BREAKING
Top Ad
පුවත්

ජනාධිපති ගෝඨාභයගේ කතාවේ මුලික කරුණු 7ක්! -ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය මෙන්න!!

T

The Leader

November 18, 2019 • 9:18 AM

ජනාධිපති ගෝඨාභයගේ කතාවේ මුලික කරුණු 7ක්! -ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය මෙන්න!! 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ හත් වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ අද (නොවැම්බර් 18) උදෑසන අනුරාධපුර රුවන්වැලි මහසෑය ඉදිරිපිටදී දිවුරුම් දුනි.
  • සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පළමු වරට ජාතිය අමතා කළ කතාවේ ප්‍රධාන කරුණු 7ක් පහත දැක්වේ.
  • ජනාධිපති ගෝඨාභයගේ කතාවේ මුලික කරුණු 7ක් !
  • -ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය මෙන්න !!  ශ්‍රී ලංකාවේ හත් වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ අද (නොවැම්බර් 18) උදෑසන අනුරාධපුර රුවන්වැලි මහසෑය ඉදිරිපිටදී දිවුරුම් දුනි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන නායකයන් මෙන්ම මහානායක ස්වාමින්වහන්සේලා ඇතුළු ආගමික නායකයන් රැසක් එක්ව සිටියහ.

සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පළමු වරට ජාතිය අමතා කළ කතාවේ ප්‍රධාන කරුණු 7ක් පහත දැක්වේ.

ජනාධිපති ගෝඨාභයගේ කතාවේ මුලික කරුණු 7ක් ! -ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය මෙන්න !! 
ශ්‍රී ලංකාවේ හත් වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ අද (නොවැම්බර් 18) උදෑසන අනුරාධපුර රුවන්වැලි මහසෑය ඉදිරිපිටදී දිවුරුම් දුනි.

එම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන නායකයන් මෙන්ම මහානායක ස්වාමින්වහන්සේලා ඇතුළු ආගමික නායකයන් රැසක් එක්ව සිටියහ.

සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පළමු වරට ජාතිය අමතා කළ කතාවේ ප්‍රධාන කරුණු 7ක් පහත දැක්වේ.

1. ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය : "බහුතර සිංහල ජනතාව"

තමන්ට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ සුවිශේෂීම පිටුවහල වූයේ ශ්‍රී ලංකාවේ "සිව්දිග වැඩවසන ගරුතර මහා සංඝරත්නය" තමන්ට ලබාදුන් ආශිර්වාදය යයි සිය කතාව ආරම්භ කරමින් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේය. තම ජයග්‍රහනයේ ප්‍රධානතම සාධකය වන්නේ රටේ බහුතර සිංහල ජනතාව බව තමන් මුල සිට දැන සිටි බව නව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

2. දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක්

තම ජයග්‍රහණයේ කොටස්කරුවන් වන ලෙස දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටි බව ගෝඨාභය රාජපක්ෂ මෙහිදී කියා සිටියේය. තමන් අපේක්ෂා කළ පරිදි ඊට ප්‍රතිචාර නොලැබුණ බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ "මේ රටේ නව ජනාධිපතිවරයා ලෙස සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස ඒකට මා සමග එක්වන ලෙස" මුස්ලිම් සහ දෙමළ ජනතාවගෙන් යළි ඉල්ලා සිටින බව කියා සිටියේය.

3. ආගමික හා ජාතික අනන්‍යතාවයන් රැකගෙන ජිවත්වන පරිසරයක්

බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමටත් සිංහල සංස්කෘතිය හා උරුමයන් ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බවටත් නව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතිඥා ලබා දුන්නේය. සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට තම ආගමික හා ජාතික අනන්‍යතාවයන් රැකගෙන ගෞරවාන්විතව ජීවත්වීමට ඇති අයිතිය ආරක්ෂා කරන බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

4. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම මුලික වගකීමයි.

ශ්‍රී ලංකාව "ත්‍රස්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම්වලින්, කප්පම්කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය යළිත් ශක්තිමත්ව ගොඩ නගනවා" නව ජනාධිපතිවරයා කියා සිටියේය.

5. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සියලු කරුණු ඉටු කරන බවට පොරොන්දුවක්

ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සියලු කරුණු තම ධුර කාලය තුළ ඉටුකරන බව නව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය. තමන්ට ඡන්දය දුන් සහ නුදුන් සියලුදෙනාගේ පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කරන බවද නව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

6. විදේශ රටවලින් ඉල්ලීමක්

ලෝක දේශපාලනයේ විවිධ ජාතීන් අතර බල අරගලවලට ශ්‍රී ලංකාව මැදිහත් නොවන බව පැවසූ නව ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සමග සම්බන්ධතා පැවැත්වීමේදී ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා ඒකීයත්වයට ගරුකරන ලෙස සියලු රටවලින් ඉල්ලා සිටියේය.

7. "නව රජයක් පිහිටුවනවා"

තමන්ගේ ප්‍රතිපත්ති අනුව ක්‍රියා කළ හැකි නව රජයක් පිහිටුවන බව නව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය. "මා මේ රටේ විධායක ජනාධිපතිවරයායි. රටේ යහපත වෙනුවෙන් මගේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට මම කිසි විටක පසුබට වන්නේ නැහැ" ඔහු මෙහිදී සඳහන් කළේය.

(බීබීසී සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...