The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

ටෙලිනාට්‍ය, දුෂණය, ළබැඳියාවන් අතර පිළිගැටුම | Rajith Keerthi Tennakoon

T

The Leader Desk

December 26, 2024 • 11:47 AM

ටෙලිනාට්‍ය, දුෂණය, ළබැඳියාවන් අතර පිළිගැටුම | Rajith Keerthi Tennakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රූපවාහිනියට මොකද වෙන්නේ? සෙනේෂ් දිසානායක බණ්ඩාරට මොකද වුණේ? මේ දවස්වල වැඩියෙන්ම කතා කරන ප්‍රශ්නයකි.
  • එයින් මිලියන 70 ක් (50%ක්) ලැබෙන්නේ සංවර්ධන ලොතරැයියෙනි.
  • රූපවාහිනිය 2019 සිට දිගටම රජයේ බදු මුදල් වංචා කළේය.
  • වෙළඳ දැන්වීම් ආදායමේ 18% ක වැට් බද්ද, 2.5% ක සමාජ ආරක්ෂණ බද්ධ (20.5% ක්) එකතු කර ගෙන ඇතත් එය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා නොදී පඩි ගෙවන්නට වියදම් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
දේශපාලනය පැත්තකින් තබා, රූපවාහිනියේ සිදු වූ දේ ගැන ව්‍යවසායක දෘෂ්ඨියෙන් ද දුෂණය හා ළබැඳියාවන් අතර පිළිගැටුම ලෙසින් ද බැලීම වැදගත්ය.   


රූපවාහිනියේ මාසික ආදායම රු. මිලියන 130 ක් පමණ ය. එයින් මිලියන 70 ක් (50%ක්) ලැබෙන්නේ සංවර්ධන ලොතරැයියෙනි. එය, රාජ්‍යය විසින් මූල්‍ය නීති කඩන්නේ නැතිව සිදු කරන අරමුදල් සම්පාදන, ඩීල් එකකි.  ජාතික රූපවාහිනිය, දෙමළ නේත්‍රා සහ ඉංග්‍රීසි චැනල් අයි නාලිකා දුවන්නේ මේ සල්ලි වලිනි.

රූපවාහිනිය 2019 සිට දිගටම රජයේ බදු මුදල් වංචා කළේය. වෙළඳ දැන්වීම් ආදායමේ 18% ක වැට් බද්ද, 2.5% ක සමාජ ආරක්ෂණ බද්ධ (20.5% ක්) එකතු කර ගෙන ඇතත් එය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා නොදී පඩි ගෙවන්නට වියදම් කළේය.

2022 අග වන විට රූපවාහිනිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රු. බිලියන 1.5 ක් ගෙවිය යුතුව තිබුණි. රනිල් ගේ පාලනය යටතේ, 2022 දී රජයේ ආයතන සඳහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබාදීමට නවතා දමනු ලැබීය. (පුද්ගලික හා රාජ්‍ය ආයතන වල හිඟ බදු මුදල් අය කර ගැනීමට දැඩි පියවර ගත්තේය. මහා භාණ්ඩාගාරය දේශීය ආදායම් දෙපාර්තමේන්තුට රූපවාහිනියේ බැංකු ගිණුම් අතිහිටුවා බදු අය කර ගැනීමට නියෝග කළේය)

ජාතික රූපවාහිනිය වැඩ සටහන් අත්හිටුවයි

 

රූපවාහිනිය මුහුණ දී තිබුණේ  ‘ජාතික නාලිකාව නිසා වසා දැමීමටත් බැරි, අරමුදල් නොමැති නිසා පවත්වාගෙන යාමටත් බැරි තත්වයකය. ඒකාබද්ධ අරමුදල් මගින් වැටුප් ලැබූ ලක්ෂ 14 වන රාජ්‍ය නිලධාරින් අතර කෙනෙකු ලෙස මගේ නිරීක්ෂණය තනි වාක්‍යයකි. 

‘ආදායම් (බදු) ප්‍රශ්නය කලමනාකරණය කර ගත හැකි, ළබැඳියාවන් නැති, රූපවාහිනියේ අභ්‍යන්තරයට සමීප සබඳතා නැති, ඉහළ කලමනාකරණ හැකියාවක් තියෙන නිලධාරියෙකු රූපවාහිනිය මෙහෙයවිය යුතුයි’. එය අදටත් එලෙසම වලංගු යැයි මම විශ්වාස කරමි.

