BREAKING
Top Ad
පුවත්

2021 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානයට කෘති බාර ගැනීම අරඹයි

T

The Leader

February 8, 2021 • 8:01 AM

2021 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානයට කෘති බාර ගැනීම අරඹයි   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 23 වෙනි වරටත් සංවිධාන කෙරෙන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය සඳහා කෘති බාර ගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
  • ප්‍රශස්ත නවකතාව/කෙටිකතා සංග්‍රහය/කාව්‍ය සංග්‍රහය - සිංහල/දෙමළ/ඉංග්‍රීසි මාධ්‍යය   2.
  • ප්‍රශස්ත යොවුන් නවකතාව -සිංහල මාධ්‍යය   3.
  • ප්‍රශස්ත තීරු ලිපි සංග්‍රහය - සිංහල මාධ්‍යය ( තීරු ලිපියක් ලෙස පුවත්පතක අඛණ්ඩව පළ වූ ලිපි සරණියක් විය යුතුය)   4.
අකුරු ප්‍රමාණය (Font Size):
සම්මානය උදෙසා කෘති ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳව සංවිධායක අනුරසිරි හෙට්ටිගේ විසින් තැබූ සටහනකි මේ,  
 
"මේ සඳහා 2020 ජනවාරි 01 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා කාලය අතරතුර ජාතික ලේඛනාගාරයේ ලියපදිංචිය සහිත, 2020 වසරේ ප්‍රථම මුද්‍රණය ලෙසින් ප්‍රකාශයට පත් වූ කෘති අදාළ වේ. 
 
එම කෘති සඳහා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන ISBN අංක ලබා තිබිය යුතුය.
 
සම්මාන ප්‍රවර්ග:
 
1. ප්‍රශස්ත නවකතාව/කෙටිකතා සංග්‍රහය/කාව්‍ය සංග්‍රහය - සිංහල/දෙමළ/ඉංග්‍රීසි මාධ්‍යය
 
2. ප්‍රශස්ත යොවුන් නවකතාව -සිංහල මාධ්‍යය
 
3. ප්‍රශස්ත තීරු ලිපි සංග්‍රහය - සිංහල මාධ්‍යය ( තීරු ලිපියක් ලෙස පුවත්පතක අඛණ්ඩව පළ වූ ලිපි සරණියක් විය යුතුය)
 
4. ප්‍රශස්ත ශාස්ත්‍රීය කෘතිය - සිංහල මාධ්‍යය
 
5. ප්‍රශස්ත පරිවර්තන කෘතිය - සිංහල මාධ්‍යය (මේ සඳහා නවකතා මෙන් ම අනෙකුත් පරිවර්තන ප්‍රවර්ග ද ඉදිරිපත් කළ හැකිය.)
 
6. සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවට පරිවර්තනය වූ කෘතිය
 
7. දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය වූ කෘතිය
 
මේ ප්‍රවර්ගයන් උදෙසා ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය, සහතික පත්‍රය සහ මුදල් ත්‍යාගයන් පිරි නැමේ.
 
මීට අමතර සිංහල භාෂාවෙන් ප්‍රකාශිත නවකතා/කෙටිකතා සංග්‍රහ සහ කාව්‍ය සංග්‍රහ අතරින් ප්‍රශස්ත නවක දායකත්වය අගයමින් සම්මාන ත්‍රිත්වයක් පිරි නැමේ. 
 
මේ සදහා වලංගු වන්නේ අදාළ සාහිත්‍ය ප්‍රවර්ගය යටතේ සිය මුල්ම නිර්මාණය ඉදිරිපත් කර ඇති ලේඛකයන්ගේ කෘති සලකමිනි. 
 
යම් හෙයකින් වසරේ විශිෂ්ටතම කෘතිය ලෙස එවැනි නිර්මාණයක් තෝරා ගනු ලැබුවහොත් එම කෘතියට ප්‍රධාන සම්මානය පිරිනමන අතර නවක දායකත්ව සම්මානය සඳහා අනෙකකුගේ කෘතියක් සලකා බලනු ඇත. ඒ සඳහා සම්මානය, සහතික පත්‍රය සහ පොත් වවුචර ප්‍රදානය කෙරේ.
 
ප්‍රකාශන ආයතනයක් මගින් ප්‍රකාශයට පත් කළ කෘති සේම කර්තෘ ප්‍රකාශන ද සම්මානය සඳහා සලකා බැලීමට බාර ගනු ලැබේ.
 
නිර්මාණ බාර ගැනීමේ අවසන් දිනය - 2021 මාර්තු 31
 
සෑම නිර්මාණයකින් ම පිටපත් තුන (3) බැගින් පහත ලිපිනයට ගෙනැවිත් බාර දිය යුතුය. 
 
ප්‍රමාද වීම් හෝ අස්ථානගතවීමේ වගකීම බාර ගනිමින් කිසිවකුට ලියාපදිංචි තැපෑලෙන්ද කෘති එවිය හැකිය.
 
 
කෘති බාර දිය යුතු සහ ලැබිය යුතු ලිපිනය:
 
 
23 වන ගොඩගේ ජාතික සාහිත්‍ය කමිටුව
ගොඩගේ පොත් මැඳුර,
675,
කුලරත්න මාවත
මරදාන - කොළම 10
 
වැඩි විස්තර විමසීම සඳහා පහත දුරකථන අංක අමතන්න:
 
අනුරසිරි හෙට්ටිගේ 071 5 316 568
ගොඩගේ ප්‍රකාශන අංශය -
සුපිපි සෙව්වන්දි මිය  - 0112 686925
 
 
 
විශේෂ සටහන :
 
මේ සම්මානය මුද්‍රිත කෘති සඳහා පමණක් වන අතර අත්පිටපත් හෝ 2020 වසරට පෙර මුද්‍රණය වූ කෘති හෝ නෙඑවන මෙන් කාරුණිකව දැනුම් දෙමි. ඔබගේ කෘති සමග කෘති නාම සඳහන් ලේඛනයක් සකස් කර එවීමෙන් එය බාර ගත් බවට ලබා දෙන ලදු පත වෙනුවට එම ලිපියේ පිටපතක සහතික කළ හැකි වනු ඇත." 
 
(අවාරා)
 

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...