The Leader News
BREAKING
මක්කම ගිය බංග්ලාදේශ තරුණ විවාහක යුවළගේ හිස් ගසා දැම්මේ ඇයි?●යෂ්ටියෙන් නැගිටින 79 හැවිරිදි ග්ලෙන් ක්ලෝස්ගේ සිනමා පිපාසය●අජන්ත සෙනෙවිරත්නගේ 'පරපුරක ජීවක' ප්‍රශස්තම බෞද්ධ නවකතාව වෙයි●ඩොලර් අර්බුදයෙන් මලාවිය අඩපණ වෙයි: තෙල් පෝලිම් නිවහන කරගත් රියදුරන්ගේ කතාව●බටහිර ඉවුරේ ඔලිව් අස්වැන්න ලෙයින් තෙත්වෙයි●සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත්වීමට ආ පෙත්සම් 13ම ඉවතට●සෞදියේ කිං ෆාඩ් ගුවන් තොටුපළට ප්‍රහාරයක්: ශ්‍රී ලංකාව ගුවන් ගමන් අත්හිටුවීම දීර්ඝයි●සතොස බිලියන 24ක පාඩුව: රජයේ ‘ෆ්‍රැන්චයිස්’ බෙහෙත ප්‍රමාණවත්ද?●කොළඹ වරාය සැපයුම් කේන්ද්‍රය අවලංගු වීම: පටිපාටිමය ගැටලුවක්ද? ආර්ථික අහිමිවීමක්ද?●අධිකරණ තීන්දුව පැහැර හැරපු පොලිස්පතිවරයාට මොකක්ද වෙන්නේ? - නාමල්●
Top Ad
සාහිත්‍ය - කලා

අජන්ත සෙනෙවිරත්නගේ 'පරපුරක ජීවක' ප්‍රශස්තම බෞද්ධ නවකතාව වෙයි

බුදුන් වහන්සේට උපස්ථාන කළ ජීවක කෝමාරභච්ච වෙදැදුරාණන්ගේ සුවිශේෂී වෛද්‍ය මෙහෙවර ප්‍රස්තුත කරගනිමින් සම්මානිත ලේඛක අජන්ත සෙනෙවිරත්න රචනා කළ ‘පරපුරක ජීවක’ කෘතිය බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළේදී ඇගයීමට ලක්වේ.

Pasan

Pasan

October 22, 2026 • 9:45 PM

අජන්ත සෙනෙවිරත්නගේ 'පරපුරක ජීවක' ප්‍රශස්තම බෞද්ධ නවකතාව වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරේ ප්‍රකාශිත කෘති අතරින් ප්‍රශස්තම බෞද්ධ නවකතාව ලෙස අජන්ත සෙනෙවිරත්න ලියූ “පරපුරක ජීවක” කෘතිය බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළේදී සම්මානයට පාත්‍ර වී තිබේ.
  • මෙම පොත් දෙක “රුසිරු ප්‍රකාශකයෝ” විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
  • ශාරීරික සුවය සහ අධ්‍යාත්මික පිබිදීම යා කළ පාලම මහා ඉතිහාසයක් ඇති ආයුර්වේදය තුළ ජීවක කෝමාරභච්ච යනු යුග ගණනාවක් එකට යා කරන සවිමත් පුරුකකි.
  • ජීවක චරිතය තුළින් විද්‍යමාන වන ආයුර්වේද වෙදකමේ මූලික සිද්ධාන්ත වර්තමානයට ගැළපීමට ඇති උවමනාවත්, ඔහු නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ලැබෙන පූජනීය බවත් නිසාම එතුමන් වටා මෙම පොත ලියූ බව අජන්ත සෙනෙවිරත්න පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

2025 වසරේ ප්‍රකාශිත කෘති අතරින් ප්‍රශස්තම බෞද්ධ නවකතාව ලෙස අජන්ත සෙනෙවිරත්න ලියූ “පරපුරක ජීවක” කෘතිය බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළේදී සම්මානයට පාත්‍ර වී තිබේ.

