leader s

සුදත් මහදිවුල්වැව සිනමාකරුවා දශක එකහමාරකට පමණ පස්සෙ සිය නිර්මාණයක් සමග ලාංකික ප්‍රේක්ෂකයා හමුවට පැමිණිලා.

සතුට දනවන සිද්ධියක්. ඔහුට සුබ ප්‍රාර්ථනා කරනවා.

මට මේ නිර්මාණය පසුගිය දිනක නරඹන්නට ලැබුණා. මම අපේක්ෂා කළාට වඩා තරමක වෙනස් අන්තර්ගතයක් සහිත නිර්මාණයක් මට දකින්නට ලැබුණේ...මම අපේක්ෂා කළේ, ලංකාවේ ප්‍රධාන වාම ධාරාව සමග විවේචනාත්මකව එනමුත් සාධනීය ආකාරයෙන් සම්මුඛ වන, මැදිහත් වෙන, විකල්ප 'වාම' දර්ශනයක් ගැන තියුණු සංවාදයක් මතුකරන වැඩක්. නමුත් මට හැඟෙන ආකාරයට සුදත් අරන් තියෙන්නේ වාම (ජනප්‍රිය) දේශපාලනයේ සුජාතත්වය මූලික වශයෙන් පිළිගන්නා අතරේම ඊට අහිමි වුනු miss වුනු දෙයක් ගැන ටිකක් රොමැන්‍තික ප්‍රවේශයකින් මතුකරන්න උත්සාහ කරන චිත්‍රපටයක්.

ඒකත් ඉතින් යම් ආකර්ෂණීය වැඩක් ලෙස යහපත් සමාජයක් ගැන හිතන ඉතා පුලුල් ප්‍රේක්ෂකයාට බාරගන්න පුළුවන් වේවි කියා හිතෙනවා.

 

WhatsApp Image 2024 02 14 at 13.16.49

මෙහි එන චරිත දෙක වෙනස් පාරවල් වල යනවා වගේ පෙනුනත්, ඔවුන් එකම අරමුණට දෙවිධියකින් උර දෙන බවයි චිත්‍රපටය කියන්නෙ. ඒ නිසා ඇත්තටම ඔවුන් අතර විවාදාත්මක සංවාදයක් වෙනුවට තම තමන්ගේ ලෝක අනෙකා සමග බෙදා ගන්නා දෙබස් ආකෘතියක් පේන්නෙ. නමුත්, ප්‍රේක්ෂකයා දිගටම ග්‍රහණය කර තබා ගැනීමේ ශක්තිය චිත්‍රපටයට තියෙනවා. 

 

425485978 122124987488123994 2071131050757554161 n
මුළු සමාජයම විකල්ප සමාජ -දේශපාලන මාවතක් ඉල්ලා සිටින මොහොතක අපි ඉන්න නිසාත් බහුතර ප්‍රේක්ෂක ජනතාවගේ අවධානයට මේ නිර්මාණය යොමුවේවි, -  එසේ වේවා ! කියා ප්‍රාර්ථනා කරනවා.

විශේෂයෙන් රටේ අනාගතය උදෙසා ගැඹුරු විකල්ප මාවතක් ගැන හිතන දියුණු ප්‍රේක්ෂකයන් ට මේ චිත්‍රපටය වම පිළිබඳ වඩා බරපතළ ප්‍රශ්න ගැන සංවාද මතුකරගැනීමට කිසියම් නිමිත්තක් කරගන්න හොඳ ඉඩක් තියෙනවා .

සුදත් මහදිවුල්වැව සහ ඔහුගේ නිර්මාණ කණ්ඩායමට හෘදයාංගම සුබ පැතුම් ! 

(ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන)

WhatsApp Image 2024 02 14 at 12.17.44 PM 


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්