BREAKING
Top Ad
පුවත්

ජනපති කාර්යාලයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැටුමක් ගැන GMOA ට පැමිණිල්ලක්

T

The Leader

May 23, 2020 • 10:09 PM

ජනපති කාර්යාලයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැටුමක් ගැන GMOA ට පැමිණිල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනතාවගේ මුදල් එකතු කරගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක
  • තහවුරු නොකළ ආරංචි මාර්ග ඉදිරිපත් කරමින් ජානක සුනෙත් බණ්ඩාර තම ලිපිය මගින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට දැනුම් දී ඇත්තේ, එම දැන්වීම ජනතාවට ප්‍රදර්ශනය කිරීමට පෙර, තෝරා ගත් විද්වත් කණ්ඩායමකට දැක ගන්නට ලැබී ඇති බවයි.
  •   රුපවාහිනියේ සභාපතිගේ ඉල්ලීමට දැන්වීම් ආයතනයේ විරෝධයක් :  "එම අවස්ථාවේ එහි සිටි රූපවාහිනී සංස්ථාවේ වත්මන් සභාපති, හිටපු සෞඛ්‍ය ලේකම්වරයකු වු වෛද්‍ය නිහාල් ජයතිලක දැන්වීමේ ඇති කිරිපිටි බෝතලය දැන්වීමෙන් ඉවත් කිරීමට ඉල්ලා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රචාරණ දැන්වීමක් වාරණයට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාය ඉල්ලා තිබේ.

කෝවිඩ් 19 සුවසේවා හා සමාජ ආරක්ෂණ අරමුදල යටතේ ක්‍රියාත්මක "ඉටුකම"  ජාතික වැඩ සටහනට අදාලව විකාශනය වන වෙළෙඳ දැන්වීමක් නවත්වා ගැනීම සදහා මැදිහත් වන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩ බලන සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිට ලිපියක් යොමු කරමින්  ඉල්ලා තිබේ.

"පෞද්ගලික ලිපියක්"  බව සදහන්  කරමින් ජානක සුනෙත් බණ්ඩාර විසින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට යවා ජනමාධ්‍ය වෙත බෙදා හරින ලද ලිපියක් මගින් පෙන්වා දී ඇත්තේ, වෙළෙඳ දැන්වීම තුළ "බෝතලයෙන් කිරි පෙවීමේ " දර්ශනයක් අනියම් ආකාරයෙන් ප්‍රවර්ධනය වී ඇති ආකාරය මැයි 18 දින බලධාරීන්ට පෙන්වා දුන්නද අදටත් මාධ්‍යයේ එම දැන්වීම ප්‍රචාරය වන බවයි.

තහවුරු නොකළ ආරංචි මාර්ග ඉදිරිපත් කරමින් ජානක සුනෙත් බණ්ඩාර තම ලිපිය මගින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට දැනුම් දී ඇත්තේ, එම දැන්වීම ජනතාවට ප්‍රදර්ශනය කිරීමට පෙර, තෝරා ගත් විද්වත් කණ්ඩායමකට දැක ගන්නට ලැබී ඇති බවයි.

 

රුපවාහිනියේ සභාපතිගේ ඉල්ලීමට දැන්වීම් ආයතනයේ විරෝධයක් :

 "එම අවස්ථාවේ එහි සිටි රූපවාහිනී සංස්ථාවේ වත්මන් සභාපති, හිටපු සෞඛ්‍ය ලේකම්වරයකු වු වෛද්‍ය නිහාල් ජයතිලක දැන්වීමේ ඇති කිරිපිටි බෝතලය දැන්වීමෙන් ඉවත් කිරීමට ඉල්ලා ඇත. එහිදී නිර්මාණකරුවන්නැයි කියාගන්නා අය ඊට විරුද්ධ වී "කිරි බෝතලය අත්‍යවශ්‍ය බවට" තරයේ පවසා ඇත."

 තමා වෙත වාර්තා වු පරිදි මෙම දැන්වීම මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාතාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය සිය විරෝධතාව ලිඛිතව ප්‍රකාශ කර ඇති බව තහවුරු නොකළ ආරංචි මාර්ග උපුටා දක්වමින් ජානක සුනෙත් බණ්ඩාර විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට දැනුම් දී තිබේ.

 බහුජාතික කිරිපිටි සමාගම්වල මුදල් හමුවේ කිසිවකු හෝ සිය ජාතික යුතුකම පැහැර හැර තිබෙන බවට සමාජයේ මතයක් ඇති වීම ජනාධිපතිවරයාගේ පෞද්ගලික අවධානයට ලක් කළ යුතු කරුණක් බව අවධාරණය කරන ජානක සුනෙත් බණ්ඩාර, ඒ සදහා මැදිහත් වන ලෙස සභාපතිවරයා ප්‍රමුඛ  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා තිබේ.

සබැඳි පුවත් :

‘ඉටුකම’ දැන්වීම: බෝතලයෙන් කිරි පෙවීමට සෞඛ්‍ය අංශ විරෝධය! 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...