BREAKING
Top Ad
පුවත්

2021 දී පන්ති පටන් ගැනීමට "ඉස්කෝල සුරක්ෂිත නෑ"

T

The Leader

December 21, 2020 • 8:44 AM

 2021 දී පන්ති පටන් ගැනීමට "ඉස්කෝල සුරක්ෂිත නෑ"

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම දරුවන්ට පාසල සුරක්ෂිත ස්ථානයක් බව දෙමාපියන්ට තහවුරු කිරීමට
  •    නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරන්නේ පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් තීරණ ගන්නේ පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට කෝවිඞ් 19 රෝගය නොවැළදෙන බවට පූර්ව නිගමනයක සිටිමින් ද යනුවෙනි.
  •    කෝවිඩ් 19 වසංගත තත්වය තුළ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් දෙසැම්බර් 21 සදුදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.
  • පීරිස්  ප්‍රකාශ කළේ බස්නාහිර හා හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් පාසල් වල 1-5 ශ්‍රේණි 2021 ජනවාරි මස 11 දින විවෘත කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
අධ්‍යාපන අමාත්‍යාංශය මේතාක්  අපොහොසත්ව ඇති බවට චෝදනා කරන දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් ලබන වසර මුලදී  ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය ප්‍රශ්න කිරීමට ලක් තිබේ.
 
 නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරන්නේ පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් තීරණ ගන්නේ පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට කෝවිඞ් 19 රෝගය නොවැළදෙන බවට පූර්ව නිගමනයක සිටිමින් ද යනුවෙනි.
 
 කෝවිඩ් 19 වසංගත තත්වය තුළ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් දෙසැම්බර් 21 සදුදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්  ප්‍රකාශ කළේ බස්නාහිර හා හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් පාසල් වල 1-5 ශ්‍රේණි 2021 ජනවාරි මස 11 දින විවෘත කරන බවයි.
 
 අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මේ ආකාරයෙන් පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ද විවෘත කරන බව ප්‍රකාශ කළ ද, නොවැම්බර් 23 සිට 6-13 ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ වුවද සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක වු බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.
 
Joshop Starlinපාසල් ආරම්භ කර පවත්වාගෙන යාමේදී තම දරුවන්ට පාසල සුරක්ෂිත ස්ථානයක් බව දෙමාපියන්ට තහවුරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත්ව තිබේ. -ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්
 
එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පෙන්වා දෙන්නේ  පාසල් පටන්ගැනීම සම්බන්ධයෙන් කිසිදු විධිමත් වැඩපිළිවෙලකින් තොරව කිසිදු පාර්ශවයක් සමග සාකච්ඡා කිරීමකින් තොරව හිතුමතයේ පාසල් ආරම්භ කිරීම සිසුන්ගේ පැමිනීම අඩු වීමට හේතු වු බවයි.
 
 ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායකයා දෙසැම්බර් 21 සදුදා නිකුත් කළ නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමේදී තම දරුවන්ට පාසල සුරක්ෂිත ස්ථානයක් බව දෙමාපියන්ට තහවුරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත් වීම මත පාසල්වලට දරුවන් එවීමට දෙමාපියන් කටයුතු නොකරන තත්වයක් උද්ගත වී ඇති බවයි.
 
 "ආරම්භ කළ පාසල් ද ප්‍රදේශ ගණනාවක නැවත වසාදැමීමට සිදු වූයේ කෝවිඞ් 19 ආසාදිතයන් වාර්තා වීම මතය. මේ වන විට ද ගාල්ල නගරයේ පාසල්, උතුරු පළාතේ පාසල් 174 ක්, ත්‍රිකුණාමලය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සහ අක්කෙරෙපත්තු, කින්නියා අධ්‍යාපන කලාපවල පාසල් වසා ඇත."
 
 එසේම දෙසැම්බර් 23 දිනෙන් පසු නැවත ජනාවාරි 04 දින ආරම්භ වීමට නියමිත පාසල් සම්බන්ධයෙන් අද දින පැවති මාධ්‍ය සාකච්ඡාවේදී කිසිදු ප්‍රකාශයක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිදු නොකිරීමෙන් ද පැහැදිලි වන්නේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව කිසිදු විධිමත් වැඩපිළිවෙලක් නොමැති බවයැයි ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.
 
''අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡා ඔස්සේ මෙසේ පාසල් ආරම්භ කරන බව ප්‍රකාශ කළ ද දිවයින පුරා පිහිටි කලාප අධ්‍යාපන කාර්යාල 99, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ සමහර අංශද මේතාක්  විවෘත කර නැත.''
 
ජ්‍යෙෂ්ඨ ගුරු  වෘත්තිය සමිති නායකයා පෙන්වා දෙන පරිදි අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡා ඔස්සේ මෙසේ පාසල් ආරම්භ කරන බව ප්‍රකාශ කළ ද දිවයින පුරා පිහිටි කලාප අධ්‍යාපන කාර්යාල 99, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ සමහර අංශද මේතාක්  විවෘත කර නැත.
 
 කලාප අධ්‍යාපන කාර්යාල ඉටි කොළ ආවරණ සහිතව කටයුතු කරන නමුත් ගුරු සහ විදුහල්පතිවරු සමාජයට නිරාවරණය වෙමින් දරුවන් හා දෙමාපියන් සමග කටයුතු කරමින් සිටින බවයි ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් පවසන්නේ.
 
 "එසේම කිසිදු කාර්යයක් සඳහා ගුරුවරුන්ට හෝ දෙමාපියන්ට එම කාර්යාලය තුළට යා නොහැකි ලෙස නිලධාරීන් කටයුතු කරමින් සිටී. "
 
 පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන පහළම ආයතන තමන් සමාජයට නිරාවරණය නොවී කිසිදු විධිමත් ක්‍රියාවලියකින් තොරව පාසල් ආරම්භ කිරීමට උපදෙස් ලබාදීම කනගාටුදායක තත්වයක් බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය තව දුරටත් ප්‍රශ්න කරන්නේ, අධ්‍යාපන බලධාරීන් මෙරට ගුරුවරුන්ට සහ පාසල් දරුවන්ට කෝවිඞ් 19 නොවැළදෙන බවට පූර්ව නිගමනයක සිටිමින් මෙවැනි තීරණවලට එළඹෙන්නේ යන්නයි.
 
 ලංකා ගුරු සංගමය සිය නිවේදනය මගින් තව දුරටත් පෙන්වා දෙන්නේ 1-5 ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ වන්නේ නම් පාසල් ළමුන්ගේ ප්‍රවාහනය, පාසල් සෞඛ්‍ය ආරක්ෂිතය යන සහිතකය මෙන්ම පාසල්වල විෂබීජහරණ කටයුතු සඳහා මුදල්  ලබාදීම ද සිදුවිය යුතු බවයි.
 
 දෙවන පාසල් වාරය ආරම්භයේ දී විෂබීජහරණ කටයුතු සඳහා මුදල් ලබාදුන් බව අධ්‍යාපන ඇමතිවරයා සහ අධ්‍යාපන ලේකම්වරයා පුන පුනා ප්‍රකාශ කළ ද එම ප්‍රතිපාදන පාසල්වලට ලැබී නොතිබුන බවටත් ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
 
School 2021
දෙවන පාසල් වාරය ආරම්භයේ දී විෂබීජහරණ කටයුතු සඳහා මුදල් ලබාදුන් බව අධ්‍යාපන ඇමතිවරයා සහ අධ්‍යාපන ලේකම්වරයා පුන පුනා ප්‍රකාශ කළ ද එම ප්‍රතිපාදන පාසල්වලට ලැබී නොතිබුන බවටත් ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
 
එම  සංගමය පෙන්වා දෙන්නේ පාසල් ආරම්භ කිරීමට ප්‍රථම කලාප අධ්‍යාපන කාර්යාල, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ගුරුවරුන්ට, දෙමාපියන්ට සහ දරුවන්ට විවෘත ස්ථාන බවට පත් කිරීම කළ යුතු බවයි.
 
 එසේම අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහිතව විවෘත විය යුතු බවත් ලංකා ගුරු සංගමය යෝජනා කර සිටි.
 
 එසේ නොකොට පාසල් විවෘත කිරීමට උත්සාහ දැරීම ඵලදායී නොවන බව දෙසැම්බර් 21 සදුදා දිනයේ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පෙන්වා දුන් බවත් ලංකා ගුරු සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...