 



ගෝඨාභය - රනිල් ගේ සර්වපාක්ෂික ආණ්ඩුවේ සභාපති අසංග ජයසූරිය 2002-2004 රූපවාහිනියේ හිටපු අලෙවි ප්‍රධානියා සහ පසුව නෙත් එෆ්.එම්. ප්‍රධාන විධායක නිලධාරියා ය.  අරගලය සමයේ ධානිෂ් අලි සිද්ධියෙන් පසුව ඔහු ඉවත් විය.

සිවිල් සමාජයට දේශපාලනය අකැපැද? -නීතිඥ සුදර්ශන ගුණවර්ධනනීතිඥ සුදර්ශන ගුණවර්ධනරනිල් අගමැතිවීමෙන් පසුව (2022 ජූලි) ඇමති බන්දුල රූපවාහිනී සභාපති ලෙස පත් කළේ හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු, අමාත්‍යාංශ ලේකම්වරයෙකු ද වූ ඩබ්ලිව්. බී. ගනේගල ය. ස්වාධීන රූපවාහිනියට දැම්මේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන ය. ගනේගල රූපවාහිනිය කළමනාකරණය කර ගත නොහැකිව ගෙදර ගියේය. නමුත්, සුදර්ශන අයි.ටී.එන්. එක මිනිස්සු බලන නාලිකාවක් පමණක් නොව, 2016 සිට අඛණ්ඩව පාඩු ලබමින් සිටි තැන සිට 2024 ජනවාරි - සැප්තෑම්බර් දක්වා මෙහෙයුම් ලාභයක් ලබන තැනට පත් කළේය. එකම අභියෝගයක් සභාපතිවරුන් දෙදෙනෙකු ජයගත්තේ එලෙසය.

ජ්‍යෙෂ්ඨම පරිපාලන නිලධාරි ගනේගල ට කලමනාකරණය කර ගත නොහැකි වු තැනට, විදුලි සංදේශ ඉංජිනේරු ආචාර්ය ප්‍රසාද් සමරසිංහ පත් වන්නේය. ඔහු ලංකා බෙල් ආයතනයේ හිටපු ප්‍රධාන විධායකයාය. රූපවාහිනිය සතු චැනල් අයි නාලිකාව ඊඒපී මාධ්‍ය පාලයට අයත් SBS නාලිකාවට බදු දී මසකට මිලියන 30 ක් සොයා ගැනීමට ඔහු සමත්විය. රූපාවාහිනියේ ආර්ථික අර්බුදය සමනය විය. නමුත්, විරෝධතා හේතුවෙන් එම ගිවිසුම මාස හයකින් අවසන් කිරීමට සිදු විය. ප්‍රසාද් ඉල්ලා අස්විය.

 

hq720මහාචාර්ය සුදන්ත ලියනගේ
ස්වෙච්ඡා විශ්‍රාම ක්‍රමයක් සකස් කර සේවකයින්ට විශ්‍රාම දී වියදම් පාලනයට රජය කටයුතු කළේය. මුදල් ගලායාම පහසු විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ රූපවාහිනි සභාපති වූවේ ඉන් පසුවය. සුදන්තට දේශීය ආදායම් ගැටළුව කලමනාකරණය කර ගත හැකි විය. බදු මුදල් සාවද්‍ය පරිහරණයක් වූවේ ද නැත. සරළවම, ප්‍රසාද් - සුදන්ත දෙදෙනා මුල්‍ය අර්බුදය කලමනාකරණය කළහ. මුහුදු මට්ටමින් පහල නෙදර්ලන්තයේ බැම්මකින් රට තුලට, මුහුදු වතුර කාන්දුවනු දුටු නිර්භීත කොළු ගැටයෙකු මුහුදේ ජල පහර වලකන්නට බැම්මේ සිදුර තම ඇඟිල්ලෙන් වැසූ ලෙස, ඔවුන් දෙදෙනා මුදල් කාන්දුව වලක්වා ආයතනය රැකගත්තෝය. (Hans Brinker නැතිනම්, The Boy who held back the Sea බලන්න)