මෙය බුදුන් වහන්සේටත් වෙදකම් කළ ජීවක කෝමාරභච්ච වෙදැදුරුතුමා ප්‍රස්තුත කරගත් නවකතාවකි. ද්විභාෂා ලේඛනයේ යෙදෙන සම්මානිත ලේඛක අජන්ත සෙනෙවිරත්න විසින් මෙම පොත “Buddha’s Physician” නමින් ඉංග්‍රීසියෙන් ද ලියා පළ කොට තිබේ. මෙම පොත් දෙක “රුසිරු ප්‍රකාශකයෝ” විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

No photo description available.


ශාරීරික සුවය සහ අධ්‍යාත්මික පිබිදීම යා කළ පාලම


මහා ඉතිහාසයක් ඇති ආයුර්වේදය තුළ ජීවක කෝමාරභච්ච යනු යුග ගණනාවක් එකට යා කරන සවිමත් පුරුකකි. ජීවක චරිතය තුළින් විද්‍යමාන වන ආයුර්වේද වෙදකමේ මූලික සිද්ධාන්ත වර්තමානයට ගැළපීමට ඇති උවමනාවත්, ඔහු නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ලැබෙන පූජනීය බවත් නිසාම එතුමන් වටා මෙම පොත ලියූ බව අජන්ත සෙනෙවිරත්න පවසයි.

ජීවක යනු හුදෙක් වෛද්‍යවරයෙක් පමණක්ම නොවේ; ඔහු ශාරීරික සුවය සහ අධ්‍යාත්මික පිබිදීම එකට යා කළ පාලමකි. වර්තමාන සමාජය තුළ “ජීවක” වෙදැදුරෙක් සොයා කෙරෙන ගවේෂණයක් ලෙසින් මෙම නවකතාව දිග හැරේ.

No photo description available.


ලෝකයම වන්දනා කරන ‘වෛද්‍ය රජු’

සියවස් ගණනාවක් ගෙවී ගිය ද ජීවකගේ නම අද ද අප සිහිපත් කරනුයේ ආශ්චර්යවත් මිනිසෙකු ලෙසය. කටු චිකිත්සාව වැනි එකල ඉන්දියානුවන් නොදැන සිටි ප්‍රතිකාර ක්‍රම, වර්තමානයේදී සලකනුයේ මෙම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාගේ සොයා ගැනීමක් ලෙසිනි.  

තායිලන්තයේ සම්බාහන චිකිත්සකයෝ ජීවක කෝමාරභච්චයන් තායි සම්බාහනයේ පියා ලෙස සලකති. චීන ජාතිකයන් ඔහුව සලකනු ලබන්නේ සියලු පුරාණ වෛද්‍යවරුන් අතරින් ශ්‍රේෂ්ඨතමයා ලෙසය. සංස්කෘත සහ ටිබෙට් අනුවාදයන්ට අනුව, ජීවක විසින් සිදු කළ වෛද්‍ය ප්‍රාතිහාර්යයන් හේතුවෙන් ඔහුව "වෛද්‍ය රජු" ලෙස තුන් වතාවක් එවකට රාජසභාව විසින් පිළිගෙන නම් කර තිබේ. එබැවින්, "තෙවරක් ඔටුනු පැළඳි වෛද්‍යවරයා" ලෙස ද ඔහුව හැඳින්වේ.  


අජන්ත සෙනෙවිරත්නගේ සාහිත්‍ය චාරිකාව

අජන්ත සෙනෙවිරත්න ලියූ බොහෝ පොත් අතර ‘රාහුලයෙක් උපන්නා’, ‘පුත් පෙමෙන්’, ‘අරහත් තෙරණි කවිතා’, ‘සිත මනස සහ නොමියෙන මම’, ‘කෘත්‍රිම බුද්ධියෙන් නිවන් දැකීම’ ආදී බෞද්ධ සාහිත්‍ය කෘති පෙළක්ම තිබේ.

img-20261022-215301-mceclip0-FNCK2i.jpg

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...