BREAKING
Top Ad
සමාලාප

නීති අධ්‍යාපන ගැසට්ටුව: විදුහල්පති ගෙන් විශේෂ හෙළිදරව්වක් (වීඩියෝ)

T

The Leader

April 7, 2023 • 4:35 PM

නීති අධ්‍යාපන ගැසට්ටුව: විදුහල්පති ගෙන් විශේෂ හෙළිදරව්වක් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංස්ථාපිත නීති අධ්‍යාපන සභාව නිකුත් කරන ලද රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය
  • ඉහත කී විද්වත් මණ්ඩලය මගින් එකී යෝජනාවලිය ඉදිරිපත් කරන ලද්දේ නීති අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වර්ධනය කරමින් රටට වැඩදායි වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන වෘත්තිකයන් බිහි කිරීමේ ඒකායන අරමුණ ඇතිව බව ද ඇමතිවරයා අවධාරණය කරයි.
  • එකී ගැසට් නිවේදනය ඉදිරිපත් කිරිමට හේතු වූ කාරණා පිළිබඳව සහ එහි අවශ්‍යතාවය පිළිබඳව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති නීතිඥ ආචාර්ය අතුල පතිනායක සමඟ මධ්‍යවේදීනි භාග්‍යා වීරකෝන් සිදු කළ සංවාදයයි මේ..
  •     සබැඳි ලිපි : පාර්ලිමේන්තුවේ දී පැරදුන නීති අධ්‍යාපන ගැසට්ටුව ගැන අලි සබ්රිගේ මතය මෙන්න නීති විදුහලට වැඩේ දුන්නා ඊළඟට වෛද්‍ය විද්‍යාලයට -(නීතිඥ අනුර හෑගොඩ) නීති අධ්‍යාපනය ගැන පාර්ලිමේන්තුවේ ඇත්තටම උනේ මොකද්ද ?
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් පරාජයට පත් වීමත් සමග එකී ගැසට් නිවේදනය නිකුත් කිරීම සහ ඊට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ආරම්භ වී තිබේ.

සංස්ථාපිත නීති අධ්‍යාපන සභාවේ සභාපතිවරයා අග්‍රවිනිශ්චයකාරතුමා වන අතර සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුතුමන්ලා දෙපලක්, නීතිපති, සොලිසිටර් ජනරාල් මෙන්ම අධිකරණ අමාත්‍යාංශයෙන් ලේකම්, නීතිඥ සංගමයේ සභාපති හා ලේකම් යන අයද නීතිය පිළිබඳ විශාරදයන් සහ අධ්‍යාපනඥයකුගෙන් සමන්විත සමාජයේ පුළුල් පැතිකඩක් නියෝජනය කරන සම්භවයකින් යුක්ත වුවන්ගෙන් සමන්විත වේ.

 එකී ගැසට් නිවේදනයට පදනම් වූ යෝජනාවලිය හුදෙක්ම ඉංග්‍රීසි භාෂාව විභාග මාධ්‍ය ලෙස ප්‍රකාශ කිරීම අරමුණු කරගෙන ඉදිරිපත් කරන ලද්දක් නොවන අතර, එහි අන්තර්ගතය පිළිබඳව අවබෝධයකින් තොරව හෝ වෙනත් ලාභ ප්‍රයෝජන උදෙසා එහි සාධනීය අංගයන් හෙලිදරව් කිරීමෙන් තොරව කටයුතු කිරීමත් ප්‍රතිචාර දැක්වීමත් කනගාටුවට කරුණක් බව හිටපු අධිකරණ අමාත්‍යවරයකු මෙන්ම වත්මන් විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසා තිබිණ.

ඉහත කී විද්වත් මණ්ඩලය මගින් එකී යෝජනාවලිය ඉදිරිපත් කරන ලද්දේ නීති අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වර්ධනය කරමින් රටට වැඩදායි වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන වෘත්තිකයන් බිහි කිරීමේ ඒකායන අරමුණ ඇතිව බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

එකී ගැසට් නිවේදනය ඉදිරිපත් කිරිමට හේතු වූ කාරණා පිළිබඳව සහ එහි අවශ්‍යතාවය පිළිබඳව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති නීතිඥ ආචාර්ය අතුල පතිනායක සමඟ මධ්‍යවේදීනි භාග්‍යා වීරකෝන් සිදු කළ සංවාදයයි මේ..

 

 


සබැඳි ලිපි :

පාර්ලිමේන්තුවේ දී පැරදුන නීති අධ්‍යාපන ගැසට්ටුව ගැන අලි සබ්රිගේ මතය මෙන්න

නීති විදුහලට වැඩේ දුන්නා ඊළඟට වෛද්‍ය විද්‍යාලයට -(නීතිඥ අනුර හෑගොඩ)

නීති අධ්‍යාපනය ගැන පාර්ලිමේන්තුවේ ඇත්තටම උනේ මොකද්ද ?

නීති උපාධියට කඩ්ඩ ඕන යෝජනාවට චන්දිම තනිවම හිටගනී

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...