 

රූපවාහිනිය විදුලිබල බණ්ඩලයට හා ජල සම්පාදන මණ්ඩලයට ද, මෙලෙසම අති විශාල හිඟ මුදලක් ගෙවීමට ඇත. අවස්ථා කිහිපයක දී ම විදුලිය හා ජලය විසන්ධි විය. බදු මුදල් සාවද්‍ය පරිහරණය නොකරනවා නම්, විදුලිය - ජල බිල, කොළඹ නගර සභා ගාස්තුව ගෙවනවා නම් රූපවාහිනිය කලමනාකරණය කළ හැකිය. (නැත්තම් බැරිය!)

 

සෙනේෂ් දිසානායක - නලින්ද ජයතිස්ස
ආචාර්ය සෙනේෂ් ට දින 90 ක්, එය කළ හැකි වූයේ දැයි මම දන්නේ නැත!  ඔහු එය කළ බව තම සටහනේ දක්වයි. ඒවා කියන ඒවා ඇත්ත දැයි සොයා බැලීම වටී.

අයහපත් මුදල් තත්වය නිසා, නිෂ්පාදකවරුන්ට මුදල් ගෙවා ගත නොහැකි වීම නිසා දීර්ඝ කාලයක් රූපාවාහිනියට ටෙලි නාට්‍ය ලැබුණේ නැත. නාලිකාව පිරිහී තිබුණි. සෙනේෂ්, අලුතෙන් ටෙලි නාට්‍ය මිලදී ගත්තේය. පැය භාගයක එක කොටසකට ගෙවන මුදල රු. ලක්ෂ 2.5 ක් ලෙස ඇස්තමේන්තු කළ හොත් සතියක වියදම රු ලක්ෂ 12.5 කි. මාසයකට ලක්ෂ 50 ක් හෙවත් මිලියන 5 කි. සෙනේෂ් පාලනය යටතේ කෝරළගේ සමන් ගේ ‘අමුතු දොස්තර’ සහ චමිල් පතිරණ ගේ ‘සිටුවර පුවත’ යන ‘හොඳ’ නාට්‍ය දෙකක් දිනපතා ප්‍රදර්ශනයට යෙදවීය. ඒ දෙක සඳහා මාසික වියදම රුපියල් මිලියන 10 හෙවත් කෝටියකි. රූපවාහිනියට අලුතෙන් දැන්වීම් ආවේ නැත. වත්මන් පාලනය යටතේ මූල්‍ය අර්බුදය නැවත ඇරඹෙන්නේ මෙතැනිනි.

‘ටෙලිනිස’ මුදල් බවට හැරෙන සිවිල් බලය

 

sudath 1සුදත් රෝහණ
‘ටෙලි නාට්‍ය නිෂ්පාදකයින්ගේ සංගමය’ (ටෙලිනිස) 2019 දී මහින්ද රාජපක්ෂ කඳවුරට උපකාර කළේය. කෘතගුණ සැලකීමක් ලෙස ප්‍රවීන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ ස්වාධීන රූපාවාහිනියේ සභාපති විය. 2024 ‘ටෙලිනිස’ මාලිමාවේ සරණ ගිය අතර, සෙනේෂ් කියන ආකාරයට විජිත, නලින්ද, බිමල් ගේ ඒකාබද්ධ ඉල්ලීමෙන් නව ආණ්ඩුවේ පළමු පත්වීමක් ලෙස ‘ටෙලිනිස’ ලේකම් සෙනේෂ්, සභාපති පුටුවට ආවේය. 

දෙවනුව, ‘ටෙලිනිස’ තමන් කැමති සභාපතිවරු පත් කර ගෙන නාට්‍ය විකුණා ගැනීම දිගු කලක් සිදු කළ ජාවාරමකි.  සෙනේෂ් ගේ ටෙලි නාට්‍ය මිලදී ගැනීම, ‘ළබැදියාවන් අතර පිළිගැටුමක් (Conflict of interest)’ බවට පත්වන්නේය.  තම සංගමයේ හිතවත් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුගේ නාට්‍යය මිලදී ගැනීම ගැන සෙනේෂ් රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයට දන්වා සිටිය යුතුව තිබුණි. නමුත් එවැන්නක් සිදු කර නැත.

