ජාත්යන්තර දැනුම් ව්යාපෘතියක් ලෝකය වෙත ගෙන යෑමට ඔබටත් දායක විය හැකියි!
THE GENDER PARADIGM PROJECT
මම සුමුදු ගුරුගේ, ශ්රී ලංකාවේ ස්වාධීන පර්යේෂකයෙක්, ලේඛකයෙක්, සංගීත නිර්මාපකයෙක්.
2016 වසරේ දී Senadhi Guruge, Chamath Mendis , Sureka Wageeshwara සහ මා එක්ව ගොඩනඟන ලද "පුරුෂාත්ම හීනනය හෙවත් බිජුහීනතාව" (Male Inferiority) නමැති සංකල්පය පදනම් කරගනිමින්, වසර ගණනාවක පර්යේෂණ සහ ලේඛන කටයුතුවල ප්රතිඵලයක් ලෙස පීතෘමූලික සමාජ ක්රමයේ මනෝවිද්යාත්මක මූල විමර්ශනය කෙරෙන මගේ The Bible of Male Inferiority: Digging the Taproot of Patriarchy, up to Global Warming කෘතිය 2024 වසරේදී ebook එකක් ලෙස ප්රකාශයට පත් කළෙමි.
(මෙම සංකල්පය ආචාර්ය Samanmali Kumari Jayawardana ගේ යෝජනාවකට අනුව 2019 ජූනි 04 වන දින කොළඹ මහජන පුස්තකාලයේ දී ප්රසිද්ධ සංවාදයට ලක් කර සමාජගත කළ අතර, ඊට සමගාමීව විශේෂ පොත් පිංචක්ද එළිදක්වන ලදී)
පේරාදෙණිය විශ්වවිද්යාලයීය නිල එළිදැක්වීම
The Bible of Male Inferiority කෘතිය සහ එය පදනම් කරගත් The Gender Paradigm Project ජාත්යන්තර බහුභාෂා ඩිජිටල් පීඨිකාව, 2026 සැප්තැම්බර් 25 වැනි දින පේරාදෙණිය විශ්වවිද්යාලයේ මානව හා සමාජ විද්යා පශ්චාත් උපාධි ආයතනයේදී (PGIHS) නිල වශයෙන් එළිදක්වන ලදී.
මෙම අවස්ථාව සඳහා පේරාදෙණිය සරසවියේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය සහ සායනික මනෝවිද්යාඥ ආචාර්ය Kanthi Hettigoda, රුහුණ විශ්ව විද්යාලයේ සමාජවිද්යා අධ්යයනාංශයේ මහාචාර්ය Nvga Hemantha Kumara , සහ නීතිඥ Swarna Mallikarachchi යන මහත්ම මහත්මීන් ප්රමුඛ ශාස්ත්රීය ප්රජාව සක්රීයව සහභාගී වූහ.
මෙම ව්යාපෘතියෙන් කතාබහ කරන්නේ කුමක්ද?
සම්ප්රදායිකව පීතෘමූලිකත්වය යනු පිරිමියා ගේ කායික හෝ පරිණාමීය ශක්තියේ ප්රකාශනයක් ලෙස සැලකුව ද, මෙම කෘතිය සහ ව්යාපෘතිය මගින් ලෝකය දෙස වෙනස් ම සුසමාදර්ශයකින් (Paradigm Shift) බැලීමට ආරාධනා කරයි:
• ජීව විද්යාත්මක හිස්බව සහ පීතෘමූලිකත්වය (The Biological Void): ස්ත්රිය සතු ප්රජනන සහ ජීවය දීමේ බලය ඉදිරියේ පිරිමියා තුළ හටගත් ප්රාථමික අනාරක්ෂිතභාවය සහ හීනමානය පීතෘමූලිකයේ සැබෑ මුදුන් මුල (Taproot) වන ආකාරය.
• සංස්කෘතිය සහ ආගම ආරක්ෂක ආවරණයක් ලෙස (Culture as Compensation): තමන්ට ජීව විද්යාත්මකව අහිමි වූ බලය වෙනුවට, පිරිමියා විසින් ස්ත්රිය සහ ස්වභාවධර්මය පාලනය කිරීමට සංස්කෘතිය, නීතිය, මිථ්යා සහ ආගමික රාමු නමැති "සංකේතීය ලෝකයක්" (Symbolic World) නිර්මාණය කළ ආකාරය.
• ධනවාදය, ආධිපත්යය සහ පාරිසරික විනාශය: ස්ත්රිය 'පළමු පෞද්ගලික දේපළ' බවට පත්කර ගැනීමේ සිට පෘථිවිය (Mother Nature) සූරාකෑම දක්වා දිවෙන ධනවාදී සහ අධි-පුරුෂභාවයේ (Hyper-masculinity) අවසන් ප්රතිඵලය ලෙස ගෝලීය උණුසුම (Global Warming) විග්රහ කිරීම.
• පස්වන රැල්ලේ ස්ත්රීවාදය (Fifth-Wave Feminism): මතුපිට අයිතිවාසිකම්වලට පමණක් සටන් නොකර, පිරිමියා ගේ අභ්යන්තර මනෝවිද්යාත්මක බිය සහ හීනමානය සුවපත් කරමින් ස්ත්රී-පුරුෂ දෙපාර්ශ්වය ම පීතෘමූලික පීඩනයෙන් මුදාගන්නා "මනෝවිශ්ලේෂණාත්මක සමාජ ප්රතිකාරයක්" ඉදිරිපත් කිරීම
• විවේචනාත්මක සංවාදය: මානව ශිෂ්ටාචාරයේ ඉදිරි ගමන, තාක්ෂණය (AI), සහ පෘථිවියේ පැවැත්ම පිළිබඳ නව දාර්ශනික හා ශාස්ත්රීය ප්රශ්න නැගීම.
