BREAKING
Top Ad
පුවත්

ලිංගික ශ්‍රමිකයින් ගැන දුන් විශිෂ්ට තීන්දුවක්. - Faculty of Sex

T

The Leader

February 7, 2021 • 12:31 AM

ලිංගික ශ්‍රමිකයින් ගැන දුන් විශිෂ්ට තීන්දුවක්. - Faculty of Sex  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෑත කාලෙදි ලංකාවෙ අධිකරණයකින් දුන්න විප්ලවීය තීන්දුවක් විදිහට ජිනා මැඩම්ගෙ නඩු තීන්දුව හඳුන්වන්න පුළුවන්.
  •     ලිංගික ශ්‍රමිකයෙක් සේ කටයුතු කරන කෙනෙකුට විරුද්ධව තව කෙනෙක් ලිංගික ශ්‍රමයෙහි යෙදවීම ගැන දඩුවම් කරන්න බෑ කියල.
  • ජිනා මැඩම් කාන්තාවන් මුදලට ලිංගික ශ්‍රමිකයන් ලෙස යෙදෙව්වා කියන වරදට අවුරුදු තුනක් හිර දඬුවම් ලැබුවා.    එයා සාධාරණයක් පතා අභියාචනාධිකරණයට ගියා.
අකුරු ප්‍රමාණය (Font Size):
ජිනා මැඩම් කාන්තාවන් මුදලට ලිංගික ශ්‍රමිකයන් ලෙස යෙදෙව්වා කියන වරදට අවුරුදු තුනක් හිර දඬුවම් ලැබුවා. 
 
එයා සාධාරණයක් පතා අභියාචනාධිකරණයට ගියා. ඒත් අභියාචනාධිකරණය කලින් තීන්දුවම අනුමත කළා. 
 
ඊට පස්සෙ ජිනා මැඩම් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ජිනා මැඩම් නිදහස් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රේෂ්ට තීරණයක් ලබාදෙනවා.
 
 
ලිංගික ශ්‍රමිකයෙක් සේ කටයුතු කරන කෙනෙකුට විරුද්ධව තව කෙනෙක් ලිංගික ශ්‍රමයෙහි යෙදවීම ගැන දඩුවම් කරන්න බෑ කියල. ඒ කියන්නෙ ගණිකාවන් කීප දෙනෙක් සේවයේ යොදවන සාමාන්‍ය වහරින් මැඩම් කෙනෙක් එයත් ගණිකාවක් විදිහටම වැඩ කරනවා නම් මඩමක් පවත්වාගෙන යාමේ වරදට අහුවෙන්නෙ නෑ. ඒක අතිශය මානුශීය වගේම ප්‍රගතිශීලී නඩු තීන්දුවක්. 
 
මීට කලින් වතාවක ලිංගික ශ්‍රමිකයන් හැටියට කටයුතු කරන කාන්තාවන්ට එය වරදක් හැටියට ගනිමින් දඩුවම් කරන්න බෑ කියලත් අධිකරණයකින් තීන්දු වුනා. ඒ වෙනුවට ඒ අයව ලිංගික ශ්‍රමිකයන් ලෙස සේවයේ යොදවන පාර්ශ්වයට දඩුවම් කළ යුතු බවයි කියවුනෙ. 
 
ගණිකා වෘත්තිය නීතිගත කිරීම කොහොම වුනත් අඩු තරමෙ මේ විදිහෙ ඩික්‍රිමිනලයිස් කිරීමකට හරි රටක් හැටියට යන්න පුළුවන් වීම ලොකු දෙයක්. 
 
මේ හින්ද නිකරුනේ සිරගත වන, අඩන්තේට්ටම්වලට ලක්වෙන කාන්තාවන් බොහොමයකගෙ ජීවිතවලට සහනයක් ලැබෙනවා නොඅනුමානයි.
 
 
(facultyofsex.com)
 
 
 
හදාරන්න :
Faculty of Sex
 
 
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
##############

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...