සිනමාවට ලැදියාවක් දක්වන ප්‍රේක්ෂකයාගේ රසවින්දන පරාසය පුළුල් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කෙරෙන
"ජාතික පුස්තකාල මිතුරෝ" මාසික සිනමා දැක්මේ මාර්තු මස වැඩසටහන පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.
 
ඒ අනුව, මෙවර ප්‍රදර්ශනය කෙරෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික සිනමා අධ්‍යක්ෂ Chiwetel Ejiofor ගේ  "The boy who harnessed the wind" සිනමාපටය යි.
 
William Kamkwamba සහ Bryan Mealerගේ කෘතියක් ඇසුරින් නිර්මිත මෙම චිත්‍රපටයේ මංගල ප්‍රදර්ශනය 2019 සන්ඩාන්ස් සිනමා උළෙලේ දී සිදු කෙරුණි.
 
"ජාතික පුස්තකාල මිතුරෝ" මාසික සිනමා දැක්ම වෙනුවෙන් "The boy who harnessed the wind" සිනමාපටය ප්‍රදර්ශනය කෙරෙන්නේ මාර්තු 31 පස්වරු 2.45ට ය.
 
එදින ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිනමා දැක්ම නොමිලේ පැවැත්වෙන අතර කොවිඩ්-19 වසංගත තත්වයෙන් පසුව සංවිධාන කෙරෙන පළමු "ජාතික පුස්තකාල මිතුරෝ" මාසික සිනමා දැක්ම වැඩසටහන මෙය වේ.    
 
(අවාරා)
 
####################
THE LEADER TV 
 
'ස' ගේ කෝල් රෙකෝඩ් කරපු බැංකු ලොක්කා? 
 

 
බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්