BREAKING
Top Ad
පුවත්

නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 4ට බහියි

T

The Leader

June 12, 2021 • 10:58 AM

නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 4ට බහියි    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව සතු නිල විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මෙරටට මාස තුනක ආනයන ගෙන්වීමට පමණකැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
  •     චීන මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක විදේශ මුදල් හුවමාරු පහසුකමක් ලැබෙන අතර එම මුදල් මෙරටට මාසයකට සෑහෙන ආනයන ගෙන ඒමට ප්‍රමාණවත් මුදලක යැයිද අමරසේකර කියා සිටියි.
  •   මීට අමතරව ඉන්දියාවෙන් සහ බංගලාදේශයෙන් ද විදේශ විනිමය හුවමාරු පහසුකම් හිමි වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 780ක් ලබන අගෝස්තු මාසයේ දී ලැබීමට නියමිත බව ද ඔහු සඳහන් කරයි.
  •   මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, එළඹෙන ජුලි 27 දා ශ්‍රී ලංකාව විසින් ලබාගත් විදේශ ණය ඇමරිකානු ඩොලර් බිලියනයක් ගෙවීමට නියමිත බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒ අනුව ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4ක් ලෙස පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර 'ලංකාදීප' වෙබ් අඩවියට පවසා ඇත.  
 
චීන මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක විදේශ මුදල් හුවමාරු පහසුකමක් ලැබෙන අතර එම මුදල් මෙරටට මාසයකට සෑහෙන ආනයන ගෙන ඒමට ප්‍රමාණවත් මුදලක යැයිද අමරසේකර කියා සිටියි.
 
මීට අමතරව ඉන්දියාවෙන් සහ බංගලාදේශයෙන් ද විදේශ විනිමය හුවමාරු පහසුකම් හිමි වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 780ක් ලබන අගෝස්තු මාසයේ දී ලැබීමට නියමිත බව ද ඔහු සඳහන් කරයි.
 
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, එළඹෙන ජුලි 27 දා ශ්‍රී ලංකාව විසින් ලබාගත් විදේශ ණය ඇමරිකානු ඩොලර් බිලියනයක් ගෙවීමට නියමිත බවයි.
 
එසේම මේවසර වනවිට තවත් ඇමරිකානු ඩොලර් බිලියන 2.5 විදෙස් ණය ගෙවීමට සිදුව තිබේ.
 
මෙම තත්වය තුල ශ්‍රී ලංකාව ඉදිරි මාස කිහිපය තුලදී බරපතල මුල්‍ය අර්බුදයකට ලක්වීමට නියමිතව ඇතත් ආණ්ඩුවේ බලධාරීන්ට ඊට විසඳුමක් ඇති බවක් ප්‍රදර්ශනය නොවන බව මුල්‍ය විශේෂඥයින්ගේ අදහස වී ඇත. 
 
 
 
THE LEADER TV 

 

 


මැති ඇමති සැප වාහන වෙන්දේසියේ විකුණයි! 

   

 


සතොස අරක්කු පැන්නුවේ ලොක්කාගෙ පාටියට? 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...