සමලිංගිකත්වය සහ බුදු දහම සම්බන්ධයෙන් සිංහලයෙන් ලියැවී ඇති ලිපි ප්‍රමාණය අල්පයි.

පසුගිය සතියේ වෛද්‍ය අජිත් අමරසිංහ මේ සම්බන්ධයෙන් ලිපියක් ලියා තිබුනා. ඒ ලිපියේ හරය සමග මම ද එකඟ වෙන අතරම, යම් කාරණා සම්බන්ධයෙන් මම එකඟ නොවෙන තැන් ද, තව දේවල් එකතු විය යුතු තැන්ද තිබෙන බව මා කල්පනා කළා. මේ ලිපිය ලියන්නට කල්පනා කළේ ඒ කාරණයත් සමග යි.

සමරිසි සහ සමලිංගිකත්වය යනු වෙනස් සංකල්පයන්ය.

W end sep9 pg1 anchor 1 holding 1024x770

සමලිංගික ලිංගික හැසිරීම් යන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ පටන් ගැන්මේ සිටම සෑම ශිෂ්ටාචාරයකම දක්නට ලැබුනු, ශිෂ්ටාචාර ඇතිවීමට පෙර දඩයම් යුගයේ පැවැති ගුහා චිත්‍රවල පවා දක්නට ලැබුනු හැසිරීම් ය. නමුත් සමලිංගිකත්වය යනුවෙන් මිනිසුන්ගේ ලිංගිකත්වය යම් ස්ත්‍රී පුරුෂ සමාජභාවයකට ඇති ආකර්ෂණය පදනම් කර ගෙන වර්ග කිරීම නූතන අදහසක් වෙනවා.

සමලිංගිකත්වය කියා සිංහලයට පරිවර්තනය කරන්නේ ඉංග්‍රීසියෙන් හෝමෝසෙක්ෂුවලිටි කියා හඳුන්වන වචනයයි.

Homosexuality යන වචනය සමග බොහෝ විට ගැබ්වී තිබෙන්නේ ලිංගික දිශානතිය කියන අදහසයි. වැඩිහිටි මනුෂ්‍යයන්ගේ ලිංගිකත්වය බොහෝ විට ස්ත්‍රීන්ට, පිරිමින්ට, හෝ ඒ දෙපිරිසටම ඇති ලිංගික ආකර්ෂණය මත වර්ග කළ හැකිය යන අදහස සහ, වැඩිහිටියකුගේ එම ලිංගික හැසිරීම් රටාව බොහෝ දුරට ජීවිත කාලය පුරාම නොවෙනස්ව පවතින බව සමලිංගිකත්වය ගැන ඇති නූතන අදහස තුළ තියෙනවා.  

carl mariaකාල් මරියා කර්ට්බෙනිමේ වචනය බොහෝ විට එල්ජීබීටීඅයිකිවු+ ප්‍රජාවේ අයගෙ අනන්‍යතාවයකට වඩා, මිනිස් ලිංගිකත්වයේ රටාවන් වර්ගීකරණය කරන විද්‍යාවේ භාවිතා වෙන වචනයක් විදියට හඳුනා ගත හැකියි. 1868 දී හන්ගේරියානු මාධ්‍යවේදියකු සහ ලිංගික අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු වූ කාල් මරියා කර්ට්බෙනි විසින් මේ වචනය මුලින්ම හඳුන්වා දෙන අතර, ජර්මනියේ ලිංගික අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු වූ මැග්නස් හර්ෂ්ෆෙල්ඩ් ඇතුළු ක්‍රියාකාරීන් මේ වචනය වඩා ජනප්‍රිය කිරීමට දායක වෙනවා. කෙසේ වුවත් මෙම වචනය වඩාත් ජනප්‍රිය වන්නේ මනෝ විද්‍යාව කියන සන්දර්භය තුළයි. කෙනෙකුගේ ලිංගික හැසිරීම පමණක් පදනම් කරගෙන පුද්ගලයකු වර්ග කරන නිසා මේ වචනය ගැන සෑහෙන විවේචනයක් කාලයක සිට 'එල්ජීබීටීඅයිකිවුඒ+' (LGBTIQA+ )" ව්‍යාපාරයට තිබී තිබෙනවා.

