BREAKING
Top Ad
පුවත්

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනයෙන් 21 වැනි වසර උතුරු නැගෙනහිරදී සැමරේ

T

The Leader

October 19, 2021 • 11:43 AM

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනයෙන් 21 වැනි වසර උතුරු නැගෙනහිරදී සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පාලනය යටතේ පැවති අධි ආරක්ෂක කලාපයක් තුලදී මරා දමා විසි එක් වසරක්
  •     එහෙත් දකුණේ කිසිදු මාධ්‍ය සංවිධානයක් වැඩි වශයෙන්ම සිංහලෙන් උතුර වාර්තා කළ නිමලරාජන් සැමරූ බවක් දැනගන්නට නැත.
  •     හරය, බීබීසී සහ වීරකේසරී ඇතුළු ආයතන වෙත දෙමළ සිංහල දෙබසින්ම වාර්තා සැපයීමේ නිරත නිමලරාජන් 2000 ඔක්තෝබර් 19 රාත්‍රියේ යාපනයේ සිය නිවසේදී වෙඩි තබා මරා දමන ලද්දේ යුද පීඩිත ජනයා පිළිබඳව වීරකේසරී පුවත්පතට ලිපියක් ලියමින් සිටියදීය.
  •      හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ සිදුකළ එම ඝාතනය සම්බන්ධයෙන් අදත් යුක්තිය ඉටුවී නැත.
අකුරු ප්‍රමාණය (Font Size):
 ගතවීත් යුක්තිය නොලද දෙමළ මාධ්‍යවේදියකු උතුරු හා නැගෙනහිරදී  සමරා තිබේ.
 
වෙඩිල්ලෙන් නිහඬ කෙරුනු නිබය, සරල මාධ්‍යවේදියකු වූ නිමලරාජන් මයිල්වාගනම් මලින්, පහනින්  ඔක්තෝබර් 19 අගහරුවාදා සමරා ඇත්තේ යාපනය මාධ්‍ය සමාජය සහ මඩකලපුව මාධ්‍ය සමාජය විසිනි. 
 
රට පුරා ව්‍යාප්තව පැවැති මාරාන්තික වසංගතයේ අනතුරු තවමත් පහව ගොස් නැති හෙයින් එම ගුණානුස්මරණය සඳහා එක්ව ඇත්තේ මාධ්‍යවේදීන් කිහිප දෙනකු පමණකි.
 zssd
fgdgttyt
 
එහෙත් දකුණේ කිසිදු මාධ්‍ය සංවිධානයක් වැඩි වශයෙන්ම සිංහලෙන් උතුර වාර්තා කළ නිමලරාජන් සැමරූ බවක් දැනගන්නට නැත.
 
විනාශකාරී යුද්ධයත්, එයින් පීඩා විඳින උතුරේ දෙමළ ජනකායත් පිළිබඳව යුද පීඩිත භූමියේ සිට දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ ලෝකයේ අවධානය යොමු කිරීමට මාධ්‍යවේදි  නිමලරාජන් මයිල්වාගනම්ට හැකිවිය.
 
 
හරය, බීබීසී සහ වීරකේසරී ඇතුළු ආයතන වෙත දෙමළ සිංහල දෙබසින්ම වාර්තා සැපයීමේ නිරත නිමලරාජන් 2000 ඔක්තෝබර් 19 රාත්‍රියේ යාපනයේ සිය නිවසේදී වෙඩි තබා මරා දමන ලද්දේ යුද පීඩිත ජනයා පිළිබඳව වීරකේසරී පුවත්පතට ලිපියක් ලියමින් සිටියදීය.
 
  
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ සිදුකළ එම ඝාතනය සම්බන්ධයෙන් අදත් යුක්තිය ඉටුවී නැත.
 
මයිල්වාගනම් නිමලරාජන්ට සිය නිවස තුලදී අත් බෝම්බ ගසා වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුනු රජය සමග එක්ව සිටි ඊපීඩීපී අතුරු හමුදා කල්ලි සාමාජිකයන් 2003 දී වව්නියාවේ අධිකරණය විසින් නිදහස් කර යවන ලදී.
 
එම ඝාතනය සම්බන්ධයෙන් සෘජුවම සැකකෙරෙන නැපෝලියන් යනුවෙන් ප්‍රකට සෙබස්තියන් පිල්ලේ රමේෂ් පොලිස් ප්‍රශ්න කිරීමකින් තොරවම රටින් පලාගොස් බ්‍රිතාන්‍යයේ රැකවරණ ලබා සිටින බව වාර්තාවේ.
 
චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ ප්‍රබල ඇමැතියකු වූ ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද වර්තමාන රජයේද  ධීවර  අමාත්‍ය ධුරය හොබවයි.
 

 


 

THE LEADER TV 
 
 
 

දිළුම් ක්ලීනිං සර්විස් | මොණරවිලගේ ලියමන

 

ඉන්දියාව බැසිල්ට මොනවා කරයිද ?! | The Leader TV | Gossip

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...