අලුත් ටෙලි නාට්‍ය මිලදී ගැනීම අධ්‍යක්ෂ ජෙනරාල් විසින් සකස් කළ පත්‍රිකාවක් මගින්, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතු ‘ප්‍රසම්පාදන ක්‍රියාවලියට’ යටත් ය. පසුගිය දා සංශෝධනය වූ පනතට අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇමති පත් කරනු ලබන්නේ සමාජිකයින් දෙදෙනෙකි. අධ්‍යාපන අමාත්‍යාංශය, චිත්‍රපට සංස්ථා සභාපති, භාණ්ඩාගාරය අතුළු ආයතනවලින් සමාජිකයින් පත් වෙති. ඔවුන්ට මේ ගැන කියන්නට ඇත්තේ කුමක් ද යන්න විමසනු වටී.  ‘ටෙලිනිස’ දෙක නාට්‍ය කිසි ලෙසකින් හෝ ප්‍රමාණවත් ආදායම් ඉපදවිය නොහැකි වේළාවක ප්‍රදර්ශනයට අනුමැතිය ලැබුණේ කෙසේ ද? එමගින් මේ වන විට රූපවාහිනියට සිදුව ඇති පාඩුව කොපමණ දැයි කෙටි විමර්ශනයකින් කරුණු සොයා ගත හැකිය. 

‘ටෙලිනිස’ ලේකම් සෙනේෂ්, තම සංවිධානයේ ‘සභාපති’ සහ හිතවතා නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යයට අනුමැතිය දෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල සිටියා ද? අනෙකුත් අධ්‍යක්ෂවරුන් මේ ‘මිලදී ගැනීමට’ අනුමැතිය දුන්නා දැයි ‘හොරු අල්ලන්නට ආ ආණ්ඩුව විසින්ම’ අවශ්‍ය නම් ‘දුෂණය’ පිළිබඳ පරීක්ෂණ කිරීමට ස්ථාපනය කර ඇති අල්ලස් කොමිසම හරහා ද සොයා බැලිය හැකිය.  

 

j89o9
මිතුවරුණි, ප්‍රශ්නගත ‘සිටුවර පුවත’ ටෙලිනාට්‍යය, ‘ටෙලිනිස’ සභාපති චන්දන ලියනගුණවර්ධන නිෂ්පාදනයකි. ‘ටෙලිනිස’ලේකම් සෙනේෂ් මිල දී ගෙන ඇත්තේ, තම සභාපතිවරයාගේ ටෙලි නාට්‍යයයි!  දුෂණය යනු ආයතනය පාඩු කර තමාට ලාබයක් කර ගැනීම ය. දුෂණය යනු තමාට නැතත් ආයතනයට පාඩුවක් කිරිමය. දුෂණය යනු, තමාට හා ආයතනයනට ලාභයක් නැතත් වෙනත් තම හිතවත් පාර්ශවයකට ලාභයක් කිරීමය.

තෙවනුව, සීයාගේ ආණ්ඩුව විසින් සම්මත් කර ගත් ‘දුෂණ විරෝධී පනත’ට අනුව ‘ළබැදියාවන් අතර පිළිගැටුම’ යනු දුෂණය (corruption) කි. සෙනේෂ් ට තනතුර අහිමි කළේ මේ ලැබැඳියාවන් අතර ගැටුම ද, දුෂණ චෝදනාව ද, ඒ දෙකම ද යන්න පැහැදිලි නැත. කෙසේ නමුත්, වංචාව දුෂණය වැලැක්වීමේ පියවරක් ලෙස ඇමති නලින්ද ජයතිස්ස හෝ රජයේ වෙනත් කණ්ඩායමක් සෙනේෂ් ක්‍රියා කර ඇති නම් එහි ගෞරවය ජාජබ ආණ්ඩුවට හිමි විය යුතුමය. විජිත හේරත්, නලින්ද ජයතිස්ස හා බිමල් රත්නායක අමත්‍යවරුන්ගේ නම් ද, පත්වීම සම්බන්ධයෙන් සෙනේෂ් විසින්ම සටහනක් තබමින් පටලවා ඇත. එබැවින්, මෙය අනිවාර්ය වූ අවශ්‍යතාවයකි.  අලුත් තනතුරකට පෙර, තම නම පිරිසිදු කර ගැනීම සෙනේෂ් ගේ වගකීමකි.

