කලාව පිළිබඳ කෙරෙන විවිධ අර්ථකථනවල දී ‘කලාව කලාව වෙනුවෙනි’ යන්න සහ ‘කලාව ජනතාව වෙනුවෙනි’ යනුවෙන් මත දෙකක් පවතී. 
 
 
එක් එක් පුද්ගලයන්ගේ හෝ දේශපාලන කණ්ඩායම්වල දැක්ම අනුව මෙම මත ද්විත්ය ම දැරීමේ අයිතිය ඒ ඒ පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට තිබිය යුතු ය.
 
 
මගේ පුද්ගලික අදහස නම් ‘කලාව කලාව වෙනුවෙන්’ පැවතිය යුත්තේ ‘කලාව පවත්වාගෙන යාම’ වෙනුවෙනි. නමුදු කලාකරුවකු හෝ කලාකාරියක කලාව භාවිත කළ යුත්තේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ය.
 
 
 ‘ජනතාව’ යනු කවුද ?
 
දැන් පැන නැගෙන පැනය වන්නේ ‘ජනතාව’ යනු කවුද යන්න ය. මන් ද ජනතාව යනු ම විවිධ මත දරන, විවිධාකාරයේ රසභාවයෙන් යුක්ත, විවිධ රස සොයන සත්ව කොට්ඨාසයකි. 
 
එකී සමස්ත සත්ව කොට්ඨාසය වෙනුවෙන් ම කලා නිර්මාණයක් නිර්මාණය කිරීම යනු ඉතා අසීරු කර්තව්‍යයකි.
 
 එබැවින් කලාකරුවාට හෝ කලාකාරියට සිදුවන්නේ ඔහුගේ හෝ ඇයගේ පරිකල්පන දක්ෂතාවට මෙන්ම ධාරිතාවට සාපේක්ෂ නිර්මාණයක් නිර්මාණය කිරීම ය. 
 
නමුදු වඩාත් දක්ෂ කලාකරුවෙකු හෝ කලාකාරියකට තම දක්ෂතා උපස්තම්භක කරගනිමින් එක ම කලා නිර්මාණයක් තුළින් විවිධ පුද්ගලයන්ගේ මන දොළ සපුරාලීමට තරම් සමත් නිර්මාණයක් බිහි කළ හැකි ය. 
 
එමෙන් ම එක් නිර්මාණයක් තුළින්: තත්කාලීන සමාජ, දේශපාලන සහ ආර්ථික ව්‍යසන මෙන් ම වෙළඳ ප්‍රචාරණයක් ද ඉදිරිපත් කළ හැකි ය. මෙබඳු අවස්ථාවක් භාවිත භාෂාවෙන් ව්‍යවහාර කරන්නේ නම් ‘එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දැමීම’ ලෙස හැඳින්විය හැකි ය.
 
 
‘බඩුKARAYOS’’
 
gsdg
 
මා අද ලියන්නේ යට කී ආකාරයට එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු නොව ඊටත් වැඩි ප්‍රමාණයක් බිම දැමීමට සමත්කම් දැක්වූ විඩියෝවක් පිළිබඳව ය.
 
විනාඩි දහඅටක ධාවන කාලයක් සහිත මෙම විඩියෝව නම් කර තිබුණේ ‘‘බඩුKARAYOS’’ යන මැයෙනි. 
 
අවංකව ම පවසන්නේ නම් මෙම වීඩියෝව නැරඹීම සඳහා මා පොලඹවාලූයේ ද ‘‘බඩුKARAYOS’’ නමැති මාතෘකාව ය. 
 
මන්ද පෘතග්ජනයෙකු වන මා ද අනෙක් බොහෝ මිනිස් සත්වයෝ මෙන් ම අනෙකාගේ කුණු සෙවීමේ පිපාසයෙන් පෙළෙන්නෙකි. එකී පිපාසය සන්සිඳවාගැනීම මෙම වීඩියෝව නැරඹීමේ මුඛ්‍ය පරමාර්ථය විය. 
 
එහෙත් අදාළ විඩියෝවෙන් කියවෙන්නේ මා අදහස් කළ ‘‘බඩුකාරයෝ’’ නොවන වග එය නැරඹීමේ දී පසක් විය. එසේ පසක්වීම ම තව දුරටත් විඩියෝව නැරඹීම, නරඹා විඳීම, කියවීම සහ මගේ කියවීම අනෙකා සමග බෙදාගැනීම සඳහා උත්තේජනය සැපවූයේ ය.
 