LGBTQ alphabet meaning
Gay යන වචනයෙන් පුද්ගලයන් තමන්ගේ ලිංගික අනන්‍යතාවය විස්තර කළත්, සෘණාත්මක අදහස් අභියෝගයට ලක් කිරීම වැනි විශේෂ කාරණයකට හැර තමන් සමලිංගිකයෙක් (Homosexual) කියා තමන්ගේ ලිංගික අනන්‍යතාවය විස්තර කරන අය විශේෂයෙන්ම වර්තමානයේ ඉංග්‍රීසි භාෂාව කතා කරන රටවලත්, අනෙක් රටවලත් සාපේක්ෂව අඩුයි. සමරිසි කියා කියන වචනය හඳුන්වා දෙන්නේ ඉංග්‍රීසියෙන් Gay යන වචනයේ සිංහල අනුවර්තනයක් ලෙසයි. සමලිංගික අයට කැමැති (රිසි) යන අදහස ගම්‍ය වෙන නිසා සමරිසි සහ සමලිංගික යන වචන දෙක අතර සිංහල භාෂාව තුළ එතරම් වෙනසක් පෙනෙන්නේ නැහැ.

stonewall

ස්ටෝන්වෝල් කැරැල්ල

Gay යන වචනය සමරිසි පුද්ගලයන්ට යෙදෙන වචනයක් විදියට එල්ජීබීටීඅයිකිවු+ ප්‍රජාවෙන් පිට වචනයක් විදියට ප්‍රසිද්ධ වෙන්නේ ඇමෙරිකාවේ ස්ටෝන්වෝල් කැරැල්ලට පසු කාලයේයි. Gay කියන ඉංග්‍රීසි වචනයේ පැරණි තේරුම තුළ සෙල්ලක්කාර, විනෝදකාමී වැනි තේරුමක් තියෙනවා. ඊට පෙර ලංකාවේ සමරිසි වචනයට සමානව, යුරෝපයේ homophile යන වචනයක් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් පාවිච්චි කර තිබෙනවා.

ස්ටෝන්වෝල් කැරැල්ල කියන්නේ සමලිංගික පුද්ගලයන් නීති විරෝධී යැයි කියමින් ස්ටෝන්වෝල් තානායම නම් සමාජ ශාලාවට එක්රැස්ව සිටි LGBTIQA+ පුද්ගලයන් 1969 ජුනි මාසයේ ඇමෙරිකානු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එයට විරෝධය පළ කරමින් පොලිසිය සමග ඇති කරගත් ගැටුමකින් පසුව, ඒ විරෝධය දින කිහිපයක් පවතින කැරැල්ලක් දක්වා වර්ධනය වීමයි. අද අපි ප්‍රයිඩ් යැයි කියන උත්සවයෙන් සමරන්නේ මේ ස්ටෝන්වෝල් කැරැල්ලයි. එල්ජීබීටීඅයිකිවු+ ලෙස අනන්‍යතා ඇති වීම, සහ එල්ජීබීටීකිවුඅයිඒ+ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රසිද්ධියේ හඬ නැගීම ආරම්භ වෙන්නේ මේ ස්ටෝන්වෝල් කැරැල්ලත් එක්කයි.

dims.apnews
මා දකින විදියට ස්ටෝන්වෝල් කැරැල්ල වැනි සිද්ධියක් බටහිර සන්දර්භය තුළ සිදු වූවත්, අද වෙන විට ලෝක ඉතිහාසයේ කොටසක් බවට පත් වී තිබෙනවා. ලංකාව ඇතුළුව ලෝකයේ විවිධ සන්දර්භවල සිදු වූ අරගල සහ සටන් සමග ප්‍රයිඩ් උත්සවයට සම්බන්ධකම් කාලයත් සමග ලැබී තිබෙනවා.

