සරත් කොතලාවල හා කුමාර තිරිමාදුරගේ සම අධ්‍යක්ෂණයක් වන "ද නිව්ස්පේපර්" චිත්‍රපටය 23 වෙනි රේන්බෝ සිනමා උළෙලේ (Rainbow Film Festival)
තරගකාරී අංශය නියෝජනයට සුදුසුකම් ලබා තිබෙනවා.
සිනමා උළෙල අද එනම් මැයි 29 වෙනිදා සිට ජූනි මස 05 වෙනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්වීමට නියමිත ය.
චීනය, ඉන්දියාව, බල්ගේරියාව, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 18 ක් නිළ වශයෙන් රේන්බෝ සිනමා උළෙලට සුදුසුකම් ලබා ඇත.
"ද නිව්ස්පේපර්" සිනමාපටය මැයි 30 වෙනිදා පස්වරු 4ට ලන්ඩනයේ බ්‍රැඩී කලා හා ප්‍රජා මධ්‍යස්ථානයේදී ඉංග්‍රීසි උපසිරසි සමඟින් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ.