leader s

තාත්තයි ....පොතුයි ..
දෙක ම අළු වුණා


My Red Comrade. ඒක සුදත් මහදිවුල්වැවගේ නවතම සිනමාව. 

වාරණ මණ්ඩලය සහතිකය දීලා. වැඩිහිටියන්ට පමණ යි. ඒක හොඳයි . වැඩිහිටි, මෝරපු, පරිණත සිනමාවක් තමයි දැන් අවශ්‍ය . 

Sudath Mahaadivulwewa මගේ රතු සහෝදරයා සුබ පැතුම්.

 

red 5

ඒක සුදත්, මම ප්‍රිය කරන අන්ද්‍රෙ තර්කොව්ස්කි පන්නයේ කලා නිර්මාණයක් නෙවේ. රිදී තිරය පුරවා දමන කඳු, මිටියාවත්, තණ බිම්, සිහින් දියකඳුරු තියා සිඟිති විහඟෙකුගේ හෝ ආධාරයක් නෑ ඒකෙ. ඒක සිදු වෙන්නෙ මහ රෑක ලෑලි කාමරයක. චරිත දෙකක් විතරයි . විනාඩි 90 ක හුස්මක්. බාහිර ලෝකය කියන්නෙ ඉඳ හිට යන දුම්රිය හා කඩා වදින පොලීසිය. කෝච්චිය කියන්නෙ මේ චිත්‍රපටයේ තුන් වැනි චරිතය නිසැක ලෙස.

යටිබිම් ගත දිවියක් ගෙවන මැදි වියේ වාම විප්ලවවාදියකුගේ කාමරයට දිවි ගලවා ගැනීමට අහම්බෙන් කඩා වදින තරුණියක්. 

 

WhatsApp Image 2024 02 14 at 13.16.49

ඒ දෙන්නාගේ කතා දෙක තමයි මේ. පැළ නොවූ පොප්ලර් සිහින, මරා දැමූ සිහින, ගල් ගැසුණු වාම හදවතක් හෝ මගහැරුණු හැඟුමක් තිගැස්සීම, සෝවියට් සිහිනයේ සුසානය හා යුග දෙකක රතු තරු දෙකක් එකම ත්‍රස්ත විමර්ශන පණත යටතේ කොටු කිරීම ආදී ගින්දර ගොඩක් ඒ තෙතැති රැයේ පත්තු වෙනවා.

නව සංස්කෘතික මිනිසෙක් ..ගැහැනියක් යනු එහි සාරාර්ථ සංදේශය. 

My Red Comrade  කණ්ඩායමේ දර්ශී, අජිත් රාමනායක, සශික රුවන්, තිස්ස, නදීක ඇතුළු සියලු කොම්රේඩ්ස්ලාට ස්තුතියි. 

අපි ඉන්නෙ බැරෑරුම් සමාජ පරිවර්තනයක් අබිමුව. ඒ අලුත් සමාජයට අලුත් භාෂාවක් නැති ව පියනගන්න බැහැ . මේ සිනමාව ඒ බසෙහි එක් රූපකයක් වේවි .

red 6
සුදත් මහදිවුල්වැවගේ අධ්‍යක්ෂණය කළ MY RED COMRADE සිනමා කෘතිය සම්බන්ධව.. වාරණ මණ්ඩලයේ තීරණය ප්‍රකාශයට පත් වී ඇත.

428625813 2716823881807167 4234203373183026762 nචන්දය හිමි,අවුරුදු 18 වැඩි, 
"වැඩිහිටියන්ට පමනක්" 
නැරඹිය යුතු සිනමා කෘතියක් බවට
රජය තීරණය කර ඇත... "


2024 මහජන ප්‍රදර්ශනය සඳහා MY RED COMRADE සියල්ල සූදානම් කර ඇත.

"සිනමාව" යනු ඔබගේ ජීවිතය ඔබම මුණ ගස්සන කැඩපතකි. වැඩිහිටියෙක් ලෙස , මේ මොහොතේ අප ජීවත්වන සමාජ දේශපාලන සන්දර්භය දෙස බැලීමට ඔබට අවස්ථාවක් උදාවී ඇත.

ඔබ වැඩිහිටියෙක් නම්
මේ ඔබේ සිනමාවයි.
රතුඅතුඅග


#MyRedComrade
#Comrade
#ලාංකිකසිනමාව


(Hiniduma Sunil Senevi ගේ ෆේස්බුක් පිටුවෙන්)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්