BREAKING
Top Ad
පුවත්

කොටි නැගිට්ටවන චෝදනාවට ඇල්ලූ 5කට ත්‍රස්ත පොලිසිය නඩු දාන්නේ නෑ

T

The Leader

July 19, 2021 • 9:43 PM

කොටි නැගිට්ටවන චෝදනාවට ඇල්ලූ 5කට ත්‍රස්ත පොලිසිය නඩු දාන්නේ නෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ආරක්ෂාවට හානි පමුණුවන බව පවසමින් මසකට ඉහතදී අත් අඩංගුවට ගන්නා ලද
  •    මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හතලිස් පස් වියැති දෙදරු පියකු වන නඩනසබේෂන් ලෝහරාසා යුද්ධය නිමා වීමෙන් පසු රජය යටතේ පුනරුත්ථාපනය වුවකු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
  •     නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පොළේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු සහ ඔහුගේ සහායකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  •    ප්‍රධාන සැකකරුට අයත් නුවරඑළිය කාර්ගිල්ස් ගොඩනැඟිලි සංකීර්ණයේ පිහිටි වෙළෙඳසලකද මේ ආකාරයටම අදාළ චිත්‍රපටය රුපියල් 50ක මුදලක් ගෙන පෙන්ඩ්‍රයිව්වලට දමා දෙන බවට තොරතුරු හෙළිවී ඇතැයි ජනමාධ්‍ය වාර්තාකර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
උතුරේ පස් දෙනකුට නඩු දැමීමට කරුණු ගොනු කිරීමට නොහැකි වී තිබෙන ආරක්ෂක අංශ විසින් ඒ හා සමාන චෝදනා නගමින් කඳුකරයෙන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.
 
 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් තුන් මසකට ඉහතදී අත්අඩංගුවට ගත් උතුරේ පුද්ගලයන් පස් දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇත්තේ ඔවුන්ට එරෙහිව තව දුරටත් නඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය නොමැති බවට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය ජුලි 19 සදුදා අධිකරණයට දැනුම් දීමෙන් පසුවය.
 
ශ්‍රී ලංකාවෙන් තුරන් කර දැමූ බවට රජය පවසන එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට උත්සාහ දැරීමේ චෝදනා යටතේ සිංහළ, දෙමළ අලුත් අවුරුද්ද එළැඹී දින තුනක් ගත වන්නටත් මත්තෙන් ඔවුන් පස් දෙනා අත්අඩංගුවට ගෙන තිබුනේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමිනි.
  
2021 අප්‍රේල් 17 සෙනසුරාදා උදෑසන කාලයේ දී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් යාපනය ඉලවාලේ පොලිස් බල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක්, කෝපායි සහ පලාලි පොලිස් බල ප්‍රදේශයන්හි එක් පුද්ගලයකු බැගින් සහ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබුනි.
 
 පසුව ඔවුන් සියලු දෙනා  වැඩි දුර විමර්ශන කටයුතු සදහා කොළඹ පිහිටි  ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වෙත රැගෙන ගොස් තිබුනි.
 
 මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හතලිස් පස් වියැති දෙදරු පියකු වන නඩනසබේෂන් ලෝහරාසා යුද්ධය නිමා වීමෙන් පසු රජය යටතේ පුනරුත්ථාපනය වුවකු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
 
 
 
දෙමළ චිත්‍රපටයක් නිසා දෙදෙනෙක් අත්අඩංගුවට
 
එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවන චරිතය අළලා නිපදවන ලද ඉන්දීය දෙමළ චිත්‍රපටයක් අන්තර්ජාලයෙන් බාගත කර අලෙවි කිරීමේ චෝදනාවක් මත පුද්ගලයන් දෙදෙනකු නුවරඑළිය කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් විසින් ජුලි 17 සෙනසුරාදා අත්අඩංගුවට ගෙන තිබුනි.
  
 නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පොළේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු සහ ඔහුගේ සහායකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
 
 ප්‍රධාන සැකකරුට අයත් නුවරඑළිය කාර්ගිල්ස් ගොඩනැඟිලි සංකීර්ණයේ පිහිටි වෙළෙඳසලකද මේ ආකාරයටම අදාළ චිත්‍රපටය රුපියල් 50ක මුදලක් ගෙන පෙන්ඩ්‍රයිව්වලට දමා දෙන බවට තොරතුරු හෙළිවී ඇතැයි ජනමාධ්‍ය වාර්තාකර තිබේ.
 
 සැකකරුවන් දෙදෙනා නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
 
 මහජන ආරක්ෂාවට හානි වන වීඩියෝ ළඟ තබාගැනීම ඔවුනට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.
 
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සිංහල නොවන ජාතීන් අත් අඩංගුවට ගෙන නඩු නැතිව වසර ගණනාවක් තිස්සේ රඳවාගෙන සිටීමට යොදා ගැනීම නිසා ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය විසින් දී ඇති GSP+ බදු වරප්‍රසාදය අහිමි වීමේ අවදානමක් පවතී.
 

 

 

 


 

THE LEADER TV 
 
 
 ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඉරි තුනේ දැනුම්දීමක් ! 
 

 
 
දඩ කොළෙත් පිල්ලි ගහයි ?

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...