිඳ දමමින් අවලස්සන මාවතකට නැවත අවතීර්ණව සිටීම ඛේදජනකය.



Jayani(ජයනි අබේසේකර)
මානව හිමිකම් ක්‍රියාධාරිනී/ මාධ්‍යවේදීනී
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


මහජන ව්‍යවස්ථාව : සබැඳි ලිපි


ගෝඨා බෝතා කෙනෙකු කරගැනීම - වික්ටර් අයිවන්

ලංකාව 'චිලියක්' කරමු! - වික්ටර් අයිවන්

ලංකාවේ ව්‍යවස්ථා නීතිය මුතුරාජවෙල මෙන් වගුරු බිමකි - නීතිඥ බැසිල් ප්‍රනාන්දු

මෙක්සිකෝ නගරය ඓතිහාසික මහජන ව්‍යවස්ථාවක් හදපු හැටි


THE  LEADER  TV
 
 
 

දයාසිරි අහුවුණ බැසිල්ගේ උගුලට මෛත්‍රීත් !

 

 
සර් මහින්ද ඉල්ලා අස්වෙයිද ?| "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්