(මෙය කිසිදු අදහස් පද්ධතියක් ප්රශ්න කිරීමකින් තොරව පිළිගන්නා ලෙස කරන ආරාධනයක් නොවේ; මෙය කියවීමට, ප්රශ්න කිරීමට, විවේචනය කිරීමට සහ විවෘත බුද්ධිමය සංවාදයකට එක්වීමට කරන සංවේදී ආරාධනයකි).
ගෝලීය බහුභාෂා ඩිජිටල් ව්යාපෘතිය

දැනටමත් ව්යාපෘතියේ නිල වෙබ් අඩවිය The Bible of Male Inferiority හරහා භාෂා 10 කින් (ඉංග්රීසි, ප්රංශ, ජර්මන්, ඉතාලි, පෘතුගීසි, රුසියානු, ස්පාඤ්ඤ, ස්වාහිලි, හින්දි, අරාබි) සහ සිංහල භාෂාවෙන් (මෙහි දෙමළ පරිවර්තන කටයුතු Saminadan Wimal අතින් දැනට සිදුවෙමින් පවතී) අන්තර්ගතයට ප්රවේශ විය හැකි ය.
මෙම දැනුම දැනටමත් ඇමරිකාව, යුරෝපය, ආසියාව සහ ලතින් ඇමරිකාව ඇතුළු රටවල් 97 කට අධික ප්රමාණයක පාඨකයින්, ස්ත්රීවාදීන්, පර්යේෂකයින්, විශ්වවිද්යාල ප්රජාව සහ පරිසර ක්රියාකාරීන් අතරට(මෙම බහු භාෂා සංකල්පය Kelum Jayaweera ගේය) ළඟා වී තිබේ.
මෙය මුළුමනින්ම නොමිලේ කියවිය හැකි ය.
මෙම දැනුම මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය හෝ මිලදී ගැනීමේ හැකියාව මත සීමා නොවිය යුතු බව අපගේ විශ්වාසය යි. එබැවින් අපගේ අරමුණ පොතක් අලෙවි කර ලාභ ලැබීම නොව, මුළු ලෝකය පුරාම නොමිලේ දැනුම බෙදාහැරීම සහ නව බුද්ධිමය සංවාදයක් ගොඩනැගීමයි.
දැන් අපට අවශ්ය වන්නේ ඔබේ සහයෝගයයි!
මෙම ව්යාපෘතිය භාෂා 11ක් භාවිත කරන ජාත්යන්තර ප්රජාව වෙත තවදුරටත් ව්යාප්ත කිරීම සඳහා ඉලක්කගත ගෝලීය Digital Advertising & Social Media Campaign එකක් දියත් කිරීමට (අනාගතයේදී දෙමළ පරිවර්තනය සමග භාෂා 12 ක්) අපි සූදානම් වෙමු. ඒ සඳහා පහත සඳහන් පාර්ශ්වවල අනුග්රාහකත්වය, හවුල්කාරිත්වය සහ සහයෝගය අපි ගෞරවයෙන් අපේක්ෂා කරමු:
• සමාජ සාධාරණත්වය සහ ස්ත්රී-පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් කටයුතු කරන සංවිධාන (NGOs & Foundations).
• පරිසර සංරක්ෂණය, Ecofeminism සහ තිරසාර අනාගතයක් වෙනුවෙන් පෙනී සිටින ආයතන.
• ජාත්යන්තර රාජ්ය නොවන සංවිධාන සහ ශාස්ත්රීය පදනම්.
• සමාජීය හා බුද්ධිමය ව්යාපෘති සඳහා අනුග්රහය දක්වන ආයතනික හා ව්යාපාරික ප්රජාව (CSR Partners).
• නිදහස් අධ්යාපනය සහ ස්වාධීන දැනුම් ව්යාපෘති වෙනුවෙන් දායක වීමට කැමති පුද්ගලයන්.
ඔබට දායක විය හැක්කේ කෙසේද?
1. මූල්ය අනුග්රාහකත්වය: ජාත්යන්තර ඩිජිටල් ප්රචාරණ කැම්පේන් සඳහා කෙළින් ම මූල්යමය අනුග්රහය දැක්වීමෙන්.
2. සම්බන්ධතා ගොඩනැගීම: අපගේ අරමුණු සමග ගැළපෙන ජාත්යන්තර NGO හෝ අනුග්රාහක ආයතන අප වෙත හඳුන්වා දීමෙන්.
3. ප්රචාරණය: මෙම පණිවිඩය සහ වෙබ් අඩවි සබැඳිය ඔබේ මිතුරන්, ශාස්ත්රීය කව සහ සංවිධාන අතර බෙදාහැරීමෙන්.
(අපගේ අනුග්රාහකයින් සමග පූර්ණ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන අතර, ලැබෙන සියලු අරමුදල් ජාත්යන්තර ප්රචාරණ සහ දැනුම ව්යාප්ත කිරීමේ කටයුතු සඳහා පමණක් ඵලදායී ලෙස යොදවනු ලැබේ).
ශ්රී ලංකාවෙන් ආරම්භ වූ මෙම ප්රබල ස්වාධීන බුද්ධිමය ව්යාපාරය (The Gender Paradigm Project) ජාත්යන්තර ප්රේක්ෂකයන් වෙත ගෙන යෑමට ඔබටත් සහය විය හැකි නම්, කරුණාකර මා සමග සම්බන්ධ වන්න.
නිල වෙබ් අඩවිය:
"දැනුමට සීමා මායිම් නැත. අදහස්වලට මිලක් නියම නොකරමු. විවේචනාත්මකව සිතන ලෝකයක් ගොඩනගමු."
සුමුදු ගුරුගේ



