ඔබත් රැකියාවක නියුතු කාන්තාවක්ද ? එසේ නම් ඔබට ඇති අලුත් අවදානමක් පිළිබඳ

සෞඛ්‍ය අංශ විශේෂ අනාවරණයක් කර තිබෙනවා.

ඒ, පිළිකා අවදානමයි.

පිළිකා අවදානම සෑම විටම රට තුළ කතාබහට ලක්වුවද මෙවර අනාවරණයේ විශේෂත්වය වන්නේ රැකියාවල නියුතු කාන්තාවන් පිළිකා රෝගවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් මතුව ඇති බව හෙළිකර තිබීමයි.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂක, ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු සඳහන් කළේ රැකියාවල නිරත කාන්තාවන් පරීක්ෂණ සඳහා යොමුවීම ඉතා අවම මට්ටමක පවතින බවයි.


පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමට හැකියාවක් නොමැතිද ?

 


පියයුරු පිළිකා වැළඳී මියයන පුද්ගලයින් මිලියන 2.5 ක ජීවිත, වසර 20 ක් තුළ බේරාගැනීම සිය අපේක්ෂාව බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂක, ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ 2020 වසරේදී ලොව පුරා මිලියන 2.2 කට පියයුරු පිළිකා වැළඳී ඇති බවත්, ඉන් කාන්තාවන් හය ලක්ෂ 85,000 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.


(nethnews.lk)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image