BREAKING
Top Ad
පුවත්

විනිසුරන් රටින් ගෙන්න වෙයිද ? - රිෂාඩ්ගේ නඩුවෙන් 4වැනි විනිසුරුත් ඉවත් වෙයි

T

The Leader

July 5, 2021 • 3:11 AM

විනිසුරන් රටින් ගෙන්න වෙයිද ? - රිෂාඩ්ගේ නඩුවෙන් 4වැනි විනිසුරුත් ඉවත් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රඳවා ගෙන සිටින
  •   එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන දැනුම් දුන්නේ පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බවය.
  •   ඒ හේතුවෙන් මෙම පෙත්සම් වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සදහා ලබන 08 වැනිදාට කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කෙරිණි.
  • නවාස් යන මහත්වරුන් ද පෞද්ගලික හේතූන් මත ම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):
 පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දීන් යන මහත්වරු ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන අද(05) අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
 
නීතිවිරෝධී ලෙස රැදවුම් බාරයේ තබා ගෙන සිටින තමන්ව වහාම මුදාහරින්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් වෙන වෙනම ගොනු කල ⁣මෙම පෙත්සම් මුර්දු ප්‍රනාන්දු, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
 
එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන දැනුම් දුන්නේ පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බවය.
 
ඒ හේතුවෙන් මෙම පෙත්සම් වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සදහා ලබන 08 වැනිදාට කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කෙරිණි.
 
ඒ අනුව මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූ සිව්වැනි විනිසුරු වන්නේ ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතාය.
 
මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන් ද පෞද්ගලික හේතූන් මත ම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූහ.
 
කිසිදු නීතිවිරෝධී කටයුතුවලට සම්බන්ධ නොමැති තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් රැදවුම් බාරයේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ඔවුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර සිටිති.
 
පෙත්සම්කරුවන් කියා සිටින්නේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් අප්‍රේල් මස 24 වන දා අලුයම තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින බවය.
 
  
 
  
තමා අත්අඩංගුවට ගැනීමට සාධාරණ කරුණු කිසිවක් නොමැති බව පෙන්වා දෙන රිෂාඩ් බදියුදීන්, සුළු ජාතික දේශපාලන පක්ෂයක නායකයෙකු වන තමන්ව අපහසුතාවයට හා පළිගැනීමට ලක්කිරීමේ අරමුණින් එය සිදුකොට ඇතැයිද චෝදනා කර සිටියි.
 
 
රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් අදහස් දක්වන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසන්නේ, ආරක්ෂාව ගොඩනැගීම සඳහා බව කියමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත විරුද්ධ පාක්ෂිකයින්ට එරෙහිව යොදා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බරපතල හානිදායක කාරණයක් බවයි. 
 
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයට එරෙහිව එම පනත යොදාගැනීම කිසිඳු ලෙසකින් අනුමත නොහැකිබව කියා සිටින මන්ත්‍රීවරයා, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට තම පක්ෂය එරෙහි නොවන බව ද කියා සිටියි.
 
 
 
 
ඒ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සජබ මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ, පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙතෙක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රිෂාඩ් බදියුදීන් බවයි.
 
 
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
  
 
 
##########
THE LEADER TV 
පන්සල් පල්ලි වානා - ස්පා තමයි ඕනා...! 
 
 
බැසිල් අයියලට කොන්දේසි දමයි !
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...