BREAKING
Top Ad
පුවත්

පෞද්ගලික අංශයෙනුත් දවසට රු.1000ක අවම වැටුප් ඉල්ලීමක්

T

The Leader

October 8, 2021 • 10:58 AM

පෞද්ගලික අංශයෙනුත් දවසට රු.1000ක අවම වැටුප් ඉල්ලීමක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන වසර සදහා වන අයවැය යෝජනාවේ, පෞද්ගලික අංශයේ සියළු සේවකයන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට
  • 60,000/= ක මාසික අවම වැටුපකට හිමිකම් ඇති අය දක්වා වලංගු කරන මෙන්ද යෝජනා කිරීම" නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්ගේ අත්සනින් යුතුව ඔක්තෝබර් 7 වැනිදා  යොමු කළ ලිපියේ වැඩි දුරටත් සදහන්ය.
  •     # එසේම තේ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 116.78 ක ආදායමක් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 92.34 ක් ද ලැබී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
යෝජනා කරන්නැයි ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජික සංගම් මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
 
 බැසිල් රාජපක්‍ෂ මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් වෘත්තිය සමිති නායකයන් ඉල්ලා ඇත්තේ පෞද්ගලික අංශයේ සියළු සේවකයන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් කරමින් දැනට පවතින අයවැය සහන දීමනාව ද ඇතුළුව රුපියල් දහසය දහසක් වන ජාතික අවම වැටුප රුපියල්  විසිහය දහසක් ලෙස තීන්දු කරන ලෙසයි.
 
 "එකී වැටුප් වැඩි කිරීම් මේ වන විට රු. 60,000/= ක මාසික අවම වැටුපකට හිමිකම් ඇති අය දක්වා වලංගු කරන මෙන්ද යෝජනා කිරීම" නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්ගේ අත්සනින් යුතුව ඔක්තෝබර් 7 වැනිදා  යොමු කළ ලිපියේ වැඩි දුරටත් සදහන්ය.
 
 2022 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබද විවාදය නොවැම්බර් 12 සිට දෙසැම්බර් 10 දක්වා පැවැත්වීමට  කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 7 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සදහන් කරයි.
 
 මේ අනුව  මුදල් අමාත්‍යවරයා විසින් 2022 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම (අයවැය කථාව) නොවැම්බර් 12 වන සිකුරාදා ඉදිරිපත් කිරීමට එහිදී තීරණය වූ බව ද මහලේකම්වරයා පැවසු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
 
 
ඉහත සඳහන් කර ඇති යෝජනාව අනුව දිනක වැටුප රුපියල් දහසක් කිරීම මේ වන විටත් රජය ප්‍රතිපත්තියක් ලෙස පමණක් නොව ප්‍රායෝගිකව ද පිළිගෙන වතු ක්‍ෂේත්‍රයේ සේවක සේවිකාවන්ට අදාල පඩි පාලක සභාව මගින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව ද වෘත්තිය සමිති නායකත්වය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
 
 
මේ වන විටත් අප රටේ ආර්ථිකය කිසියම් ස්ථාවර තත්වයකට ගෙන ඒමට පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ දායකත්වය ලබා දී ඇති බැවින් එම සේවක සේවිකාවන් ඉටු කරන ලද එම මෙහෙවර ඇගයීමක් වශයෙන්ද අප රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයාම සඳහා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් දිරි ගැන්වීමක් වශයෙන්ද ඉහත යෝජනා ඉදිරි අයවැයට ඇතුළත් කරන ලෙස ඇන්ටන් මාකස් ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා යොමු කළ ලිපියේ වැඩි දුරටත් සදහන්ය.
 
 රට පුරා ව්‍යාප්තිව පැවැති මාරාන්තික වසංගතය හමුවේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට පෞද්ගලික අංශයේ සේවකයන් විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ අපනයන නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ ශ්‍රමිකයන් සැළකිය යුතු ආකාරයෙන් දායක වූ බව සිහිපත් කරන වෘත්තිය සමිති නායකයන් කම්කරුවන්ගේ  දායකත්වය විදහා පාන සංඛ්‍යා ලේඛන ද අමාත්‍යවරයාගේ  අවධානයට යොමු කර ඇත.
 
 
වෘත්තිය සමිති නායකයන පෙන්වා දෙන පරිදි පසුගිය 2020 වසරට සාපෙක්‍ෂව 2021 අගෝස්තු මාසය වනවිට ඩොලර් බිලියන 01ක හෙවත් ඩොලර් මිලියන 1,000 ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ. 
 
  
# පසුගිය 2020 අගෝස්තු මාසයට සාපේක්‍ෂව 2021 අගෝස්තු මාසයේදී වැඩිම අපනයන ආදායම ඇඟළුම් අංශයෙන් ලැබී ඇති අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 491.5 ක් වේ.
 
 
# එසේම තේ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 116.78 ක ආදායමක් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 92.34 ක් ද ලැබී ඇත.
 
 
ජන හා සංඛ්‍යා ලේඛන වාර්තාවලට අනුව 2020 සැප්තැම්බර් මස සිට 2021 සැප්තැම්බර් මස දක්වා උද්ධමනය සියයට 05.7 කින් වැඩි වී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට සිහි ගන්වන වෘත්තිය සමිති නායකයෝ තවදුරටත් පෙන්වා දී ඇත්තේ, එබැවින් තම දෛනික ආදායම් අඩුවීමත් රැකියා අහිමිවීමේ සහ කෝවිඩ්-19 ආසාදනයවීමේ අනතුරත් සමග අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ටද ඔවුන්ගෙන් යැපෙන්නන්ටද ජීවත්වීම ඉසිළිය නොහැකි බරපතල අසීරු තත්වයකට මුහුණ දී සිටින බවයි.
 
 ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජික සංගම්  වන නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාරස් ශ්‍රී ලංකා, ජාතික සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, ලංකා බැංකු සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා වතු නිලධාරින්ගේ සංගමය මුදල් අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියට අත්සන් තබා තිබේ.
 

 

 


 

THE LEADER TV 
 
 
ගෙවල් බිඳින එක වගේ ද මල්ලී, රටක් බිඳින එක?
 

 
 
ලොකුගේ වාසු කැබිනට්ටුවේ ඇරගනී! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...