එල්ජීබීටීකිවුඅයිඒ+ අනන්‍යතා

එල්ජීබීටීකිවුඅයිඒ+ යනු තනි අනන්‍යතාවයක් නොවේ. අනන්‍යතා සමූහයක එකතුවක්. ලිංගිකත්වය සහ සමාජභාවය (ජෙන්ඩර්) නිසා සමාජයේ අසමාන ලෙස සැලකීමට භාජනය වීම නිසා විවිධ අනන්‍යතා ඇති මේ පුද්ගලයෝ ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් බොහෝ විට එකට එකතු වී කටයුතු කරනවා. මෙම අනන්‍යතා කිසිසේත්ම සමලිංගිකත්වය යන අදහසට සීමා වන්නේ නැහැ. විශේෂයෙන්ම මෙහිදී කතා වෙන සමාජභාවය (ජෙන්ඩර්) යන වචනය තුළින් අදහස් වෙන්නේ, ගැහැණු, පිරිමි හෝ සංක්‍රාන්ති වීම සම්බන්ධයෙන් සමාජයෙන් නිර්මිත අදහසයි. එය ලිංගිකත්වය නොවේ. සමාජභාව අනන්‍යතාවය සහ සමාජභාව ප්‍රකාශනය වගේම, ලිංගික ලක්ෂණ කියන දේවල් මේ අනන්‍යතා යටතේ කතා වෙන ප්‍රධාන අදහස්.  

ඒවා ගැන එකින් එක විස්තරාත්මකව කතා කරන්නට බැරි වුනත්, එල්ජීබීටීකිවුඅයිඒ+ අනන්‍යතා මොනවාදැයි කෙටියෙන් සලකා බලමු.

4c55c93b61ad68ff535629a2f86c996e XL
# Lesbian – ලෙස්බියන් නොහොත් ස්ත්‍රීන්ට ලිංගික, රෝමෑන්තිකව, ආධ්‍යාත්මිකව ආකර්ෂණය වෙන තවත් ස්ත්‍රියක්

# Gay – සමරිසි නොහොත් පිරිමින්ට ලිංගික, රෝමෑන්තිකව, ආධ්‍යාත්මිකව ආකර්ෂණය වෙන තවත් පිරිමියෙක්

# Bisexual – ද්විලිංගික නොහොත් ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම ලිංගිකව, රෝමෑන්තිකව, ආධ්‍යාත්මිකව ආකර්ෂණය වෙන පුදගලයෙක්

# Transgender-  සංක්‍රාන්ති සමාජභාවී නොහොත් උපතේ දී තමාට පවරන ස්ත්‍රී පුරුෂ සමාජභාවයට වෙනස් සමාජභාවයක් ඇති පුද්ගලයා

# Queer – කුයර්/ අතික්‍රාන්ත යන්න විෂමලිංගික හෝ සිස්සමාජභාවී නොවන පුද්ගලයන්ට පොදුවේ භාවිතා වෙන වචනයකි. අනන්‍යතාවයක් ලෙස ගත් කළ තමන්ගේ ලිංගිකත්වය හෝ සමාජභාව අනන්‍යතාවය ඉහත එල්ජීබීටී හෝ ගැහැණු/පිරිමි/සංක්‍රාන්තිසමාජභාවී ආදී කාණ්ඩ යටතේ වර්ගීකරණය කළ නොහැකි යැයි,  ඒවායේ නිර්වචනවලට හරි හැටි නොගැලපෙන්නේ යැයි, හෝ සමහර විට කාලය හෝ වෙනත් කාරණා සමග වෙනස් වන අනන්‍යතාවයක් ඇතැයි  සිතන පුද්ගලයන් මෙයට අයත් වේ.

# Asexual – අලිංගික නොහොත් කිසිම කෙනෙකුට ලිංගිකව ආකර්ෂණය නොවන පුද්ගලයා

# Intersex අන්තර්ලිංගික නොහොත් ලිංගික අවයව, ජාන හෝ ප්‍රජනක පද්ධතියෙන් ස්ත්‍රී හෝ පුරුෂ ලෙස පැහැදිලිව වෙන් කළ නොහැකි අය

# + නොහොත් මේවාට අයත් නොවන තවත් අනන්‍යතා

බුදු දහම සහ සමලිංගික ප්‍රශ්නය  

‘සමලිංගික ප්‍රශ්නය’ නොහොත් සමලිංගිකත්වය බුදු දහමට අනුකූල ද නැද්ද යන ප්‍රශ්නය වර්තමාන ප්‍රශ්නයක් මිසක්, බුදු දහම පැවැති කාලයේ තිබුනු ප්‍රශ්නයක් නොවේ. විශේෂයෙන්ම සමලිංගිකත්වය අපරාධයක් කරන නීතියක් පැනවීම වැනි ප්‍රශ්නයක් බුදු දහමට කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ.

