BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

රතු සහෝදරයා දුටු විකාර සිහිනය - (චින්තන ධර්මදාස)

T

The Leader

May 16, 2024 • 6:39 AM

රතු සහෝදරයා දුටු විකාර සිහිනය - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුදත් මහදිවුල්වැව අවුරුදු දාහතකට පස්සෙ කරපු රතු සහෝදරයා චිත්‍රපටිය කලින්ම බලන්න ලැබුනා.
  • අපිට වඩා නිමාවක් ඇතුව, වෙනම සෞන්දර්ය ප්‍රවේශයකින්, වෙනම සංදර්භයක් ඇතුලෙ.
  • ඒක ඇතුලෙ සුදත්ගෙ රොමාන්තික කොමියුනිස්ට්වාදය මතුවෙනවා.
  • බිම්ගත හදවතක් ඇතුලට එබිකම් කරන දඟකාර ‍දේවතාව.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ චිත්‍රපටිය ඇත්තටම මාව අවුරුදු දා හතක් විතර පස්සට අරං ගියා. ඒ මායි උදය ධර්මවර්ධනයි කරපු ‘හව් අයි වොන්ඩර්’ චිත්‍රපටියෙ කාලෙට.

අපි ඒ චිත්‍රපටිය කළාම ඒක නරඹලා වැඩිම ආස්වාදයක් ගත්තෙ සුදත් අයියා. එයා ඒ වැඩේ ආකෘතියට ගොඩක් කැමති වුනා. ඒක එක නළුවෙක් සහ එක නිළියක් එක්ක එක තැනක කරපු වැඩක්. අපි ඒක තැනින් තැන ගිහින් පෙන්නුවා. ඒ කාලෙ හැටියට අඩුම බජට් එකකින් කරපු චිත්‍රපටිය වුනේ ඒක. මේ වෙද්දි බෝ සෙඩ්කිඩ් කරපු කොට්ට බබා අපේ රෙකෝර්ඩ් එක කඩලා.

 

ඒ ආකෘතිය සුදත් අයියා ආපහු ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. අපිට වඩා විධිමත්ව. අපිට වඩා නිමාවක් ඇතුව, වෙනම සෞන්දර්ය ප්‍රවේශයකින්, වෙනම සංදර්භයක් ඇතුලෙ. ඒක සිනමාවෙ පර්යේෂණ ආකෘතියක්. වේදිකාව සහ සිනමාව අතර පවතින අවකාශයක් වගේ. චිත්‍රපටියක් කරද්දි මුහුණ දෙන ආර්ථික අර්බුදයට නිර්මාණශීලී උත්තරයක්. 

සුදත් අයියා අවුරුදු දාහතක් ඉවසගෙන ඉඳලා ඒ ආයුදේ අතට ගන්නවා කියල මට හිතෙනවා. 

 

My Red Comrade මැයි 17 සිට : 'දිවුලා සිනමාව කියල දුන්නු කෙනෙක්' - හඳගම

මයි රෙඩ් කොම්රේඩ් කියන්නෙ මගේ කියවීමෙ හැටියට රතු චිත්‍රපටියක්. ඒක ඇතුලෙ සුදත්ගෙ රොමාන්තික කොමියුනිස්ට්වාදය මතුවෙනවා. (සුදත් නං කියන්නෙ එයා එහෙම නෑ කියල). ඒ රොමාන්තික රතු ගතිය දේශපාලකයෙකුට නරක වුනාට නිර්මාණකරුවෙකුට නරක දෙයක් නෙමෙයි. සුදත් වගේම මංජුල වෙඩිවර්ධනත් මේ රුසියානු රොමාන්තික මීදුමේ සැරිසරනවා.

ඒකෙ තියෙනවා විප්ලවයක් ගැන බලාපොරොත්තුවක්. ඒක අතිශය මානුෂීය විප්ලවයක්. සුදත් යෝජනා කරන්නෙ සංස්කෘතික මිනිසෙක් බිහි කරගැනීමේ විප්ලවයක්. 


මට සුදත්ගේ චිත්‍රපටිය හරියට මක්සිම් ගෝර්කිගේ කතාවක් වගේ.
 
