තිරගත කිරීම් කල්ගිය චාමර ජනරාජ් පීරිස්ගේ "උතුරු සුළඟ" සිනමාපටය එළඹෙන අප්‍රේල් 29 වැනිදා සිට
දිවයින පුරා සිනමාශාලාවල ප්‍රදර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
 
සිනමාපටය මින්පෙර ප්‍රදර්ශනයට නියමිතව තිබුණේ මාර්තු 5 වැනිදා යි.
 
බටහිර අහස, පියවි වැනි ජනප්‍රිය ටෙලි නිර්මාණ අධ්‍යක්ෂණය කළ චාමර ජනරාජ් පීරිස්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන "උතුරු සුළඟ" සඳහා එරංග ජීවන්ත, කාවින්ද්‍යා දුල්ශානි, ශ්‍රියන්ත මෙන්ඩිස්, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, මීනා කුමාරි, ලක්ෂිත ප්‍රභාත් පතිරාජ, කසුනි කාවින්ද්‍යා, සුලක්ඛනා හේරත්, හර්ෂ ප්‍රසාද් කන්දකපුගේ, ශෂික දමයන්ත සමරේ, රනිල් ප්‍රසාද්, ප්‍රින්සි ප්‍රනාන්දු මයුර වික්‍රමරත්න, අඛිල දිසානායක ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් රංගන දායකත්වය සපයා තිබේ.
 
පික්ස් ඇන්ඩ් වර්ඩ්ස් නිෂ්පාදනයක් වන මෙම සිනමාපටයේ කතාව සහ දෙබස් ද අධ්‍යක්ෂවරයා විසින් සිදු කර ඇති අතර මුහමඩ් ඝානි, කපිල නවරත්න, රසිත ජිනසේන විසින් නිෂ්පාදන කටයුතු සිදු කර ඇත.
 
කැමරා අධ්‍යක්ෂණය කපිල සුගත් විජේරත්න, සංස්කරණය සුදේශ් කුමාරසිංහ, කලා අධ්‍යක්ෂණය ධම්මික හෙවාදුවත්ත, අංග රචනය අරුණ ශාන්ත විජේසූරිය, සංගීත අධ්‍යක්ෂණය ජානක ෆොන්සේකා, ගී පද රචනය තුෂානි බුළුමුල්ල, රේඛිය නිෂ්පාදනය ලක්ෂිත ප්‍රභාත් පතිරාජ, නිෂ්පාදන කළමනාකරණය අජිත් සමන්ත සහ මාලින්ද මධුශංක විසිනි.
 
(අවාරා)
 

 
 
සබැඳි පුවත් 

 

 


 

 

 

 

දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!

 

 

සුරතාන්තයට පත්වීම කාන්තාවගේ අයිතියක්! තහනම් sex ගැන චින්තනගේ කියවීම

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්