 
 
කහ කුඩු :
 
fgfgt vb
 
පසුගිය මාස කිහිපය තුළ මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක් ම වෙළඳපොළෙහි මිලදී ගැනීමට නොතිබුණු අතර ඒවායේ මිල ද නොසිතු ලෙස ඉහළ ගියේ ය. ඒ අතුරෙන් ප්‍රමුඛස්ථානයක් ඉසිලුවේ වියළි කහ කුඩු ය. 
 
එම භාණ්ඩයේ හිඟතාව කෙතරම් ද යත් පිට රට සිට නීති විරෝධී ලෙස මෙරටට වියළි කහ ගෙන්වන්නට ඇතැම් ජාවාරම්කාරයෝ පෙලඹුණහ. 
 
තවත් සරලව ම පවසන්නේ නම් කේරළ ගංජා ගෙන්වීමට වඩා වියළි කහ ගෙන්වීමට මෙම ජාවාරම්කායෝ උත්සුක වූහ. 
 
ඒ සමග ම බොර දියේ මාළු බෑමට දක්ෂ ඇතැම් ව්‍යාපාරිකයෝ කහකුඩු සමග මිනිස් සිරුරට අහිතකර විවිධ කුඩු වර්ග මිශ්‍ර කර අලෙවි කිරීමට පෙලඹුණි. මෙම කුඩු වර්ග අතර රූප ලාවණ්‍ය කටයුතු සඳහා භාවිත කරන කස්තුරි මංජල් නමැති කුඩු වර්ගය ප්‍රමුඛස්ථානයක් ගෙන තිබුණි.
 
‘‘බඩුKARAYOS’’හි නිර්මාණකරුවා පළමුව සිය නිර්මාණය සඳහා උපස්තම්භක කරගන්නේ මෙම භාණ්ඩ හිඟතාව යි. එමෙන් ම කහ කුඩු වෙනුවට වෙනත් ආදේශ භාවිත කරන කපටි, වංචාකාරි, දූෂිත වෙළෙන්දන්ට දිය යුතු දඬුවම (එය සදාචාරද නැද්ද යන්න වෙනම සාකච්ඡා කළ යුතු ය) ද නිර්මාණකරුවා ව්‍යංගයෙන් ඉදිරිපත් කරයි. එය හුදෙක් ඔහුගේ පුද්ගලික මතය නොව සමාජයේ පවත්නා මතය බව ප්‍රේක්ෂක ප්‍රජාව වටහාගත යුතු ය.
 
 
මුං ඇට:
 

dfghg

 
 
දෙවනුව නිර්මාණකරුවාගේ ප්‍රයත්නය වන්නේ සිංහල අවුරුදු සමයේ ඉමහත් කතා-බහට ලක්වූ මුං ඇට හිඟය පිළිබඳ යථා තත්ත්වය සිය නිර්මාණය තුළින් ඉදිරිපත් කිරීම ය. 
 
සැබැවින් ම මුං ඇට හිඟයක් නොමැති බවත්, ව්‍යාපාරිකයෝ මුං ඇට තොග සඟවා තබා ඇති බවත් නිර්මාණකරුවා හෙළිදරව් කරයි. 
 
අනතුරුව අදාළ කපටි වෙළෙන්දාට කුමන වර්ගයේ දඬුවමක් ලබා දිය යුතු ද යන්න පිළිබඳ ජනතාවගේ මතය උපස්තම්භක කරගනිමින් එය සිය නිර්මාණය තුළින් ප්‍රකට කර ඇත.
 
 
 
පාලක පෙළැන්තියේ නිරුවත සහ තරුණ නිර්මාණකරුවෝ:
 
‘‘බඩුKARAYOS’’ විඩියෝව තුළ මා දුටු තවත් සුවිශේෂත්වයක් වන්නේ එක ම චරිතය තුළින් පාලක පෙළැන්තියේ දෙබිඩිභාවය හෙළිදරව් කිරීම ය. 
 
එනම් වෙළඳපොළෙහි භාණ්ඩ හිඟයක් මවාපාන කුට ව්‍යාපාරිකයන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග කෙබදු ද යන්න පිළිබද ඉඟි සපයන අතර ම පාලක පෙළැන්තියට එදිරිව නිර්මාණශිලී දායකත්වයක් දක්වන තරුණ පරපුර කෙරෙහි ඔවුන් දක්වන ම්ලේච්ඡත්වය හෙළිදරව් කිරීම ය.
 