My Red Comrade : ඔබ ඡන්දය හිමි වැඩිහිටියෙක් නම් මේ ඔබේ සිනමාවයි
බිම්ගත විප්ලවීය සහෝදරයෙකුට හදිස්සියේ ගණිකාවක් මුනගැහෙනවා. ඇය ගණිකාවක සිට පර්ෆෝමන්ස් ආර්ටිස්ට් කෙනෙක් දක්වා වෙනස් වෙනවා. මේ තමයි සුදත් අරං එන ‘මැනික් පික්සි ඩ්‍රීම් ගර්ල්’ කන්සෙප්ට් එක. බිම්ගත හදවතක් ඇතුලට එබිකම් කරන දඟකාර ‍දේවතාව. ඇය හැම දේකින්ම සම්පූර්ණයි. ඇය තරම් ලස්සන කිසිම කෙනෙක් නෑ. ඇය තරම් දැනුම තියෙන, ඇය තරම් තේර‍ැම් ගන්නාසුලු, ඇය තරම් විප්ලවීය කිසිම කෙනෙක් නෑ. අපි හැමෝටම මේ මැනික් පික්සිව මුනගැහෙනවා. හැබැයි ඒක මොහොතක් විතරයි.

ඉතින් සුදත් ගේ වයසට ගිය විප්ලවවාදියාට මුනගැහෙන මැනික් පික්සි තමයි මේ. ඇය ඔහුට විප්ලවය කියල දෙනවා. සෙක්ස් නැතුව පොලොව යට වැලලෙමින් වයසට යන විප්ලවවාදියාට අනුරාගයෙන් මුසපත් කරන ගැහැණියක් විප්ලවය නැවත කියා දිය යුතුයි කියල සුදත් කියනවා. (ඒක කොහොම වෙයිද කියල මං දන්නෙ නෑ)
 
 
ආසිරි ඇල්ලගේ තමයි විප්ලවවාදියාගෙ චරිතය කරන්නෙ. ඇල්ල ඇය ඉස්සරහ ගලන්නෙ නැතුව ගල්වෙනවා. ඇල්ල අසරණව බලන් ඉන්නවා. අනුරාගය ඉස්සරහ මොනවා කරන්නද කියල මාක්ස් සහෝදරයා කියලා දීලා නෑ. මේ දේවතාවගේ චරිතය කරන්නෙ තරින්දි. තරින්දි මං දන්න තරමට ටීවී එකේ යන හැම නාට්‍යයකම ඉන්නවා. ඒ හැම චරිතයක්ම උපරිමයෙන් කරනවා. ඒ වගේම සාම්ප්‍රදායික සීමාවන් අතික්‍රමණය කරමින් නිළියකට අයිති නිර්භීත බව ඇය වැළඳගන්නවා. දහනය වෙලා අවසන් නොවුනොත් තරින්දි ලංකාවෙ සිනමාවෙ සළකුණක් තියාවි.
 
නදීක ගුරුගේ සංගීතය විසින් මේ දෙන්නෙක් අතර පැවැත්මේ හිස්කම සම්පූර්ණ කරනවා. මේ චිත්‍රපටියෙ අනිත් කිසිම දේකට වඩා ප්‍රමුඛ කාර්යයක් කරන්නෙ සංගීතය. පිටපත සම්පූර්ණ කරන්නෙ සංගීතය විසින්. 

රුවන් රමණීය කැමරා රමණයක් කරලා තියෙනවා. නිරන්තර වැස්ස, අඳුර එක්ක දැනෙන සීතල, උණුසුම හොයන බව, කැමරාවෙ සටහන් වෙනවා. එකම අවකාශයක, නළු නිළි දෙපලක් එක්ක වෙහෙසක් නොදැනී අසිරියක් මවන රූප රාමු හදන එක සෙල්ලං වැඩක් නෙමෙයි.
 
rc 57cf
මං ආසම දේ සුදත් විප්ලවවාදියාට අරං එන පිරිමි අසමත් බව. තමන් ඉස්සරහ නිරුවත් වෙන ගැහැණියක් වැළඳගන්න තරමටවත් මේ විප්ලවවාදියා නිරෝගී නෑ. ඔහු ලෙඩයි. ඔහුට සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් අතීතය හරහා විතරයි. වර්තමානයේ ඔහු අසරණයි. මරා දැමූ, අහිමි වුනු, අසාර්ථක වුනු නොස්තැල්ජියාවක් හරහා පමණයි ඔහුට ආදරය කරන්න පුළුවන්.
 
හැබැයි සුදත් මේ කොටස කියන්නෙ දැනගෙන නෙමෙයි.  

මං හිතන්නෙ හෙට ඉඳන් මේ රතු චිත්‍රපටිය විප්ලවීය සහෝදරයන් කුල්මත් කිරීම පිණිස මුදාහැරෙනවා.
 
441050871 122142703964123994 9144300645330479089 n441549020 122142634046123994 1440794404963791902 n

(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

සබැඳි ලිපි :
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...