ආචාර්ය සෙනේෂ් රූපවාහිනි සභාපති ධුරය භාර ගත්තේ විශ්ව විද්‍යාලයේ තමා දරණ තනතුරෙන් නිවාඩු ලබා ගෙන ද? යන ප්‍රශ්නය තවම කවුරුත් අසන්නේ නැත. එමෙන්ම එම කාලය තුළ ඔහුට වැටුප් ගෙවන ලද්දේ ජ’පුර සරසවියෙන් ද, නැත්නම් රූපවාහිනියෙන් දැයි කවුරුත් කියන්නේ ද නැත.

2015 දී වත්මන් සබරගමුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්. සුනිල් ශාන්ත රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් පදවියට පත් කරන ලදී. එවකට තමා සේවය කළ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයෙන්, ඔහු රූපවාහිනියට පැමිණියේ සප්ත වාර්ෂික නිවාඩු ලබා ගෙනය. වසර දෙකකට පසු තම නිවාඩු අවසන්ව නැවත විශ්ව විද්‍යාලයට ගියේය. ඒ කාලය තුළ ඔහුට හිමි වැටුප ගෙවන ලද්දේ සබරගමුව විශ්ව විද්‍යාලයෙනි.  සුනිල් ශාන්ත තනතුරට පත් වන විට රු. මිලියන 283 ක් වූ බැංකු අයිරාව වසර දෙකක් තුල රු. මිලියන 53 ක ස්ථිර තැම්පතුවක් බවට පත් කළේය. ගෙවිය යුතු සියළුම බදු මුදල් ගෙවා තිබුණි. ඔහු අවම වශයෙන් තමන්ට හිමි ‘බෝනස් මුදල’ වත් ගත්තේ නැත. වැටුප් ගැනීම හෝ නොගැනීම පුද්ගල තීරණයකි. වඩා වැදගත් වන්නේ ආයතනයට කුමක් සිදුවේ ද යන්නය.

සෙනේෂ් දක්ෂ නිර්මාණකරුවෙක්, අධ්‍යක්ෂවරයෙක් බව අවිවාදිතය. රූපවාහිනිය හොදින් දන්නා, හැමෝටම මචං කියන, අධ්‍යාපන බුද්ධියෙන් ද ඉහළය. නමුත්,  රූපවාහිනියට අවශ්‍ය ‘අලෙවිකරණ හැකියාව, ව්‍යාපාර කලමනාකරණ ඥානය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා ණයකරුවන් කලමනාකරණය කර ගත හැකි සභාපතිවරයෙකි. නැතිව, නිර්මාණකරුවෙකු හෝ නමට ඉදිරියෙන් ආචාර්ය, මහාචාර්ය පට්ටමක් නොවේ. පාඩු ලබන සෑම රාජ්‍ය ආයතනයකටම පොදු තත්වය එයයි.  ගුවන්විදුලිය, චිත්‍රපට සංස්ථාව, සැලසිනේ, ස්වාධීන රූපවාහිනිය වැනි සෑම ආයතනයකට මෙය පොදු තත්වයකි.  

භාණ්ඩාගාරයෙන් මුදල් නොදී, නාලිකව පවත්වාගෙන යාමට එදා රනිල් - බන්දුල ට තිබූ අභියෝගය අද අනුර - නලින්ද ජයතිස්ස යුගලයට ඇත. එය ‘ළබැඳියාවන් අතර පිළිගැටුමකින් තොරව පවත්වා ගැනීම අතිශයින්ම වැදගත් ය. නලින්ද ජයතිස්ස මේ කර ඇත්තේ එය නම් අතිඅනර්ඝය!

අගමැති සටන තියෙන්නේ හරිනි සහ සජිත් අතර - (රජිත් කීර්ති තෙන්නකෝන්)(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්) 
Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka

rajith_tennakoon@yahoo.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...