 පාලක පෙළැන්තියේ පැවැත්ම වෙනුවෙන් කෙරෙන ඕනෑම කසිකබල් නිර්මාණයක් වුව ද ඔසවා තැබෙන අතර එසේ නොවන, පාලක පෙළැන්තියේ නිරුවත සමාජයට හෙළිදරව් කරන නිර්මාණ සහ එම නිර්මාණකරුවන් නීතිකව මෙන් ම අනීතිකව ද මර්දනය කරන ආකාරය මැනවින් පිළිබිමු කර ඇත. 
 
ඒ අතර ම තමාගේ හිස තුළ අසූචි පුරවාගෙන අනෙකාගේ අශුද්ධත්වය පිළිබඳ හෙළිදරව් කරන ඉස්සන් බඳු විගණන නිලධාරින්ගේ නිරුවත හෙළි කිරීමට ද නිර්මාණකරුවා සමත් වී ඇත. 
 
 
 
නීතිය සහ විනිශ්චය:
 
dgfdhggj
 
මෙරට නීතිය ක්‍රියාත්මක වන්නේ ද ඇති හැකි පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට එක් ආකාරයකට සහ නැති බැරි පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට තවත් ආකාරයකට ය. 
 
තම දරුවන්ගේ කුස ගින්න නිවාලීම සඳහා කොස් ගෙඩියක් සොරෙන් කඩාගත් පුද්ගලයාට වසරක හෝ ඊටත් වැඩි කාලයක සිර දඬුවමක් නියම කරන මෙරට ගරු අධිකරණයෙන් ම මහාපරිමාණ සොරු ‘නිදොස් කොට නිදහස්’ කරයි. 
 
‘එකම රටක් එක නීතියක්’ යන්න වදන් හතරකට පමණක් ම සීමා වුවක් පමණි. ‘‘බඩුKARAYOS’’ විඩියෝව තුළ මෙම ව්‍යසනකාරිත්වය ද මැනවින් ප්‍රකට කර ඇත. සුවිශේෂත්වය වන්නේ තිර රචකයා මේ සියලු සිද්ධි විවිධ සංකේත සහ රූපක මගින් ඉදිරිපත්කිරීමට සමත්වී තිබීම ය.
 
මහ බැංකු හොරු, පාස්කු ප්‍රහාරකයෝ සහ සීනි හොරු:
 
මහ බැංකු හොරු සහ පාස්කු ප්‍රහාරකයෝ නීතියේ රැහැනට කොටු කර ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන බවට ජනතාවට ඊනියා පොරොන්දු ලබා දුන් දේසපාළුවෝ බලයට පැමිණි පසු ගලේ පැහැරූ බළලුන් බවට පත්ව සිටිති. 
 
ඒ වෙනුවට ඔවුහු: පොල් තෙල් හොරු, සිගරට් හොරු සහ සීනි හොරු යන නව සොරු කණ්ඩායමක් හඳුන්වා දී ඇත. 
 
මේ අතුරෙන් ද ‘සීනි හොරු’ සුවිශේෂිත ය. ඒ හොරු පිළිබඳ එකිනෙකා, එකිනෙකා වෙත පන්දුව හුවමාරු කරගන්නා විට ඉහළින් ම නියෝග කෙරෙන්නේ අදාළ සොරකම සම්බන්ධයෙන් කටේ කෙළ බිඳක් හෝ නොසලන ලෙස ය. 
 
මෙකී ‘සීනි සොරකමේ’ යථාර්ථය මැනවින් පිළිබිඹු කරන්ට නිර්මාණකරුවා සමත්වී ඇත. මෙහි දී ද තිර රචකයා කදිම සංකේත සහ රූපක භාවිත කරමින් අදාළ දේශපාලන මුග්ධත්වය පිළිබිඹු කර ඇත.
 
 
ප්‍රමිතියෙන් තොර ප්‍රමිති ආයතනය
 
hghfg
 
මෙරටට ආනයනය කරන බොහෝ ආහාර ද්‍රව්‍යවල රසකාරක අඩංගු බවත්, ඒවා හෙළිදරව් කළ හොත් ව්‍යාපාරිකයෝ බංකොලොත් වන බවත් ප්‍රමිති ආයතනයේ ඉහළ ම බලධාරිනිය විසින් ප්‍රකාශ කරනු ලැබීමෙන් අනතුරුව ද ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට කිසිදු වගකිව යුත්තෙක් කටයුතු නොකළ බව මේ වන විට ලොව ම දන්නා සිද්ධියකි. 
 
