1954 මාර්තු 8 වනදා මෙලොව උපත ලද තිස්ස බණ්ඩාරනායක කිරිබත්ගොඩ ස්ටැම්ෆර්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර 1984 නිෂ්පාදනය කෙරුණු ඒකාධිපති වේදිකා නාට්‍ය තුළින් රංගන ශිල්පියෙකු ලෙස එළි දුටුවේය.
කාහල නාදය, අලුබඳුන, ගිරිකුල, මහතලා හටන, යුගවිලක්කුව, සංසාරේ පිය සටහන්, සිත නිවන කතා ආදී ටෙලි නාට්‍ය, භවදුක, වෑකන්ද වලව්ව, නිල් දිය යහන, ඉගිලෙන මාළුවෝ, දැවෙන විහඟුන් ඇතුළු චිත්‍රපට මෙන්ම, ඒකාධිපති, මකර රාක්‍ෂයා, ධවල භීෂණ ආදී වේදිකා නාටඨ ඇතුළු නිර්මාණ 300 කට පමණ තිස්ස බණ්ඩාරනායක රංගනයෙන් දායක වී ඇති අතර නිර්මාණ රැසක නිරූපණය කර ඇත්තේ භික්‍ෂූන් වහන්සේගේ චරිතයවීම විශේෂත්වයකි.
තිස්ස බණ්ඩාරනායක දියණියන් දෙදෙනකුගේ පියෙකි.
ඔහු හොඳම සහය නළුවාට හිමි සුමති සම්මානය ඇතුළු සම්මාන ගණනාවකින්ම පිදුම් ලබා ඇත.
තිස්ස බණ්ඩාරනායක ගේ දේහය මාකොල දකුණ, ජය මාවත, අංක 16/1 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු කැලණිය, සේපාල කනත්තේදී අද (21) පස්වරු 6.00ට සිදුකෙරේ.
අභාවප්‍රාප්ත තිස්ස බණ්ඩාරනායකගේ අවසන් කටයුතු අද (21)සවස
T
The Leader
February 20, 2022 • 10:14 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ප්‍රවීණ රංගන ශිල්පියකු වන තිස්ස බණ්ඩාරනායක අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි බණ්ඩාරනායක මහතා මියයන විට 65 හැවිරිදි වියෙහි පසුවිය.
- ඔහු හොඳම සහය නළුවාට හිමි සුමති සම්මානය ඇතුළු සම්මාන ගණනාවකින්ම පිදුම් ලබා ඇත.
- තිස්ස බණ්ඩාරනායක ගේ දේහය මාකොල දකුණ, ජය මාවත, අංක 16/1 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු කැලණිය, සේපාල කනත්තේදී අද (21) පස්වරු 6.00ට සිදුකෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


