බොරැල්ලේ 'කැටපත විචාර සහ නිර්මාණ කේන්ද්‍රය' විසින් සංවිධානය කරන ලද 'උල්පතෙන් අලුත් ගඟක්' සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය 27වන දා කොළඹ නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
මෙම සාහිත්‍ය සම්මාන උලෙළෙහි දී සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ලේඛක ලේඛිකාවන්ගේ කෘති ඇගයීම අරමුණු කර තිබීම විශේෂත්වයකි. එනම් ලේඛකයකු හෝ ලේඛිකාවක එක් එක් සාහිත්‍ය මාන ඇසුරින් රචිත පළමු කෘති මෙහි දී ඇගයීමට ලක් කළේ ය. එම ලේඛකයා හෝ ලේඛිකාව මීට පෙර වෙනත් සාහිත්‍ය විෂයකට අදාළ කෘති රචනා කර තිබීම ගැටලුවක් නොවන පරිදි මෙම සම්මානෝත්සවය සංවිධානය කර තිබුණි.
සම්මාන සඳහා: කාව්‍ය, කෙටිකතා, නවකතා, යොවුන් සාහිත්‍ය, ළමා සාහිත්‍ය, පරිවර්තන සහ පර්යේෂණ යන අංශවලින් කෘති තෝරා ගෙන තිබුණි.
ඒ අනුව සම්මානෝත්සවයේ ප්‍රශස්තම ළමා සාහිත්‍ය කෘතිය ලෙස නිරංජලා හේමමාලි වෙඩික්කාර විසින් රචිත ''හචොං'' කෘතිය සම්මානයට පාත්‍ර විය; එම කෘතිය සදීපා ප්‍රකාශනයකි.
ප්‍රශස්තම යොවුන් සාහිත්‍ය කෘතිය ලෙස නිරංජලා සරෝජනී ගේ ''අපටත් කම්පියුටරයක්'' කෘතිය සම්මානයට පාත්‍ර විය; එම කෘතිය සරසවි ප්‍රකාශනයකි.
ප්‍රශස්තම පර්යේෂණ කෘතිය ලෙස කීඹියේ අනුරුද්ධසිරි හිමි විසින් රචිත ''සඳස් කැඩපත'' කෘතිය සම්මානයට පාත්‍ර විය; එම කෘතිය විදර්ශන ප්‍රකාශනයකි.
ප්‍රශස්තම පරිවර්තන කෘතිය ලෙස මනික් කුරුප්පුගේ විසින් පරිවර්තිත ''හුදකලාවේ බයිබලය'' කෘතිය සම්මානයට පාත්‍ර විය; එම කෘතිය නයින් ප්‍රකාශනයකි.
ප්‍රශස්තම කාව්‍ය සංග්‍රහය ලෙස රුවනි සිසිජා විසින් රචිත ''වයින් කළ විට ඈ නටන්නී'' කෘතිය සම්මානයට පාත්‍ර විය; එම කෘතිය OPIYUMA BOOKS ප්‍රකාශනයකි.
ප්‍රශස්තම කෙටිකතා සංග්‍රහය ලෙස කියාරා මංදුලී මෙන්ඩිස් විසින් රචිත ''අපි වගේ අය'' කෘතිය සම්මානයට පාත්‍ර විය; එම කෘතිය විදර්ශන ප්‍රකාශනයකි.
ප්‍රශස්තම නවකතාව ලෙස අසංක රුවන් සාගර විසින් රචිත ''මණිපද්ම'' කෘතිය සම්මානයට පාත්‍ර විය; එම කෘතිය කෙහෙළි ප්‍රකාශකයෝ ප්‍රකාශනයකි.
සම්මාන උලෙළෙහි විශේෂිතම අවස්ථාව වූයේ ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන මාර්ටින් වික්‍රමසිංහ සාහිත්‍යාභිනන්දන ගෞරව සම්මානය පිරිනැමීම ය; එම සම්මානය වසර පනහකට අධික කාලයක් පුරා පරිවර්තන සාහිත්‍ය කාර්ය වෙනුවෙන් වෙහෙසුණු ප්‍රවිණ සාහිත්‍යවේදී සේනාරත්න වීරසිංහට හිමි විය. ඔහු මේ වන විට කෘති අසූවකට අධික සංඛ්‍යවක් පරිවර්තනය කර ඇත.
සම්මාන උළෙළේ සම්මාන ප්‍රදානය: ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, ශ්‍රී ලංකා කලා මණ්ලයේ සභාපති සාහිත්‍යවේදි කීර්ති වැලිසර, කිවියර නන්දන වීරසිංහ, ප්‍රවීණ පරිවර්තක ගාමිණී වියන්ගොඩ, ප්‍රවීණ හඬ කැවීම් ශිල්පි අතුල රන්සිරි ලාල් යන අය විසින් සිදු කරන ලදී.
ජායාරූප - අජිත් සෙනෙවිරත්න