‘රස කාරක’ නමින් මිනිස් ප්‍රජාවට වස කැවීම ද දැන් සිදුවන්නේ නීත්‍යනුකූල අන්දමට ය. ‘‘බඩුKARAYOS’’ විඩියෝවේ අවසාන පියවර වන්නේ මෙකී සමාජ ඛේදවාචකය යි. එහි දී ද නිර්මාණකරුවා ඉතාමත් නිර්මාණශීලි ලෙස අදාළ දූෂිතයන්ට දිය යුතු දඬුවම කුමක් ද යන්න ව්‍යංගයෙන් ඉදිරිපත් කර ඇත.
 
 
කිසියම් ආයතනයක ප්‍රචාරණ විඩියෝවක් !
 
මෙම විඩියෝව නරඹා ඇති ප්‍රේක්ෂකයෙක් හෝ ප්‍රේක්ෂිකාවක දැන් මෙවැනි ප්‍රශ්නයක් විමසිය හැකි ය. එනම්. ‘මෙම විඩියෝව කිසියම් ආයතනයක ප්‍රචාරණ විඩියෝවක් නොවේ ද?’ යන්න ය. 
 
සැබැවි.මිනිත්තු 18ක කාලයක් දිවෙන මෙම විඩියෝව ප්‍රචාරණ විඩියෝවක් යැයි හැඟෙන්නේ දහසය වන විනාඩිය මැද බාගයේ දී ය. 
 
16.17 වන තත්පරයෙන් ඇරඹෙන වෙළඳ දැන්වීම අවසන් වන්නේ 16.54වන තත්ත්පරයේ දී ය. 
 
ඉනික්බිති ප්‍රවේශ වන්නේ ද රස කාරක නාමයෙන් මෙරට ප්‍රජාවට පිළිකා කාරක අලෙවි කිරීම සඳහා අනුමැතිය ලබාදෙන ආයතනයේ බලධාරිනියගේ නිරුවත මෙන් ම එකී පිළිකා කාරක රසවත් ආහාරපාන ලෙස හුවා දක්වමින් සිය බඩගෝස්තරය වෙනුවෙන් වෙළද දැන්වීම් සදහා පෙනී සිටින රුප රාජිනියන්ගේ නිරුවත හෙළිදරව් කිරීම සඳහා ය.
 
 ඉදින් මෙම විඩියෝව කිසියම් ආයතනයක අළෙවි ප්‍රචාරණ දැන්වීමක් වුව ද, මෙරට රුපවාහිනි ප්‍රේක්ෂක ප්‍රජාව දැන්වීම් අතර ටෙලිනාට්‍යයක් හෝ දැන්වීම් අතර සිනමා නිර්මාණයක් නරඹනවාට වඩා ප්‍රහසන විඩියෝවක් අතර තත්පර 37ක පමණ වෙළඳ දැන්වීමක් නැරඹීම වඩාත් සාධනීය නොවන්නේ ද යන්න යළි යළිත් සිතිය යුතු නොවන්නේ ද?
 

 
නිර්මාණයට දායක වූ පිරිස         
 
Created by - Gehan Blok & Dino Corera
 
 
 
Cast
 
Gehan Blok: රතු අක්කා
 
Dino Corera: Kitchen කාන්ති
 
Pathma Mendis: කහවත්තේ Judy 
 
Avishka De Alwis: මුං ඇට Peter
 
Charith Dissanayake: Charith මනිරත්න the Accountant
 
Nandun Dissanayake: සීනි කිරන සෝමේ
 
Hesara Yagamuni: Doggy Boy චානුක
 
Ramesh Keshan: එනසාල් නානා
 
Shalini Wanninayaka: කරාබුනැටි Princy
 
Udara Fernando: හාල් මාමා 
 
Berty Aruna Perera: Yoga
 
Ranjith Panagoda: Neil
 
Bada Saraniya 2.0 Guests: Oshani Wijethunga/Sudarshani Gamage
 
 
 
Crew
Director of photography: Vishwajith Karunarathne
Line producer: Darshana Wewalpanawa
Editor/Colorist: Jadurshan Kumar
Art director: Rangana Senanayaka
Score and sound design: Kasun Wickremasinghe @Rabbitunes studio
VFX and graphics: Cynematic Design
Makeup: Ashan Liyanage
Costumes/Stylist: Marlon Rae
Focus Puller: Shiran Lakshan
Gaffer:  PCS Sampath
Recordist: R.A. Ranjith Perera
Vehicle supplier - Brian Davinda
BTS coverage: Josh Solomon & Sachitha Abeysinghe
Subtitles: Hakiem Hanif
 
 
 
Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 


 

THE LEADER TV 
 
මොරටුවෙන් කුරුණෑගලට - ජොනී අත්අඩංගුවට?
 

 
PB ස' ටත් වාතයක් වෙලා... පොට්සිටියට මාරුවක්!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්