අපේ රටේ වාර්තා වැඩසටහන් මියෑදෙමින් පවතින එක් මාධ්‍ය ශානරයක්.

දැනුම සඳහා ම වන මේ වාර්තා වැඩසටහන් භාවිතාව අභාවයට යාමට ප්‍රධාන හේතුව මුදල් සොයන රැල්ලට එකතුවීමට එය අසමත් වීම.

ප්‍රකට ලේඛකයෙක් සහ මාධ්‍යවේදියෙක් වන චන්ද්‍රරත්න බණ්ඩාර සිය 'සිසාරා with  චන්දරේ' රූපනාලිකාව, ඒ අභාවිත මාධ්‍ය ශානරය භාවිත මාධ්‍ය ශානරයක් බවට පත්කිරීමට දරන දායකත්වයක් ලෙස සලකන්න පුළුවන්.

මේ ඒ ගැන ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා මාධ්‍ය ගුරුවරයෙකු වන කපිල එම්. ගමගේ 'සිසාරා with චන්දරේ' පළමු දිගහැරුම ගැන තැබූ සටහන.

"වාර්තා වැඩසටහන් කියන ශානරය ශ්‍රී ලාංකේය ගුවන්විදුලි හා රූපවාහිනී වලින් ඉවතදමා ඇති සමයෙක, මේ වැඩසටහන මා තුල ඇතිකලේ විශාල ප්‍රහර්ෂයක්. වාර්තා වැඩසටහනක තිබියයුතු මූලික ලක්ෂණ සහිත මේ වැඩසටහන මොන් තරම් රසයක්, මොනතරම් දැනුමක් අරගෙන එනවාද? මෙය විශිෂ්ට ගණයේ පිටපතක්.

පසුබිම් කථනයේදී ඇත්තේද අන්තර්ගතය පෝෂණය කරන ගරුගාම්භීර බවක්. යොදා ඇති සංගීතයද, වැඩසටහනට එකතුකර ඇති තොරතුරු ද අපූරුයි. වාර්තා වැඩසටහන් ගැන අධ්‍යයනය කරන විද්‍යාර්ථීන්ට මෙය නරඹන්න යැයි යෝජනා කරන්න කැමතියි.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්