කෙටිකතාවක් යනු සාපේක්ෂව කෙටි කාලවේලාවක් තුළ (එකදිගට) කියවා නිම කළ හැකි, එක් ප්රධාන සිද්ධියක් හෝ තේමාවක් මූලික කරගත් ගද්ය ප්රබන්ධයකි.
කෙටිකතාවක ප්රධාන ලක්ෂණ
- එකම සිද්ධියක් හෝ තේමාවක්: නවකතාවක් මෙන් දිගු කතා පුවතක් නොමැතිව, එක් නිශ්චිත අත්දැකීමක් හෝ ජීවිතයේ එක් පැතිකඩක් ("ජීවිතයෙන් පෙත්තක්") මෙහි නිරූපණය වේ.
- සීමිත චරිත සංඛ්යාවක්: ප්රධාන චරිතයක් හෝ සුළු චරිත ප්රමාණයක් පමණක් කතාව තුළ ක්රියාත්මක වේ.
- නාට්යමය ව්යුහය: හැඳින්වීමක්, ගැටුමකට මඟපෑදීමක්, ගැටුම උච්ච වීමක් සහ ගැටුම නිරාකරණය වීමක් සාමාන්යයෙන් කෙටිකතාවක අන්තර්ගත වේ.
- කාලය සහ අවකාශය: සිදුවීම් සිදුවන කාලය සහ ස්ථානය සීමිත ය.
- වචන ප්රමාණය: සාමාන්යයෙන් කෙටිකතාවක වචන 1000 සිට 20,000 දක්වා පරාසයක පවතී (විද්යා ප්රබන්ධ යනාදි ශානරවලදී මෙය වෙනස් විය හැකි ය)
''කෙටිකතාව යනු කුමක්ද…?'' යැයි Google වෙතින් විමසුවා ම ලැබෙන පිළිතුර තමයි යට සඳහන් කරේ.
හැබැයි මේ වෙද්දි විශ්ව සාහිත්යයේ කෙටිකතාව මේ නිර්නායක අභිබවමින් ඉදිරියට ගමනු කරල තියෙනවා. එහෙම තියෙන අතරතුර ම මේ නිර්නායක් (වුවමනාවෙන් හෝ නොදැනුවත්ව ම) ආරක්ෂා කරගෙන ලියපු කෙටිකතා අපිට හමුවෙනවා.
මේ නිර්නායක කෙසේ වෙතත් කෙටිකතාව තුළින් අපි අත් දුටු, අත් දකින සමාජ ආර්ථික සහ දේශපාලනයේ සාධනීය සහ නිෂේධනිය තැන් තමන් ගේ සාහිත ශක්යතාවෙන් ඉදිරිපත් කරන ලේඛක ලේඛිකාවො විසින් රචිත කෙටිකතා අපි වුවමනා තරම් කියවලා තියෙනවා; විඳලත් තියෙනවා.
ලයනල් වික්රමආරච්චි කියන්නෙ මම මේ යට සඳහන් කරපු ආකාරයේ කෙටිකතා රචකයෙක්.
වෘත්තියෙන් වෛද්යවරයෙක් වන ඔහු සිය කුලුඳුල් කෙටිකතාව මේ වන විට පාඨක ප්රජාව අතට පත් කරලා තියෙනවා. ඒ කෙටිකතා හුදු කතන්දරවලට පමණක් සීමා කරන්න බැහි කියලයි මගේ අදහස. ඔහුගේ සමස්ත නිර්මාණය ඇතුළෙ: ගොවි අසුවැන්න කුණු කොල්ලයට මිලදී ගැනීම සම්බන්ධයෙන්, වන අලි ප්රහාර සම්බන්ධ යථාර්ථය, රාජ්ය ව්යහයේ පවත්නා බරපතළ අඩුපාඩු, අකාරුණික වෛද්යවරු, අසරණ රෝගීන් සහ කාරුණික හෙද නිලධාරිනියන් පිළිබඳව, සෞඛ්ය ක්ෂේත්රයෙහි පවතින ගැටලුව, මනුෂ්යයකුට මනුෂ්යයකු සේ නොසැලකිම සහ තමන් ගේ ඉලක්කය කරා ගමන් කිරීම මිනිස්සු පෙලඹෙන ආකාරය, යුද විරුවන් හෙවත් රණවිරු නාමයේ කටුක යථාර්ථය, පන්සල ඇතුළත සහ උතුරේ සහ දකුණේ වීරයෝ වගේ ම ජාතිවාදීන් ගේ වැරැදුණු කුරුමානම් යනාදි අනුභුති කතුවරයා සිය නිර්මාණ සඳහා ප්රස්තුත කරගන්නවා.
ඉතිං අද අපි The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්ය කලා වින්දනීය අඩ හෝරාවට කැඳෙව්වෙ මේ යට සදහන් කළ කෙටිකතාකරුවා.
මතු පළ වෙන්න The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්ය කලා වින්දනීය අඩ හෝරාව සමග ලයනල් වික්රමආරච්චි කෙටිකතාකරුවා කරපු සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ විඩියෝව.
https://www.youtube.com/watch?v=hkhMoen_K-A&t=562s
සටහන - ජයසිරි අලවත්ත




