BREAKING
Top Ad
පුවත්

2021: ගෝඨාභය 'දේශපාලන බලය' අතට ගැනීමට යයි!

T

The Leader

January 1, 2021 • 1:06 AM

2021: ගෝඨාභය 'දේශපාලන බලය' අතට ගැනීමට යයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2021 වර්ෂය ආරම්භයේ සිට පක්ෂ දේශපාලන කටයුතුවලට මැදිහත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
  •   ජනාධිපතිවරයා එවැනි තීන්දුවක් ගැනීමට යන්නේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයින් විසින් දිගින් දිගටම සිදුකරනු ලබන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බව පැවසේ.
  •   මෙයට එක් විසඳුමක් ලෙස කණ්ඩායම් වශයෙන් මන්ත්‍රීවරුන් හමුවීමට යෝජනා වී ඇතැයි ද පැවසේ.
  •   මේ අතර පත් කළ ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේ කටයුතු නිසා රාජ්‍ය සේවකයින් ද දැඩි කළකිරීමට පත්ව ඇතැයිද වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
ජනාධිපතිවරයා එවැනි තීන්දුවක් ගැනීමට යන්නේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයින් විසින් දිගින් දිගටම සිදුකරනු ලබන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බව පැවසේ.
 
ජනාධිපතිවරයා හා දේශපාලන ක්‍රියාකාරීන් අතර බරපතල දුරස්වීමක් ඇති අතර කැබිනට් අමාත්‍යවරුන් පවා පවසන්නේ, කැබිනට් මණ්ඩල රැස්වීම් 'සූම් තාක්ෂනය ඔස්සේ සිදුකිරීම නිසා ජනාධිපතිවරයාව සතියකට සැරයක් හෝ හමුවීමට තිබු අවස්ථාව අහිමිව ඇති බවයි.
 
මෙයට එක් විසඳුමක් ලෙස කණ්ඩායම් වශයෙන් මන්ත්‍රීවරුන් හමුවීමට යෝජනා වී ඇතැයි ද පැවසේ.
 
එසේම ජනවාරි 1 වැනිදා ජාතිය අමතා ජනාධිපතිවරයා හා ජනතාවත්, සිය දේශපාලන කණ්ඩායමත්  අතර වර්ධනය වෙමින් පවතින දුරස්ථභාවය දුරුකර ගැනීමට තිබූ අවස්ථාවත් මඟහැරි ඇතැයි ද ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු මැසිවිලි නගමින් සිටින බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
 
මේ අතර පත් කළ ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේ කටයුතු නිසා රාජ්‍ය සේවකයින් ද දැඩි කළකිරීමට පත්ව ඇතැයිද වාර්තා වේ.
 
දේශපාලන කටයුතු හා රාජ්‍ය පරිපාලන කටයුතු මනා සම්බන්ධීකරණයකින් සිදු නොවන බව පවසන ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයින්, රජයේ බොහෝ කටයුතු අඩාලවීමට හා ඇනහිටීමට එය බලපා ඇති බව කියා සිටියි.
 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පක්ෂ දේශපාලන කටයුතු බැසිල් රාජපක්ෂ වෙත පවරා, රාජ්‍ය පරිපාලන කටයුතු තමන් යටතේ තබාගනිමින් පසුගිය වසර පුරා කටයුතු කළේය.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...