බුදු දහම තුළින් පැවිද්දන් උත්සාහ කළේ සියලු ලිංගික සම්බන්ධකම් ඇතුළුව ආශාවන්, බැඳීම්වලින් වෙන් වී නිර්වාණය ලබා ගැනීමටයි. බුද්ධ ශාසනය වර්තමානයේ තිබූ අයුරින් අතීතයේ තිබුනේ නැහැ. වර්තමානයේ කතා වෙන ආකාරයට බෞද්ධ අනන්‍යතාවය තිබුනෙත් නැහැ. සංඝයා ධර්මය දේශනා කළේ බෞද්ධ යැයි තමන් හඳුනා ගන්නා පිරිසකට නොවෙයි. බොහෝ විට ඔවුන් අවුරුද්දේ වැඩි කාලයක් ගමින් ගමට සංචාරය කරමින්, ධර්මය දේශනා කළා.

නමුත් මේ මතු වී වර්තමාන ප්‍රශ්නයෙන් බුදු දහමේ වර්තමාන ස්වරූපයට ගැලවීමක් ඇතැයි මා සිතන්නේ නැහැ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

xfgrdy
සමලිංගිකත්වය අපරාධ නීති පොතින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් පසුගිය අප්‍රේල් මාසය මුලදී පාර්ලිමේන්තුව ඉදිරිපත් වූ අතර, එම යෝජිත පනතට එරෙහිව තිදෙනෙක් විසින් පෙත්සමක් ගොනු කළා. මේ පෙත්සමේ දී ඉදිරිපත් වූ තර්ක අතර එක් තර්කයක් වූයේ මෙම පනත ඉදිරිපත් කිරීම බුදුදහමේ මූලධර්මයන්ට පටහැනි බව, සහ ඒ අනුව බුදු දහම ආරක්ෂා කරන බවට රාජ්‍යයට ඇති වගකීම සම්බන්ධයෙන් වන ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය උල්ලංඝණය වෙන බවයි.

මීට විරුද්ධව අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයන් මේ කරුණු මතු කළා.

අ) භික්ෂු භික්ෂුනීන් සඳහා වෙනම ආචාර ධර්ම පද්ධතියක් (විනය නීති) තිබෙන අතර, ගිහියන්ට එම ආචාර ධර්ම පද්ධතිය අදාළ වෙන්නේ නැහැ.

ආ) ගිහියන්ගේ චර්යාව කෙසේ විය යුතු දැයි විස්තර කරනු ලබන කිසිදු සූත්‍රයක් විසින් සමලිංගිකත්වය හෙළා දැකීමට ලක් නොකරයි.

ඇ) සියලු ආගම්වල මූලික සිද්ධාන්තයක් වන්නේ සියලු මිනිසුන්ට සාධාරණ හා සමාන ලෙස සැලකීමයි. බුද්ධාගමේ මූලික ඉගැන්වීම් අතරට සියලු මනුෂ්‍යයන් ඉවසීම සහ සමාන ලෙස සැලකීම අයත් වෙනවා. ලිංගික දිශානතිය පදනම් කර ගෙන පුද්ගලයන්ට වෙනස් කොට සලකනු ලැබීම බුද්ධාගම විසින් සිදු කරන්නේ නැහැ.

ආ) කවර ආකාරයේ තර්කයක් සැලකුව ද, සමලිංගිකත්වය නීතියෙන් අපරාධයක් යැයි නොසැලකීම බෞද්ධාගමේ ආරක්ෂාවට හානි කර වෙතැයි පෙත්සම්කරුවන් ප්‍රකාශ කර සිටීම සාහසික වේ.

දෙපාර්ශවයේම කරුණු සලකා බලා උසාවිය විසින් තීරණය කළේ බුදු දහම සමලිංගිකත්වය විරුද්ධ වෙන බවට පෙත්සම්කරුවන් මතු කළ තර්කයට කිසිදු පදනමක් ඇති බව ඔප්පු කිරීම ඔවුන් අසමත් වී ඇති බවයි.

damith c(දමිත් චන්දිමාල්)
මානව හිමිකම් ක්‍රියාකාරික

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Follow Us

Image
Image
Image
Image
Image
Image